(එම් .සුසිල් ප්‍රියන්ත)
දැනට උද්ගතවී තිබෙන කොරෝනා උවඳුර සිය බල ප්‍රදේශයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමේ අරමුණින් රුපියල් ලක්ෂ 50ක් වෙන්කළ බව බලපිටිය ප්‍රාදේශීය සභාපති එන් .සමන් ද සිල්වා මහතා අද (25) පැවසීය .
සිය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මහවැලි මහතා සභාවෙන් කරන ලද ඉල්ලීමක් සලකා බලා මේ පියවර ගත් බවද සමන් මහතා කීවේය.
මේ මුදල වෙන් කිරීමට සිය සභාවේ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හා සහයෝගය ඒ සඳහා නොඅඩුව ලැබුණු බවද ඒ මහතා කීවේය.
වෙන් කෙරුණු මේ මුදලින් කොරෝනා රෝග උවදුර පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම අඩු ආදායම්ලාභී පවුල්වල අය භාණ්ඩ මිලදී ගැනීමට ඒක රාශීවීම වැළැක්වීමට වැඩපිළිවෙළක් සැකසීම පවතින වියළි කාලගුණය නිසා උග්‍ර ජල හිගය තියෙන ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු කිරීම වැනි කාර්යයන් ඉටුකරන බවද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොරෝනා මඬින්න බලපිටිය ප්‍රා.සභාවෙන් ලක්ෂ 50 ක්
rana Wednesday, 25 March 2020 04:31 AM
අඩු ආදායම්ලාභී පවුල්වල අය භාණ්ඩ මිලදී ගැනීමට ඒකරාශී වීම වැළැක්වීමට වැඩපිළිවෙළක් සැකසීම පවතින වියළි කාලගුණය නිසා උග්‍ර ජල හිගය තියෙන ප්‍රදේශවලට ජලය බවුසර් මගින් බෙදාහැරීමට කටයුතු කිරීම වැනි කාර්යයන් කාලීන අවශ්‍යතා ලෙස තේරුම්ගත් මිනිසෙක් ඔබ. ඔබට මල් මිටක් !