IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොරෝනා දෙවැනි රැල්ල‍ක අවදානමෙන් මිදීමට පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ යුතුයි

(ඩයනා උදයංගනී)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් පොකුරත් සමඟ රට තුළ කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ලක් මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් දිනකට සිදුකරන පී.සී.ආර් පරීක්‍ෂණ ප්‍රමාණය වහා ඉහළ නැංවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දෙවැනි රැල්ලක් පැමිණීම වළක්වා ගැනීමට නම් මසකට පී.සී.ආර් පරීක්‍ෂණ 68,000ක් එනම් දිනකට 2,500ක් පමණ කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද විද්‍යාඥයින් පවසා තිබියදීත් පසුගිය මාස දෙකක කාලයේදී දිනකට සිදුකර ඇත්තේ පරීක්‍ෂණ 500ත් 1,600ත් අතර ප්‍රමාණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

සමාජය තුළ කොරෝනා වයිරසය ඇත්දැයි හඳුනාගත හැක්කේ විද්‍යාත්මක ක්‍රමයකට අහඹු නියඳි තෝරාගෙන පී.සී.ආර් පරීක්‍ෂණ කිරීමෙන් පමණක් බැවින් දිනකට එම පරීක්‍ෂණ 2,500ක්, 5,000ක් වැනි ප්‍රමාණයක් කළ යුතුව තිබෙන බව ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ලේකම්වරයා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වයිරසය වැළඳීමේ දැඩි අවදානමක් ඇති අය ලෙස හඳුනාගෙන ඇති අය මෙන්ම රෝහල්වල බාහිර රෝගී අංශවලට එන උණ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්‍ෂණ ඇති අය, සාමාන්‍ය නිරෝගී ජනතාව, රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ අය හා ඔවුන්ගේ ස්පර්ශකයින් අතරින් අහඹු නියඳි තෝරාගෙන පරීක්‍ෂා කළ යුතු බව ද ලේකම්වරයා කීවේය.

පරීක්‍ෂණවලින් වයිරස ආසාදිතයින් නොවන අයත් නැවත නැවත පරීක්‍ෂා කළ යුතු බව කී සෙනාල් ප්‍රනාන්දු මහතා එසේ සිදුකළේ නම් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ආසාදිතයින් සංඛ්‍යාව මෙතරම් ඉහළ නොයාමට ඉඩ තිබූ බව ද පැවසීය.

මීට පෙර දිනපතා රැස්වූ වසංගතවේද විද්‍යාඥයින්, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කොවිඞ් 19 පාලනය කිරීමේ තාක්‍ෂණ කමිටුව මේ වන විට මසකට වඩා කාලයකින් රැස්වී නැතැයි කී ලේකම්වරයා එය ඉතා බරපතල තත්ත්වයක් බවත්, එය නැවත කැඳවමින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

 



අදහස් (10)

කොරෝනා දෙවැනි රැල්ල‍ක අවදානමෙන් මිදීමට පී.සී.ආර් පරීක්ෂණ වැඩිකළ යුතුයි

WCA Friday, 10 July 2020 02:26 PM

කියන කතාව ඇත්ත. එ්ත් පරීක්ෂණ වැඩිකරනවට වැඩිය උනන්දුව තියෙන්නේ පරීක්ෂණ කරන එක පුද්ගලික අංශයට දීමටයි..

:       564       42

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 03:28 PM

අප මේ නොදන්නා කමටයි අහන්නේ.. මේ තරම් දැනුමක් තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය ආණ්ඩුව කාලේ වැඩවර්ජන කෙරුවේ, රෝගීන්ව බිල්ලට දීලා කටයුතු කළේ, ඔය කියන විද්‍යාත්මක ක්‍රමයට වෙන්න ඇති නේද...?

:       125       1337

ranjith Saturday, 11 July 2020 12:10 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ තනතුරුවලට මෙරට වෛද්‍ය විද්‍යාලවලින් උපාධි ගත්තු දක්ෂයෝ පත්කරන්න. නැතිනම් මේ හැම වැඩක්මමන්දගාමීව වෙන්නේ.

:       0       0

anura Saturday, 11 July 2020 02:58 AM

PCR පරීක්ෂණ වැඩි කළ පලියට ඔය වසංගතය මැඩ පැවැත්වීමට නොහැක. එසේ නැතිනම් ලංකාව පුරා සිටින සියල්ලන්ගේම ඔය පරීක්ෂණය සතියකට වරක් පැවැත්විය යුතු වේ. හේතුව ඔය පරීක්ෂණයෙන් පසුවත් පුද්ගලයෙකුට රෝගය වැළඳීමට ඉඩක් තිබීමයි. කළ යුත්තේ ඉලක්කගත පුද්ගලයන් සහ අහඹු සාම්පල පරීක්ෂා කිරීමයි. ඒක දැනටමත් කෙරෙමින් පවතිනවා. තමන් තවම ඉන්න බව අඟවන්නට බොරුවට කෑ නොගහ ඉන්නවා නම් තමන්ගේ අණුවනකම් සඟවා තියාගන්න පුළුවන්. ඔය පිරිසම PCR පරීක්ෂණය වෙනුවට වෙනත් පරීක්ෂණයක් තිබෙනවා යයි බෙරිහන් දුන්නා. ඒක අසාර්ථක නිසා කවුරුත් කරන්නේ PCR පරීක්ෂණයයි. ඒ උපදෙස පිළිපැද්දා නම් දැන් ලංකාව හොඳ අමාරුවක වැටෙන්න ඉඩ තිබ්බා...

:       0       0

Nimal Saturday, 11 July 2020 07:24 AM

සමිත සේනක මහතා වෙත, වෛද්‍ය වැඩ වර්ජන කියලා මම දන්න විදිහට නම් නවත්වන්නේ ක්ලිනික්, සාමාන්‍ය ශල්‍යකර්ම වගේ හදිසි නොවන රෝගීන් බැලීම පමණයි. ළමා වාට්ටු, මාතෘ වාට්ටු, පිළිකා වාට්ටු ඇතුළු සියලුම වාට්ටුවල රාජකාරි, හදිසි ප්‍රතිකාර වෙනදා මෙන් කිසි අඩුපාඩුවක් නැතිව සිදුවේ. වෛද්‍යවරු එකපාරටම වර්ජන කළේ නැහැ. සාකච්ඡා කරලත් විසඳුම් නැතිවිට අවසාන ‍දේ ලෙස තමයි එහෙම කළේ... අනික දවසකට වඩා එහෙම වර්ජනය කරලා නැහැ වෛද්‍යවරු. ඔබ දන්නේ නැති නිසා කියන්නේ... කොරෝනා කාලෙදීත් රජයේ රෝහල්වල ක්ලිනික් තිබ්බේ නැහැ මාස ගාණක්... හදිසි ශල්‍යකර්ම කළේ නැහැ. එහෙම කියලා රෝගීන් මැරුණාද? ඔබලා ගෙදරටම වෙලා කකා බිබී ඉඳිද්දී වෛද්‍යවරු ජීවිත අවදානමක් අරන් රෝහල්වලට ගිහින් වැඩකළා.. ඔබ මුලින් කිව්ව දේ නම් ඇත්ත තමයි. ඔබ නොදන්නා කමට තමයි අහලා තියෙන්නේ...

:       445       108

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 11 July 2020 10:45 AM

නිමල් මහතාට ඇත්ත කියවෙන විට හොඳටම හිත රිදිලා වගේ.. ඔබතුමා නොදන්නවාට බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කොතනද කියලා තිබෙන්නේ වෛද්‍යවරුන්ට වර්ජන කරන්න කියලා. ඒක නොදන්න ඔබතුමා කියනවා අප කකා බිබී ගෙදරට වෙලා ඉන්නවා කියා. කකා බිබී ඉන්න ඉන්න එක ඕනෑම සත්වයෙකුට පොදු දෙයක්. වෛද්‍යවරුන් කකා බිබී තමයි ඉන්නේ. වෛද්‍යවරයා සේවයක් කරන එක ඇත්ත.. එහෙත් පිනට වැඩ කරනවා නොවෙයි. වෘත්තියට අදාළ පඩි නඩි ඇතුළු සියලු වරප්‍රසාද ලැබෙනවා. අප ඒවා ගැන දන්නවා. ඒත් ලෝකේ කොහෙද මේ වෛද්‍ය සංගමය වගේ ස්ට්‍රයික් කරන්නේ. ඔබතුමා දන්නවද දන්නේ නැහැ දෙනියාය පැත්තේ ගංවතුර කාලේ ඉන්දියාවෙන් ආපු වෛද්‍යවරුන් ලෙඩා සමග ට්‍රොලියත් තල්ලු කරගෙන ගියා.. වයසක අම්මලා ඒ මහත්තරුන්ට වැන්දා.. එහෙමයි දොස්තර මහත්වරු සිටීමට අවශ්‍ය.. ඔය සංගමය නම් ඉල්ලීම් නොදුන්නොත් වර්ජනය කරාවි. වෛද්‍යවරයා කියන්නේ දෙවි කෙනෙක්.. එසේනම් ලෙඩුන් බිල්ලට දීලා ඒ දෙවිවරුන් වර්ජන කරන එක නිවැරදිද? අප අඩුපාඩු කීවේ දෙවිවරුන්වන් හොඳ වයිද්‍යවරුන්ට නොවේ.වර්ජන කොට වෛද්‍ය ආචාර ධර්මයන්ට එරෙහිව කටයුතු කරන ඇතැම් කොන්දොස්තර වන් අයට පමණි. ඔබතුමා තොප්පිය දමා ගත්තාට කරන්නට දෙයක් නැත.

:       0       0

සෙනෙවිරත්න Saturday, 11 July 2020 01:41 PM

එතකොට ඒ කාලේ මාධ්‍ය මිනිස්සු ලව්වා රජයට බැනපුවා පෙන්නුවේ වෛද්‍ය සංගමය වෙනුවෙන්ද..?

:       0       134

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 11 July 2020 05:42 PM

නිමල් මහතා, ඔයතරම් දිගු පිළිතුරක් බලාපොරොත්තු වුණේ නැහැ. දිගු පිළිතුරක් අවශ්‍යත් නැහැ. ඇසුවේ.. වැඩ වර්ජන කළේ විද්‍යාත්මක ක්‍රමයටද කියලා පමණයි.

:       0       0

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 12 July 2020 04:18 AM

නිමල් මහතා අදහස් දක්වා ඇත්තේ, යන්නේ කොහෙද ඇහුවම මල්ලෙ පොල් කියන්නා වගෙයි.. ඔහුගේ අදහස් වලින් දෙවිවරුන් වන් වෛද්‍යවරුන්ගේ සිත් නොමග යෑම සිදු විය හැකියි.. මා අදහස් කලේ එය නොවේ. මා කීවේ වෛද්‍යවරුන් බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා අනුව යා යුතු බවයි. එසේ නැතිව වෛද්‍යවරුන්ට දොස් නැගීම නොවේ. අදහස වෙන පැත්තකට ගෙනගොස් කොරෝනා සම්බන්ධ වෛද්‍යවරුන් කළ සේවය මා නොදන්නා මෙන් හඟවා ඇත. 'ගෙදරට වී කකා බිබී ඉන්නවා' යන බොළඳ වදන් යොදා ඔබ පොඩි ළමයෙකු සේ පාඨකයාගේ අවධානය ලබා ගැනීමට උත්සාහ කොට ඇත. දෙවිවරුන්වන් වෛද්‍යවරුන් වර්ජන කිරීම එතුමන්ලාගේ ගෞරවයට හානියකි. මා පෙන්වා ඇත්තේ එයයි. එය හෝ නොදන්නා ඔබ, මා කිසිවක් නොදන්නා අයකු සේ පෙන්වා ඇත. එය ඔබගේ පහත් මානසික මට්ටමයි. වෛද්‍යවරුන් අපේය. ඔවුන් ආරක්ෂා කර ගැනීම අපගේද වගකීමක්. මෙය නොතේරෙන ඔබ බාල බොළඳ ලෙස හැසිරී ඇත. ජනසංනිවේදන ක්ෂේත්‍රයේ හොඳහැටි තෙම්පරාදු වී සිටින අප ඔය වැනි බාල බොළඳ කතා නිසා කම්පා වෙන්නේ නැත. මේවා කියවන බුද්ධිමත් පාඨකයාද ඔබ අනුමත නොකරනු ඇත. කරුණාකර අනුන් කපාගෙන නොගොස් තමන්ගේ අදහස වෙනම ඉදිරිපත් කරන්න..

:       0       0

sena Saturday, 11 July 2020 11:58 AM

එහෙමනම් මෙයාලා කරලා තියෙන්නේ පරීක්ෂණ නොකර කොවිඩ් නැහැ කීමයි. ලිපිය බලනකොට ජාතික ආරක්ෂාව ගැන සිරාගේ වැඩ මතක් වුණා. මේ අවස්ථාවේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියන දේ කිරීම සඳහා රජයට මග නොහැරිය හැකි යුතුකමක් සහ වගකීමක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 107 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1029 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 129 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site