IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොරෝනා පාලනයට ලැබුණු ආධාර ගැන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට

(ඩයනා උදයංගනී)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක කාලයේදී රටට ලැබුණු සියලු ණය හා ආධාර පිළිබඳ සියලු විස්තර ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මේ ආකාරයට මාර්තු, අප්‍රේල්, මැයි මාසවල විදේශීය රටවල්,  රාජ්‍ය , ආයතන, පුද්ගලයින්ගෙන් ලැබුණු මූල්‍ය ආධාර, රාජ්‍ය ණය, ප්‍රදාන, උපකරණ ණය, සෞඛ්‍ය සේවා සැපයුම් යනාදිය පිළිබඳ සියලු විස්තර එහි ඇතුළත්ව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී එම වාර්තාව ද මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කරමිනි.

එය මාධ්‍ය වෙත ලබාදීමට තමන් බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය, රතු කුරුස සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධාන ඇතුළු වෙනත් සංවිධානවලින් මෙන්ම මහජන චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, මැලේෂියාව වැනි රටවලින් ලැබුණු ද්‍රව්‍ය හා මූල්‍ය ආධාරත් එහි ඇතුළත් බව කී අමාත්‍යවරයා විපක්‍ෂය කියන අයුරින් උතුරා යන ආධාර ප්‍රමාණයක් රටට ලැබී නැතැයි ද ප්‍රකාශ කළේය.

ලෝක බැංකුවෙන් ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 128 ක් පමණක් බව ද අමාත්‍යවරයා කීවේය.

මෙයින් එක් ඩොලරයක් හෝ ගසාකෑමේ අවශ්‍යතාවක් රජයට නැති බව කී ඇමැතිවරයා රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය මූල්‍ය විනිවිද පෙනෙන ආකාරයෙන් හැසිරවීම බව ද ප්‍රකාශ කළේය.

වගකිව යුතු රජයක් ලෙස එම ආධාර යොදවන්නේ ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් පමණක් බව ද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 



අදහස් (12)

කොරෝනා පාලනයට ලැබුණු ආධාර ගැන සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට

chutta Friday, 29 May 2020 01:57 PM

මෙයින් එක් ඩොලරයක් හෝ ගසාකෑමේ අවශ්‍යතාවක් රජයට නැති බව කී ඇමැතිවරයා" ඔන්න බලළා මල්ලෙන් පැන්නා. ඔබතුමා කීයකට කෙලියද...?

:       127       2023

විපරමා Friday, 29 May 2020 02:31 PM

මෙයාලගේ වාර්තා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.අතීතයේ කරපු දේවල් අපිට හොදට මතකයි.

:       18       1863

Jph Friday, 29 May 2020 02:45 PM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු. ඇත්තම කියයි. විරුද්ධව ප්‍රශ්න අහන්න කව්රුත් නෑනේ. මොකට කියනවද ?

:       22       1064

karuFriday, 29 May 2020 05:58 PM

ඔව් රනිල්, රවී, අකිල විරාජ් තුන්දෙනත් පොහොට්ටුවට ගියානේ....

:       0       0

Prasad Friday, 29 May 2020 03:12 PM

අපි නොදන්න මොනරතැන්න...

:       0       0

Don Friday, 29 May 2020 04:17 PM

හොරාගේ අම්මට යතුරු දීලා...

:       0       0

sadis Saturday, 30 May 2020 01:12 AM

හොරු 40 විස්තරය අලි බබාට..!

:       0       0

saman Saturday, 30 May 2020 05:22 AM

හොරු කවද්ද ඇත්ත කිව්වේ...?

:       0       0

sena Saturday, 30 May 2020 06:07 AM

ලැබිච්ච ආධාර ප්‍රමාණයට වඩා ඒවා වියදම් කලේ කොහොමද? කාගේ බැංකු ගිණුම් වලටද ගියේ කියන එකයි අපිට වැදගත්...

:       0       0

Saththaya Saturday, 30 May 2020 06:45 AM

මේ මුදල් වහාම කොරෝනාර් කියලා කොම්පැනියක් හදලා බාර දුන්නානම් අති විශිෂ්ටයි.

:       0       0

Deepal, Nirosh Saturday, 30 May 2020 10:17 AM

ඔය කයිවාරු වැඩක් නැහැ. ඔය කියන වාර්තාව මීළඟට පත්වෙන නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අන්න ඒකයි නියම විනිවිද භාවය.

:       0       0

Nandalal DE SILVA - France Saturday, 30 May 2020 04:28 PM

වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව මළගෙයක් බවට පත්කළ සුනාමි ව්‍යවසනය වෙනුවෙන් ලෝකප්‍රජාව දැවැන්ත ආධාර ප්‍රදානය කළ බව මුළුරටම දන්නා කරුණකි. මමත් එයට මගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වුනෙමි. නමුත් ඒවා අවශ්‍ය අයට සොච්චමක් දී වැඩිහරියක් ලොක්කන්ගේ මෙන්ම ඔවුන්ගේ නෑදෑයින්ගේ බැංකු ගිණුම්වලට බැරවූ බව තවමත් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ නිසා වෙන්න ඇති ආචාර්ය වරයා "ගඟ හත් ගව්වක් තියා අමුඩේ ගහන්න" වලිකන්නේ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 10 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 33 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 92 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 405 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 173 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 109 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site