IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොටි කොඩි-ඇඳුම් රැගෙන පැනගිය හිටපු කොටියාත් අත්අඩංගුවට


 
රොමේෂ් මධුෂංඛ
 
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් හා කොඩි සමඟ බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් රැගෙන යමින් සිටියදී පලා ගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගත් බවට මාන්කුලම් පොලීසිය පවසයි.


මුලතිව් මල්ලාවි මාර්ගයේ වන්නි විලායන්කුලම් ප්‍රදේශයේ සැඟව සිටියදී මාන්කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පැනගිය හිටපු කොටි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබීය.


අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයා 41 හැවිරිදි වෙල්ලසාමි එගාම්බරන් වන අතර ඔහු කිලිනොච්චිය ශාන්තිපුර් අම්බාල්නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


යුද සමයේ දී එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් හේතුවෙන් ඔහුගේ වම්අතද අහිමිව ඇති අතර මාන්කුලම් පොලීසියෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රැගෙන ගොස් තිබේ.


අත්අඩංගුවට ගත් අදාළ ත්‍රී රෝද රථයේ තිබී කොටි නිල ඇඳුම් තුනක්, කොටි කොඩි 2 ක්, කොටි හිස් වැසුමක් කිලෝ 15 ක් බරින් යුත් ක්ලේමෝ බොම්බයක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා දුරස්ථ පාලක දෙකක්, සන්නිවේදන උපකරණ දෙකක් හා ඩෙටනේටර් තොගයක් තිබීයදී සොයා ගනු ලැබීය.



අදහස් (0)

කොටි කොඩි-ඇඳුම් රැගෙන පැනගිය හිටපු කොටියාත් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 13 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 340 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 269 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 607 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 359 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 272 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site