(තිළිණි ද සිල්වා)
කෙරවලපිටියේ ඉදිරිකිරීමට යෝජිත මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් එල්.එන්.ජී විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මෙතෙක් ලබා දී නොමැති බව එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට දැනුම් දුන්නේය.
එම කොන්ත්‍රාත්තුව තවමත් රාජ්‍ය සේවා කොමිසන් සභාව සමඟ පවතින බවත් ජනාධිපති කොමිසන් සභාවෙන් ඉල්ලා සිටියහොත් ව්‍යාපෘතියට අඩුම මිල ගණන් ලබා දී ඇති ලක්දනව් සමාගමට එය ප්රදානය කළ හැකි බවත් ඔහු පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා හා බලාගාර සඳහා ඉන්ධන ලබා ගැනීමේදී සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සම්බන්ධයෙන් ගොනු වී ඇති පැමිණිල්ලකට අදාළව කොමිසම හමුවේ සාක්කි ලබා දෙමිනි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වැඩිදුරටත් ජනාධිපති කොමිසන් සභාවට දන්වා සිටියේ මෙම විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නියමිත වේලාවට අවශ්‍ය පියවර ගැනීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වූ බවය.
කෙරවලපිටියේ මෙගාවොට් 300 ක එල්.එන්.ජී විදුලි බලාගාරයක් ඉදිකිරීම දිගු කාලීන විදුලි උත්පාදන සැලැස්මේ මූලික සැලැස්ම බවත් මෙම ව්‍යාපෘතිය 2015 දී අනුමත කළ බවත් ඔහු පැවසීය.
කොමිසන් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සාක්කිකාර අමාත්‍යාංශ ලේකම්වරයා ගෙන් ප්‍රශ්න කර සිටියේ මේ දක්වා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇත්තේ මන්ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව එම ව්‍යාපෘතියේ ප්‍රධාන ආයතනය ලංවිම ආයතනය වන අතර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඔවුන් අවශ්‍ය පියවර ගත යුතුව පැවති බවය.
කෙසේ වෙතත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල අර්ථ නිරූපණය කියවන ලෙස සභාපතිවරයා සාක්ෂිකරුගෙන් ඉල්ලා ඇති අතර ඒ අනුව ව්‍යාපෘතියේ ක්‍රියා පටිපාටිය තීරණය කිරීමේ ඉහළම අධිකාරිය අමාත්‍යාංශය වේ.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන විට ලංවිම හා සම්බන්ධ වෘත්තීය සමිති විරෝධතා කිහිපයක්ම පවත්වා ඇති බව ඔහු පැවසීය.
ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමේ ප්‍රගතියට අදාළ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට ආචාර්ය බටගොඩ අපොහොසත් වී ඇත.
ලංවිම සමඟ ඇති කරුණු නිසා 2016 වන තෙක් ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව ඔහු කොමිසම පිළිගත්තේය.
මීට පෙර ලක්දනව් සමාගම මෙම කොමිසමට ප්‍රකාශයක් කරමින් කියාසිටියේ මෙම ස්වාභාවික වායු විදුලි බලාගාරයේ කොන්ත්‍රාත්තුව විදුලිබල අමාත්‍යාංශය චීන සමාගමකට ලබා දී ඇති බවයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෙරවලපිටියේ එල්.එන්.ජී බලාගාරයේ කොන්ත්‍රාත්තුව තවම ලබාදී නෑ
Nihal Dharmatileke Friday, 20 September 2019 05:20 PM
මෙම ටෙන්ඩරය ලාංකික සමාගමට දිය යුතුයි. මෙම සමාගමේ බොහෝ වැඩ බංග්ලාදේශයේ හොඳට කෙරෙනවා. ඇයි අපිට මේ අය හොද නැත්තේ?
රවින් Saturday, 21 September 2019 02:03 AM
කොහොම වුණත් මේ ගොඩ ලබාදෙන පිළිතුරුවල තාර බර හා ශුද්ධ බර මැන බැලීම ඉතා වටිනවා.
sena Sunday, 22 September 2019 08:13 AM
නොහැකියාවෙන් අග තැම්පත් රජයක්. තව මාස 2ක් පමණි.