( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවත් , වයිරසයෙන් මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වන රාවුෆ් හකීම් , රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් , ඉස්ලාම් හා කතෝලික බැතිමතුන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම ලබන සැප්තැම්බර් 9 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කළේය.
මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූ අතර එහිදී මෙම පෙත්සම් සළකා බැලීම එදිනට කල් තැබිණි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම් , සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුද්දීන් මහතා අබ්දුල්ලා මොහොමඞ් මහරූෆ් ,අමීර් අලි, ඒ.එම්. මහරූප්,හුසේනඅහමඞ් බහිලා යන මහත්වරුන් , කතෝලික හා මුස්ලිම් බැතුහතුන් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ,සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වශයෙන් නම් කරනු ලැබ සිටිති.
කෝවිඞ් වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අපේල මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති .
එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම් කරු කියයි .
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවූ ගැසට්ටුවේ පෙත්සම් කල්යයි
වීරවිජේ Monday, 13 July 2020 10:38 AM
අනේ මේ යන්න. ආණ්ඩුව කියන දෙයක් කරන්න.. ඉස්සෙල්ලා එහෙම නොවුනොත් යන අපාය ඔප්පු කරලා පෙන්නන්න. කරොත් යන ස්වර්ගේ සාක්කි සහිතව ඔප්පු කරලා පෙන්නන්න..
සමන්ත Monday, 13 July 2020 04:26 PM
මේ අයගේ අයිතිවාසිකම් නැතිවෙනවා නම් ඒ අයට එම අයිතිවාසිකම් දුන්නොත් බහුතරයකගේ ජීවත් වීමේ අයිතිය ගැන වග කියන්නේ කවුද?