IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී


රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැණීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අද (18) ගොඩ ගෙන ඇත.


යුද සමයේදී කොටි සංවිධානය විසින් පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේදී පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.


මෙසේ හමු වූ යුද උපකරණ අතර කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බබා මෝටාර් යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි, ආර්.පී.ජී,උණ්ඩ එකයි, ටී.එන්.ටී. ස්ලැබ් එකයි, ටී.එන්.ටී. පෙට්ටියක්, මිලිමීටර් 73,81,122,85, වර්ගයේ මෝටාර් ෆියුස් එක බැගින්, එන්.ආර්.7 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, වර්ගයක් හඳුනානොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුළු යුද උපකරණ රැසක් හමු වී ඇත.


 



අදහස් (3)

කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී

isurandi Thursday, 19 July 2018 04:06 AM

මතු පරපුරට දායාද කරන්නනේ වලදාලා තියෙන්නේ.?

:       0       21

Dath dosthara Thursday, 19 July 2018 04:49 AM

ඔය අපේ ළමයි සෙල්ලම් කරන්න ගෙනාපුවා ඒ කාලේ .........

:       0       14

Mohan Saturday, 21 July 2018 03:09 PM

දැක්කෙ නෑ වගේ හිමිට ලිස්සලා යන්න ඕනි. මේවාට මොනවාහරි කිව්වොත් ත්‍රස්ථවාදයට අපහාස කළා කියලා අත්අඩංගුවට ගන්න බැරි නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 615 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 378 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1151 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2380 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 435 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site