IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොටුවී සිටි ගැබිණි මව්වරු ගුවනින් රත්නපුර රෝහලට

( තිළිණි ද සිල්වා )
 
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී පැවති ප්‍රදේශයන් හි රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ගර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍ය දයා ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් ඔහුගේ පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට අද (28) පියවර ගනු ලැබීය.
 
දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට ගිය අවස්ථාවේදී මෙම පියවර ගෙන තිබේ.
සෑම ප්‍රවේශ මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී සිටින මෙම ජනතාවගේ සුවදුක් විමසීමට ලඟා වුණු පළමු සහන කණ්ඩායම මෙය විය. එහිදී රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ඝර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් තම පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.
 
පැය කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුන අමාත්‍යවරයා කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කල අතර ජනතාවගේ මූලික ආහාර හා සෞඛ්‍ය අවශ්‍යතා සපයා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.
බිඳ වැටි ඇති ප්‍රදේශයේ විදුලි පහසුකම් යථාතත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ විදුලිබල මණ්ඩලයේ කණ්ඩායමක් වහාම පීඩාවට පත් කලවාන ප්‍රදේශයට ගුවනින් ලඟා වීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සිදුවිය.



අදහස් (6)

කොටුවී සිටි ගැබිණි මව්වරු ගුවනින් රත්නපුර රෝහලට

Uresh Monday, 29 May 2017 02:10 AM

ඔබට තෙරුවන් සරනයි ..

:       104       1980

Ananda Bandara Monday, 29 May 2017 04:52 AM

මෙය ඇමති කෙනෙකුගේ ඉතා හොඳ වැඩක්.. ඔහු කොහොමත් ඉදිරියෙන් සිටින කෙනෙක්. පසුගිය රාජ්‍ය කාලේ රජයේ යානා වල පවුලේ අයනේ වැඩිපුර ගියේ... තමන්ගේ යානාවක තමන්ගේ තෙල් වලින් දුකට පත් අයට මෙහෙම පිහිට වුණ එක ඇත්තෙන්ම අගේ කරන්න ඕනේ...

:       0       10

godfrey Monday, 29 May 2017 08:09 AM

වුවමනා තැනට ඔබ රැස්කරගත් ධනය වියදම් කිරීම යනු ඔබ ධනය රැස්කිරීමට මෙන්ම, රැස්කරගත් ධනය අවශ්‍ය තැනට වියදම් කිරීමට දක්ෂයෙකු බව පෙන්වා දී ඇත. මේ ගැබිණි මව්වරුන්ට පිහිට වීමෙන් ලබාගත් ධනය කාහට නම් මිලකළ හැකිද?. ඔබට තවතවත් සවිශක්තිය ලැබේවා කියා පතමි....!!!

:       0       18

shan saudi Monday, 29 May 2017 08:42 AM

ඔබට තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණුවේවායි පතමි.

:       0       1

දිනේෂ් Monday, 29 May 2017 11:35 AM

දිගාමඬුල්ලේ වීරයා ඔබයි. ඔබ අපට ආඩම්බරයක්. අපි සැමදා ඔබ සමගයි.

:       0       1

c.kodagoda Monday, 29 May 2017 12:51 PM

හොඳ පූර්වාදර්ශයක් ... ස්තුතියි ඇමතිතුමනි! අනික් මැති, ඇමතිවරුන්ටත් කාර්වලට අමතරව හෙලිකොප්ටරය බැගින් දුන්නොත් නරකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 302 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 589 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 234 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 185 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 243 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2366 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site