නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ වැසියන්ට නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරන්නැයි ද නගර බලධාරීහු නියෝග කර ඇත.
ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩුවීමත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමටත් හැකි වූ බව සඳහන් කරමින් එම නගරයට සහ එම නගරය අයත් හුබෙයි පළාතට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීන බලධාරීහු මීට දින කිහිපයකට පෙර පියවර ගත්හ.
කෙසේ නමුත් හුබෙයි පළාතට සහ වූහාන් නගරයට පැමිණෙන සංචාරකයන්ගෙන් වයිරසය ව්‍යාප්ත වීමේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ඇති වී ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවති. එබැවින් නිවෙස්වලට වී සිටින්නැයි ද ආරක්ෂිත ක්‍රියාමාර්ග ශක්තිමත් කරමින් විමසිල්ලෙන් සිටින්නැයි ද චීන බලධාරීහු වූහාන් නගර වැසියන්ට නියෝග කර ඇත.
වයිරසයේ ව්‍යාප්තියත් සමඟ වූහාන් නගරය මාස දෙකකට කාලයක් සම්පූර්ණයෙන් වසා දැමීමටත් හුබෙයි පළාතට දැඩි සීමා පැනවීමටත් චීන බලධාරීහු පියවර ගත්හ. සිකුරාදා දිනයේදී වූහාන් නගරයෙන් නව ආසාදිතයන් 31 දෙනකු සොයාගත් අතර ඉන් 29 දෙනකුම පිටතින් පැමිණි අය බව චීන බලධාරීහු කීහ. වයිරසය හේතුවෙන් සිකුරාදා දිනයේදී පමණක් වූහාන් නගරයෙන් 4 දෙනකු සොයාගත් බව ද ඔවුහු කීහ.
රොයිටර්/ ද ගාඩියන්
055
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා දෙවැනි රැල්ලෙන් පරෙස්සම් වෙන්න’යි වූහාන් වැසියන්ට අවවාද