IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොඩිඩ් සිරුරු භූමදානය ගැන අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්නැයි ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)


කොවීඩ්  මරණ භූමදානය කිරීම සඳහා අගමැතිතුමාගේ ප්‍රකාශය ලබන 22 දිනට කලින් ගැසට් එකක් ගසා නීත්‍යනුකුල කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා කොළඹදී පැවසීය.


කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේද කීවේය .


"ශ්‍රී ලාංකික සියලුම දෙනාට මානව අයිතිවාසිකම් වලින් පිරිපුන් ජීවිතයක් ගත කිරීමේ නිදහස තිබිය යුතු බව සමගි ජන බලවේගයේ අපි විශ්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ වලට පටහැනිව විද්‍යාත්මක හේතුන් වලින් තොරව මිත්‍යාව පදනම් කරගෙන රජය කෝවිඩ් මළ සිරුරු  ආදාහනය කිරීම ගැන සමගි ජන බලවේගය අපි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සටන් කරා. 
ජලයෙන් කොවීඩ්  පැතිරෙන්නේ නැහැ කියලා කෝවිඩ් භාර රාජ්‍ය අමාත්‍ය  වෛද්‍ය සුදර්ශනී මහත්මිය ප්‍රකාශ කරා. කෝවිඩ් හැදෙන නිසා මුඛ ආවරණ පළඳිනවා. නමුත් මුඛ ආවරණ කවදාවත් පුච්චලා නැහැ.  එය නිවාස වල කුණු සමඟ එළියට යනවා.
 

ජලයෙන් පැතිරෙන්නේ නැත්නම් ඇයි භූමදානයට අවසර නොදෙන්නේ කියලා මම පාර්ලිමේන්තු⁣විදී අග්‍රාමාත්‍ය තුමාගෙන් අසා සිටියා. අගමැතිතුමා  නැගිට කිව්වා භූමදානයට අවසර දෙනවා කියලා. 

දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එනවා. ආණ්ඩුවේ ගොන් තකතීරු උදච්ච වැඩ නිසා එය හිරවෙලා. අපිට දේශපාලනයට වඩා ප්‍රමුඛ රටයි. එම නිසා ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බේරෙන්න ඕනේ අපේ රට. එය කර හැක්කේ පහුගිය කාලෙත් බේරුණේ මැදපෙරදිග ඡන්ද උපකාරය අපට ලැබුණු නිසයි. 

මේ කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දීමේ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් මැදපෙරදිග ඡන්ද ලබා ගැනීමට කල ගුන්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ. පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව අමතන්න සූදානම්. එතුමා ඇවිත් යනකන් විතරක්  මෙයට ඉඩ දීමක් වෙන්න ⁣බෑ. මොකද මෙය දැන් ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි. ලෝකයේ රටවල් ගණනාවක නායකයින් සමඟ අපේ අය ටිවිටර් හරහා පණිවිඩ යවා ඉවරයි. අගමැතිතුමාගේ ප්‍රකාශය ජෝක් එක්ක කරන්න දෙන්න එපා කියලා මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ඉම්රාන් ඛාන් එන නිසා කිව්ව එකක් වෙන්න බැහැ. 22 දිනට කලින් ගැසට් එක ගහලා මෙය ඉවර කරන්න කියලා අපි කියනවා.

මෙය ආගමික දේශපාලන ප්‍රශ්නයක් කරන්න එපා. කතෝලික මුස්ලිම් බුද්ධාගම සියලු ආගම් වල මූලික මිනිස් අයිති වලට ගරු කරමින් ලබා දුන් තීන්දුව ගැසට් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා .

නොමේරු අත  දරුවො මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඒ අලුත් අයයි. මහින්ද රාජපක්ෂ මහතා උත්තර දුන්නේ දැනගෙන එතුමා දන්නවා ජිනීවා මානව හිමිකම් ප්‍රශ්න එන බව. මහින්ද මහත්තයාට මෙය පිලිතුරු දෙන්න වුනේ විපක්ෂනායක වරයා දිගින් දිගටම මේ වෙනුවෙන් හඩ නැගූ නිසයි. සියලු ආගම් ජාතීන්ට ගරු කරන නායකයෙක් අපට ඉන්නවා. දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එද්දී ආණ්ඩුව පොෂ් වෙන්න හදනවා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හදුනාගෙන ඒ සදහා අවධානය යොමු කර යුතුයි" යයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (20)

කොඩිඩ් සිරුරු භූමදානය ගැන අගමැතිගේ ප්‍රකාශය ගැසට් කරන්නැයි ඉල්ලයි

siri Thursday, 11 February 2021 09:47 AM

ඔය පොරොන්දුව ඉම්රාන් ඛාන් ඇවිත් යනකල් විතරද දන්නේ නැහැ...?

:       6       24

BamunuarachchiSunday, 14 February 2021 06:07 AM

13 ප්ලස් ලැබුණු එකේ නොලැබී තියෙයිද?

:       1       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 09:56 AM

මරික්කාර් මහතාට මේ තදියම තියෙන්නේ මේ කෝවිඩ් හැදිලා මැරෙන අයව දිනා 40 න් දෙවියන් ළඟට යවන්න. ඒකට එච්චර හදිසි වෙන්න අවශ්‍ය නැහැ. බෞද්ධ අප නම්, කෙනෙක් මැරුණාම ඒ මෘත ශරීරය කුණුවී ජරාවට යන බව දන්නවා. ඔබලා උගත් වෙලත්, මේවා වටහාගන්නේ නැතිව කටයුතු කරනවා. ඔබලාට මේ මැරිච්ච මෘත දේහ ගැනයි මෙතරම් උනන්දුව...

:       50       40

jayasekaraFriday, 12 February 2021 05:03 AM

හැබැයි වළදානවා නම්... උලමාලා... මවුලවිලා ගෙනැල්ලා... කරන චාරිත්‍ර බැහැ. මොකෝ ඒ ගොල්ලන්ට විතරක්.. අපිටත් එහෙනම් පාංශුකූලේ ඕනෑ.

:       0       2

hira Thursday, 11 February 2021 09:59 AM

ඔයාට නැට්ට විතරයි නැත්තේ...

:       40       21

kamal Thursday, 11 February 2021 10:26 AM

ආනේ.. ඔව්.. සතියකට වතාවක් ගැසට් එකක නැතිනම් අපිට කියවන්න තියෙන්නේ අන්දරේගේ කතාවල් විතරයි.

:       5       19

Bamunuarachchi Thursday, 11 February 2021 10:57 AM

අපේ කොන්ද පණනැති නායකයින්ගෙන් ඔහෙලගේ කොරෝනා මෘතශරීර භූමදානයට ඉඩ ලබුණානේ... දැන්වත් කට වහගෙන ඉන්න.

:       26       14

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 10:57 AM

අප කාගේවත් ආගමික මතයට පහරදෙන්න තරම් සැහැසි නැහැ. ඔබලාගේ මෘතදේහ මේ රටේ භූමදානය කළා පෙරදි. කෝ කව්රුවත් මොනම හෝ බාධාවක් කළාද? නැහැ නේද? කරුණාකර මේ රටේ ලෝකේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන, මේ වෛරසය ගැන මඳක් සිතා බලන්න. මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන හා මේ වෛරසය ගැන, ඔබේ දෙවියන්ට යාඤ්ඤා කොට මේ අවස්ථාවේ ඇතිවී තිබෙන රෝ බිය නිසා ආදාහනය කරන මෘතශරීරවල ආත්මය දෙවියන් ළඟට අනුකම්පාකොට ගන්නා ලෙසට ඉල්ලීම් කරනවා නම් කොතරම් අගනේද? සැබෑවටම දෙවියන් සිටින්නේ නම්, ඒ වැනි ඉල්ලීමක් දෙවියන් පැහැර හරින්නේද නැත. දෙවියන් මේ වසංගතයෙන් මිනිසුන් පත්වී ඇති අසරණබව සිතා ඊට එකඟවනු නොඅනුමානයි. සැම වෙනුවෙන් සියලු මුස්ලිම්වරුන් එක්ව මෙවන් දෙයක් කරන්නේ නම්, ඔබලාගේ දෙවියන් මෙන්ම ඔබලාගේ වටිනා අදහස් හමුවේ ජනතාවද ප්‍රශංසා කරනු ඇත...

:       9       27

Bamunuarachchi Thursday, 11 February 2021 11:02 AM

මෙරටේ ගොබ්බ පාලකයින් ඉන්නකම් නුඹලාට හොඳයි.

:       13       20

බද්රානි Thursday, 11 February 2021 11:43 AM

භූමදාන තීන්දුව ප්‍රකාශයට පත්කළ අගමැතිතුමාට නොබුරා නැට්ට බඩ යට ගහගෙන සිටින රැලක්, මරික්කාර් මහත්තයාට සද්දෙට බුරන එකයි මට තියන ප්‍රශ්නය...!!

:       8       26

වීරසිංහ.Friday, 12 February 2021 02:38 AM

අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවාට වඩා ... තමන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා ...

:       1       7

බද්රානිFriday, 12 February 2021 04:16 PM

කොහේද ඉඳගෙන තඩි කෑදත්තෙක්, වහලා අර අත්තේ.... මගේ කතාවට බාධා කරමින්, කීචි බීචි කියතෙයි..

:       5       4

සිරා Thursday, 11 February 2021 11:51 AM

මරික්කාර් මහත්තයා හරියට අහගෙන හිටියේ නැද්ද මන්දා... අගමැතිතුමා කිවේ " මැරුණු අය භූමදානය කරන්න අවසර තියෙනවා" කියලා මිස " කෝවිඩ් වලින් මැරුණු අය භූමදානය කරන්න පුළුවන් " කියල නෙවේනේ. මොනවද මහත්තයෝ පාර්ලිමේන්තුවේ කියන දේවල් හරියට අහගෙන ඉන්නකෝ... අපට වද දෙන්නේ නැතුව.

:       15       20

Lakshmi Thursday, 11 February 2021 12:20 PM

තව ඔයාට මොනවද ඕනේ..? 

:       6       10

Don Friday, 12 February 2021 02:42 AM

මෝඩ කතා..!!! 

:       0       2

Rata Perata Friday, 12 February 2021 07:31 AM

එකම පවුලකින් කරන මේ විනෝද සමය හරිම ෂෝක්... ඒත් අවාසනාව කියන්නේ මේ අයියලාගේ මල්ලිලාගේ විහිළු නිසා අපේ රට පහතට යනවා.

:       1       9

BamunuarachchiSaturday, 13 February 2021 02:54 AM

13 ලැබුණා නේද? ඕකත් ලැබෙයි. අර එළුවාගේ මොකක්ද එකත් වැටෙයි...

:       3       1

බද්රානි Friday, 12 February 2021 11:20 AM

අහලා තියන ප්‍රශ්නය "කෝවිඩ් මරණ භූමදානය" ගැන නම්, ආයේ උත්තරයට ප්‍රශ්නේ කොටසකුත් නැවත කියන්න ඕනෑ නැහැ සිරෝ... බලාගෙන ගියාම සිරාලගේ ඔලු ගෙඩිත් සිරාවටම, "සිරාම" තමයි.

:       4       4

Nihal Friday, 12 February 2021 12:11 PM

භූමදානය කළත් දෙවියන් මවපු ඉරේ රස්නයට අවුරුදු ගාණකින් පිච්චෙනවා.

:       1       3

Bamunuarachchi Saturday, 13 February 2021 02:47 AM

13 ලැබුණා නම් ඕකත් ලැබෙයි. එ් නිසා කටවහගෙන ඉන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 649 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 124 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 876 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 905 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1261 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1142 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site