IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොරෝනා සියයට 99ක් වනසන මුහුණු ආවරණයක්

(ඡායාරූප - අග්‍රාමාත්‍ය කාර්යාලය)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ්-19 ඇතුළු වයිරස විනාශ කරන නවතම මුහුණු ආවරණයක් හඳුන්වාදීම අද(25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

මෙහිදී අදහස් දැක්වූ පර්යේෂණ කණ්ඩායමේ  විශේෂ වෛද්‍ය චමින්ද හේරත් මහතා ප්‍රකාශකර සිටියේ මෙම මුහුණු ආවරණය දැනට භාවිතාවන කේ.එන් 95 මුහුණු ආවරණයට  වඩා ඉහළ සුරක්ෂිත බවකින් යුතු බව පර්යේෂණාත්මකව සනාථ වී ඇති බවයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨ‍යේ සිදු කරන ලද පර්යේෂණවලට අනුව මෙම මුහුණු ආවරණයේ රැදෙන වයිරස 99%ක් විනාශ වන බව තහවුරුවී ඇති බවද ඒමහතා පැවසීය. සාමාන්‍ය මුහුණු ආවරණයක රැදෙන වයිරස දින 7ක් පමණ පැවතුණද මෙම මුහුණු ආවරණය මගින් ඒවා ඉතා කෙටි කලක් තුළ විනාශයට පත් කිරීම සුවිශේෂි කරුණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
 
මේවන විට ලොව භාවිතා වන සියලු මුහුණු ආවරණවලට වඩා ඉතා ඉහළ තාක්ෂණයකින් යුතු මෙම මුහුණු ආවරණය ස්ථර තුනකින් නිර්මාණය කර ඇති බව මේ පිළිබද පර්යේෂණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා මෙය අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වමින් පැවසීය.

එම මුඛ ආවරණයේ පළමු ස්ථරයෙන් කෙළ බිඳිති වැනි ද්‍රවමය දෑ ක්ෂණිකව ඉවත්කිරීම සිදුවන බවත් දෙවැනි ස්ථරයේ ඇති විශේෂිත රසායනික ද්‍රව්‍යක් මගින් යම් ආකාරයකින් හෝ පැමිණෙන වයිරස විනාශ කරන බවත් තෙවැනි ස්ථරයෙන් පැමිණෙන කෙළ බිදිති වැනි දේ වාෂ්පකිරීම සිදුකරන බවත් මහාචාර්යවරයා පැවසීය.
 
එසේම 25 වතාවක් මෙම මුහුණු ආවරණය නැවත නැවත සෝදා භාවිතා කළ හැකිවීමද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.
 
මෙම නවීන තාක්ෂණයෙන් යුතු මුහුණු ආවරණය මේවන විට වෙළද කටයුතු  අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් දේශීය වෙළදපොළ සදහා නිෂ්පාදනය කිරීම සිදු කරන බවත් ඉදිරියේදී අපනයනය කිරීමට කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය.
 
මෙහිදී අදහස් දැක්වූ වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  අපනයන මට්ටමේ මෙවැනි දියුණු නිෂ්පාදනයක් හඳුන්වාදීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණක් බවයි.අමාත්‍යවරු,රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

 

 



අදහස් (9)

කොරෝනා සියයට 99ක් වනසන මුහුණු ආවරණයක්

විපරමා Thursday, 25 February 2021 11:57 AM

නියම සුදුස්සාට මුලින්ම දීලා තියෙන්නේ. දියවන්නාවේ ඉන්න අනික් දේශපාලුවන්ටත් දෙන්න ඕනෑ. ජනතාවට සේවය කරන්න ඉන්න අයනේ...

:       0       0

thissa Thursday, 25 February 2021 11:59 AM

මගේ මව්බිමට ජයවේවා...!!! මොනවා සොයාගත්තත් එතැනින් නවතිනවා... ඒකයි දුක...

:       0       0

Sumal Thursday, 25 February 2021 12:27 PM

බලාපල්ලා... ඒකත් කරල තියෙන්නේ රාජපක්ෂ කෙනෙක්....

:       0       0

Demuni Uduwara Thursday, 25 February 2021 12:49 PM

මේ ගැන අපි ඇත්තටම ආඩම්බර වෙනවා..

:       0       0

නිමල් Thursday, 25 February 2021 02:00 PM

2020 මැද භාගයේදී මතුවුණු සමහර කොරෝනා වයිරස් ප්‍රභේද (variants) පෙර පැවති වෛරස් ප්‍රභේද වලට වඩා ප්‍රමුඛ වෙලා (dominant strain). ඒවා වඩා පහසුවෙන් පැතිරීම පමණක් නොව, COVID-19 එන්නත් හෝ පූර්ව ආසාදන මගින් ශරීරයේ ජනනය වන ප්‍රතිදේහ මගහැරීමට හැකි අතර එය වඩාත් දරුණු රෝගාබාධ හා මරණවලට සම්බන්ධ බව පර්යේෂකයෝ සොයා ගෙන තියනවා. ප්‍රශ්නය වන්නේ 2022 දී සහ ඉන් ඔබ්බටත් වෙස්මුහුණු පැළඳීමට අප සූදානම්ද නැද්ද යන්නයි. මෙම වෛරසයට වෙනස් වෙන්න මිනිස් සිරුරක් අත්‍යාවශ්‍යයි. නැත්නම් වෛරසය නැතිවෙලා යනවා. ඒ නිසා, ඔබේ ශරීරයට වෛරස් ඇතුළු වීම වැළැක්වීමට හැකි සෑම දෙයක්ම කරන්න. අපි සෑම කෙනෙකුම අපගේ වගකීම ඉටු කරන්නේ නම් වෛරසය නැති කරන්න පුළුවන්. ඒ සඳහා ලබාගත හැකි විට එන්නත ලබාගන්න. ඒ අතර අනවශ්‍ය ගමන් සහ රැස්වීම් වලින් වළකින්න. අපට ප්‍රජා ප්‍රතිශක්තිය ලැබෙන තුරු... මුහුණු ආවරණ දෙකක් පළඳින්න. මුහුණු ආවරණ වලට ලුණු ද්‍රාවණ ඉසින්න. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. මිථ්‍යාවට අහුවෙන්න එපා.

:       0       0

Aruna Paul Thursday, 25 February 2021 02:37 PM

සුබ පැතුම්... මේක සුවිසල් දායකත්වයක්...

:       0       0

Sunil.Milano Thursday, 25 February 2021 03:05 PM

මේ නව නිපැයුමට අපගේ උත්තමාචාරය..!!! 

:       0       0

Kasun Friday, 26 February 2021 03:20 AM

කේ.එන් 95 මුහුණු ආවරණය නෙමෙයි... n95 තමයි හොඳම මුහුණු ආවරණය... හදන්නේ ඇමෙරිකාවේ 3M ආයතනය..

:       0       0

Ranjan Friday, 26 February 2021 11:05 AM

මේ කියන විදිහට සේදුවාම අර යොදා තිබෙන කෙමිකල් එක රැදී තිබෙනවාද? 25 වතාවක් සෝදන්න පුළුවන් කියන්නේ මැද තිබෙන ෆිල්ටර් වගේ තුනී රෙද්දට මොකුත් වෙන්නේ නැද්ද? කිසිවෙක් මේ ගැන අහන්නේ නැත්තේ හේතුව... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1260 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3019 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1211 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 208 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 998 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 449 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 279 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site