IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි

 
 
දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය නිසා  එම  ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන්  අගෝස්තු මස 18 වැනිදා වන තෙක්  සිය ගුවන් ගමන් අත්හිටුවීමට  ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  කටයුතු  කර තිබේ.  
 
අද (15) සිට කොචින්  ගුවන්  තොටුපළෙහි පවතින ගංවතුර ආපදා තත්වය හේතුවෙන්  අගෝස්තු මස 18  වැනිදා  ප.ව 2.00 දක්වා  කොචින් ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කර ඇත.
 
මෙම තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු කොචින් ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් ලබාගැනීමට නියමිතය.
 
මේ අනුව කොචින්  නගරය වෙත සහ එහි සිට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත්  ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දියාවේ වෙනත්  නගරයක් හරහා තම ගුවන් සංචාරය කිසිදු අමතර අයකිරීමක් නොමැතිව සිදුකිරීමට අවස්ථාවක් සලසා දී ඇති බවද  ගුවන් සමාගම කාරුණිකව දැනුම් දී තිබේ. 
 
ගුවන්  සමාගමේ  පාලනයෙන්  තොර මෙම තත්වය හේතුවෙන් ගුවන් මගීන්ට යම් අපහසුතාවයකට මුහුණදීමට සිදුවූවේ නම් ඒ පිළිබඳව ගුවන් සමාගමේ බලවත් කණගාටුව  ප්‍රකාශ කර සිටින අතර  කොචින් සිට කොළඹ දක්වා අද දින උදෑසන  ගුවන් ගත වීමට නියමිතව සිටි  මගීන්  සඳහා ගුවන් ගමන අත්හිටුවීම හේතුවෙන් හෝටල්  නවාතැන් පහසුකම් ඇතුළුව කොළඹ වෙත  පැමිණීමට අමතර විධිවිධාන ගුවන් සමාගම විසින්  සපයනු  ලැබීය.

කොචින් සහ කොළඹ අතර ගුවන් ගමන් සිදුකරන ගුවන් මගීන්, පහත දැක්වෙන දුරකථන අංක මගින්  ශ්‍රී ලංකන්  ගුවන් සමාගම හා සම්බන්ධ විය හැක. 
 
ශ්‍රී ලංකාව– 1979, ඉන්දියාව - කොචින් ගුවන් තොටුපළ  ශ්‍රීලංකන්  කාර්යාලය (91)4842611313 කොචින් ශ්‍රීලංකන්  කාර්යාලය -          (91)4842362042  වැඩිදුර තොරතුරු  සඳහා  www.srilankan.com වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.
 

 (36698)
 



අදහස් (0)

කොචින් ගුවන් ගමන් 18 වැනිදා තෙක් අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1332 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 517 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 946 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 908 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 354 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 530 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site