(ජේ.කේ.එල් චාමින්ද)
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු දින 06ක කාලයක් තුළ වාර්තා වී ඇති බවත් මෙම තත්වයත් සමග කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි අනිකුත් ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.
අද (16) වන විට කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් 03කින් ඇඟලුම් සේවක සේවිකාවන් 54 දෙනෙකු වාර්තා වී ඇති බවද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
ඉකුත් 10 වැනි දින එක් ඇඟලුම් කම්හලක සේවකයෙකුට හා සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට මුලින්ම තහවුරු විය. මේ වනවිට මෙකී වසංගත තත්වය ඇඟලුම් කම්හල් 03ක් පුරා පැතිරී ගොස් ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
එක් ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් ඇඟලුම් කම්හලින් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී තිබේ. අනින් ඇඟලුම් කම්හලින් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු වාර්තා වී ඇත.
මෙකී අවදානම් තත්වය පිළිබඳ තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54ක්