IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කෙරවලපිටිය වායු බලාගාරයේ පෙත්සම කල් යයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සළකා බැලීම සැප්තැම්බර් 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

මෙම පෙත්සම ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සළකා බැලීම මෙදිනට කල් තැබිණි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනු කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ  අවස්ථාවේදී එම පෙත්සම්කරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීමට තීරණය කර ඇත්නම් මුලින්ම ඊට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ගත යුතු බවත් , එසේ නොකර විදුලි බල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ඇති බවය.

එලෙස මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් නොකර එය කැබිනට් මණ්ඩලයෙන් පමණක් අනුමැතිය ගැනීම වැරදි පූර්වාදර්ශයක් වන්නේ යැයිද ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් මෙම ටෙන්ඩරය වැඩිම ලංසුවකට චීන සමාගමකට ලබාදුන්හොත් මහජනතාවට විශාල අගතියක් සිදු වන්නේ යැයිද ජනාධිපති නීතීඥවරයා එහීදී වැඩිදුරටත් කියා සිටියේය.

එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා  අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු බලපෑමක් නොකරන බවත් එම ටෙන්ඩරයේ අදාල සියලූ නිර්දේශයන් සිදුකරන්නේ තාක්ෂණික කමිටුව මගින් පමණක් බවය.

මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් සිදු කරන්නේ අනුමත කිරීම වුවද අවසාන නියෝගය ක‍්‍රියාත්මක කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව බවයි.

මේ අනුව කරුණු සලකා බැලූ ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන සැප්තැම්බර් 19  වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළහ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු  අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් අධිකරණයට පෙන්වා දී ඇත්තේ  අදාළ බලාගාරයේ ගොඩනැගීමේ කටයුතු ”ලක්ධනව් ” නැමැති ලාංකික සමාගමක් වෙත පැවරීමට ඒ පිළිබඳව අධ්‍යයනය කළ තාක්ෂණ ඇගයීම් කමිටුව තීන්දු කර තිබූ බවයි.

එහෙත් තාක්ෂණ කමිටුවේ නිර්දේශ උල්ලංඝනය කරමින් අදාළ කටයුතු චීන සමාගමක් වෙත පැවරීමට රජය ක‍්‍රියා කරමින් සිටින බව තමන්ට දැනගන්නට ලැබෙන බව සඳහන් කරන පෙත්සම්කරු ඒ හරහා ශ‍්‍රී ලංකා රජයට මෙන්ම විදුලි පාරිභෝගිකයන්ට ද විශාල අගතියක් සිදුවන බවද සඳහන් කරයි.

මේ හේතුවෙන් අදාළ බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අලි සබ්රි, නීතීඥ රුවන්ත කුරේ , නීතීඥ බුද්ධික ඉලංගතිලක , එන්.නවාස් සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (1)

කෙරවලපිටිය වායු බලාගාරයේ පෙත්සම කල් යයි

Nevil Ratmalana Wednesday, 18 July 2018 04:04 AM

මෙතුමා ඔය කියන ලංකාවේ සමාගම වෙනුවෙන් මිස පොදු මහජනයාගේ යහපත වෙනුවෙන් පෙත්සම් ගොනු කරන්නේ නෑ. ඊනියා ලාංකීය සමාගම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉතා කුප්‍රකටව වෙන්කර ගත් පුද්ගලයින් කීප දෙනෙකුගේ සමාගමක්. ඔවුන් පසුගිය දසකය තුල මහජනයාගේ ලයිට් බිල් හරහා අසාධාරණයෙන් උපයාගත් මුදල අසීමිත බව දන්නෝ දනිති. ඔවුන්ගේ කිඹුල් කදුළු නොසලකා මහජනයාට සහනයක් ලැබෙන තීන්දුවක් ගරු අධිකරණයෙන් ලැබේවා.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 757 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 952 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 541 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1465 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 76 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2593 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site