IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොරෝනා ආසාදිත රෝගීන් ගණන 824 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 824 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 19 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 27 කි.


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 823 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වී ඇත.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 26 කි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 583 ක් වේ. 

මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 232 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (17)

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 824 දක්වා ඉහළට

Binkunndaa Thursday, 07 May 2020 07:23 PM

මේ බුදුන්ගේ දේශයයි කීවානේ, කොහොමද මෙහාට කොරෝනා ආවේ?

:       2672       3007

RamithaThursday, 07 May 2020 07:45 PM

ළමා කාලයේදී මොලේ වර්ධනය වෙලා නැති කේස් එකක්..

:       2026       1809

wcaThursday, 07 May 2020 07:50 PM

තව දහම හොදට කියවන්න...

:       508       475

dumindaFriday, 08 May 2020 01:14 AM

බුදුහාමුදුරුවෝ තුන්පාරක් ආවම බුදුන්ගේ දේශය වුණානම් බුදුහාමුදුරුවෝ ඉපදිලා හිටිය ඉන්දියාවට මොකක්ද කියන්නේ?

:       0       0

සමන් Thursday, 07 May 2020 11:54 PM

වැඩිපුර ටෙස්ට් කරන්න... එතකොට බලාගන්න පුළුවන් නියම තත්වය.

:       0       0

Perera Friday, 08 May 2020 12:35 AM

කොරෝනා ආසාධිතයින් දවසින් දවස වැඩි වෙනවා කියලා ඡන්දෙ තියන්න කිසිම බාධාවක් නෙවෙයි කියලා අපේ රජය කියනවා...

:       0       0

JP Friday, 08 May 2020 01:34 AM

මොකද දැං මේ රෑ 1.00ට මේ කොරෝනා අලුත් රෝගීන් ගණන නිකුත් කරන්නේ. කාටද මේක හංගන්න හදන්නේ...? අපිට සැකයක් තියෙනවා මේ ඇත්තම ගණනද කියලා...?

:       0       0

ara Friday, 08 May 2020 01:57 AM

බුදුන්ගේ දේශය වුණාට දහම පිළිනොපදිනතාක් එහි පිහිටක් නැහැ. බුදුදහම ආශ්චර්යන් පාන එකක් නොවේ. දහමට අනුව හැසිරෙන පුද්ගලයාට සහ සමාජයට යහපතක් වෙනවා. එහෙම නැතිව බොරුවට බෞද්ධ කීවාට වැඩක් නැහැ. බොරුවට පුද පූජා තිබ්බාට වැඩක් වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් වුණත් ස්වභාව ධර්මය ඉක්මවා යන්න බැහැ. නියාම ධර්ම ගැන බුදුන් කළ දේශනා අමතක කරලා. බුදුන්ගේ දේශය කියලා පාරිසරික බලපෑම්වල අමුතු දෙයක් වෙයි කියලා හිතන එක අනවබෝධය නිසා ඇතිවුණ මෝඩ සිතුවිල්ලක්...

:       0       0

Jaya Friday, 08 May 2020 02:25 AM

වැඩිය කලබල වෙන්න එපා. බිංකුණ්ඩා කියන්නේ සතෙක්... මනුෂ්‍යෙයක් නොවෙයි..

:       0       0

Anura Friday, 08 May 2020 04:11 AM

දවසට 30 ගාණේ ආසාධිතයෝ හමුවෙද්දී කොරෝනා පාලනය කළා කියලා කියන එකම රට...

:       0       0

de silva berlin Friday, 08 May 2020 05:33 AM

දැන් මාස 2 කට කිට්ටු වෙන්න ඇදිරි නිතිය දමලා රට වහල තිබුනා. රෝගියෝ 800 කට වැඩියෙන් සොයාගෙන තිබෙනවා. 500 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඇදිරිනීතිය දමලා මේ ප්‍රශ්නේ නිට්ටාවටම සුවකරන්න බැරි බව දැන් ඔප්පු වෙලා තිබෙනවා. දැන් කරන්න තිබෙන්නේ ජර්මනිය වැනි රටවල් කරන ආකාරයට ජනතාව අතර දුරස්ථ භාවය පවත්වාගනිමින් ආරක්ෂක ක්‍රම අනුගමනය කරනමින් සෞඛ්‍ය සේවය කර්යක්ෂමකොට පල්ලි , පන්සල් , සංගීත සංදර්ශන , මහාපරිමාණ ටියුෂන් ක්ලාස් සහ චන්ද වැනි දේවල් නොපවත්වමින් , රට ක්‍රම ක්‍රමයෙන් විවෘත කිරීමය. මේ හැර වෙන විකල්පයක් නොමැත. නැතිනම් රටේ ආර්ථිකය විශාල ලෙස කඩාවැටීම නොවැලක්විය හැක. එමගින් දරිද්‍රතාවය විශාල ලෙස ඉහළ යන්න පුළුවන්. මනුස්සයන් අතර මානසික ආතතිය වැඩි වෙලා ප්‍රශ්න උග්‍ර වෙලා ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වෙන්න පුළුවන්. මේ අවස්ථාවේ එවැනි තීරණයක් නොගෙන දිගටම රට වසා දැමීමෙන් වෙන්නේ මහදැනමුත්ට වුන එකය. එළුවාත් මුට්ටියත් දෙකම නැති වෙන එකය.

:       320       188

Anton AustriaFriday, 08 May 2020 10:40 AM

ඩී සිල්වා ඔයාගේ මොලෙන් බර්ලින් වලට හොදයි. ලංකාව කරපු දේ හරි ඔබලා හදන්නේ ලංකාවත් යුරෝපයේ තත්වයට පත්කරන්න...

:       26       111

සනත් ඉතාලිය Friday, 08 May 2020 11:20 AM

මුල ඉඳලම කිව්වේ ඕකනේ.. දෙන උපදෙස් පිළිපදින්න කියලා කොහෙද අපේ මිනිස්සු අහනවද? රට ක්‍රමක්‍රමයෙන් අරින්න හදනකොට කෑගහනවා ඡන්දය තියන්න හදිස්සියට කියලා මේ යුරෝපෙ කෙරුවේ රෝගෙ භයානක කම මිනිස්සුන්ට තේරෙන තුරු රට වහලා රෝගය පාලනය කළා. නමුත් වයිරසය තවමත් හොල්මන් කරනවා. මිනිස්සුන්ව වයිරසය එක්ක ආරක්ෂාකාරීව ජීවත්වෙන්න පෙලඹෙව්වා. දැන් කොරෝනාත් තියනවා...

:       0       0

de silva Friday, 08 May 2020 09:52 AM

කොරෝන සමග සටන්කර ජිවිත විනාශය අවම කරගනිමින් ආර්ථිකයට රටත් බෙරගන්න ඕනේ නම් මෙම කරුණු ගැනත් බලධාරීන් අවධානය යොමු කලයුතුය. දවස් කිහිපයක් එක දිගට ඇදිරිනීතිය දමල එක දවසක් කඩ විවෘත කරහම ඔක්කොම එක දවසේ බඩු ගන්න පොරකමින් කඩ වල පෝලිමේ ඉන්න කොට කොරෝන බෝ වීම සීග්‍රයෙන් සිදු විය හැක. නිරෝධන මධ්‍යස්ථානවල නිරෝධනය වන පිරිස් සහ හමුදා බැරැක්කවල සිටින සොල්දාදුවන් තට්ටු ඇදන් වල එක ශාලාවේ 30-40 එකවර නිදාගැනීමට සැලැස්වීමෙන් කොරෝන පැතිරීම වැඩිවේ. කොරෝන රාජකාරි වල යෙදෙන ත්‍රිවිද හමුදා, සෞඛ්‍යය කාර්යමණ්ඩලවල , සුපර්මාකට්, කඩවල වල සේවය කරන සේවකයන්, බස් කොන්දොස්තරවරුන් අවම වශයෙන් සතියකට වරක්වත් කොරෝන පරීක්ෂණ සදහා යොමු කලයුතුය...

:       20       21

ranaFriday, 08 May 2020 10:53 AM

සිල්වෝ මක්කද මේ දුරස්ථව දේශනා? ඕවා අපිත් දන්නවා, මෙහෙට විත් ජනාධිපති උපදේශකයෙකු වෙන්නකෝ.. එතකොට අපිටත් ඔබේ වර්ණ සහ හැඩය බලාගන්න පුළුවන් නේද?

:       0       0

ගොබ්බසේන Friday, 08 May 2020 10:30 AM

විද්වත් මණ්ඩලයක් ඉන්න නිසා අපේ අදහස් එයාලට වැදගත් වෙන එකක් නැහැ.

:       66       77

de silva berlin Friday, 08 May 2020 12:37 PM

ඇන්ටන් මහත්මයා කඩේක මියෝ සිටියා කියලා කඩේ මාසයක් දෙකක් වසා තැබීමෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත... ඉස්සෙල්ලා කඩේ දවසක් දෙකක් වහලා පිරිසිදු කරලා මීකුඩු විනාශ කරලා..., කඩේ නැවත විවෘත්ත කළ යුතුයි.. ඉන්පසු කඩේ රාත්‍රියට මී උගුල් ඇටවීම් හෝ මි පාසානම් දැමීම වැනි, විෂය ගැන දන්නා කෙනෙකුගෙන් උපදෙස් අරන් මියෝ මර්ධනයට කටයුතු කළයුතුයි. රටත් ඒවගේ කොරෝනා පැතිරෙනවා කියලා ඇඳිරි නීතිය දමලා මිනිස්සු ගෙවල්වල සිරකරගෙන රට සම්පූර්ණයෙන් වසාගෙන සිටියා කියලා මේ ප්‍රශ්නේ විසඳුනේ නැති බවත්, රටේ ආර්ථිකය පමණක් කඩා වැටුණු බවත් ප්‍රතිඵලවලින් පෙනේ..., කොරෝනා කියලා ඔස්ට්‍රියාවත් සම්පූර්ණයෙන්ම ඇඳිරිනීතිය දමලා වසලා දැම්මේ නැහැ නේද? නැවත ක්‍රම ක්‍රමයෙන් විවෘත කරනවා නේද? ලංකාවත් එවැනි ආරක්ෂක පියවර අරන් පියවරෙන් පියවර විවෘත්ත කරන එක හැර වෙන විකල්පයක් නොමැත. නැතිනම් රටේ ආර්ථික, සමාජ ප්‍රශ්න වැඩි වෙලා..., වෙන රෝගවලින් සහ මන්ද පෝෂණයෙන් කොරෝනා වලට වැඩි ජීවිත ප්‍රමාණයක් විනාශ වෙන්න පුළුවන්... ඔබතුමා මම ඉදිරිපත් කරලා තිබෙන කරුණු කාරණා ගැන කිසිම තර්කයක් ඉදිරිපත් නොකර මගේ මොලේ බර්ලින් වලට හොඳයි කියලා ප්‍රකාශ කරනවා... ලංකාවේ මේ කොරෝනා නිසා ඇතිවෙලා තිබෙන සමාජීය සහ ආර්ථික ප්‍රශ්න විසඳීමට ඔබේ අදහස කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 156 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 200 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 484 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 82 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 69 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 677 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site