(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.
එසේම එම ගොඩනැගිල්ල සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා දී ඇති බවට එවකට එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වාචිකව තමන්ට පැවසූයේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.
හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට රැගෙන ඒමට පාර්ලිමේන්තුව ගත් හදිසි තීරණය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මාරු කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවය.
ඒ අනුව ප්‍රමාණවත් ඉඩකඩක් පැවති බත්තරමුල් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගිය බවත් , නව ගෙඩනැගිල්ලේ වැඩකිරීමේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූරය හෙබවූ කාලය තුළ තමාට කිසිඳු පැමිණිල්ලක් නොලැබූ බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.
කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.
එම සාක්කි ලබා දුන් අවස්ථාවේදී සාක්කිකාර දුමින්ද දිසානායක මහතා ඇමතූ ජනාධිපති කොමිසමේ සභාපති , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම ගෙඩනැගිල්ල සම්බන්ධයෙන් බොහෝ චෝදනා සාක්කිකරුට එල්ල වී ඇති බවත් , එම චෝදනා වලින් මිඳීමට නම් නීතිපති අනුමැතිය ලබා දුන් ලිපිය මීළඟ දිනට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වැනිදාට කල් තැබූ අතර එදිනට කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින්
Sumith Tuesday, 20 August 2019 11:48 PM
ගොවියාට මාසයක් කන්න රුපියල් 1200 විශ්‍රාම වැටුපක් දෙන රටේ ගොඩනැගිල්ලට වියදම් කරන මුදල්
Kakiyana Lea. Wednesday, 21 August 2019 12:24 AM
බොරු ඇස්බැන්දුම්. අන්තිමටම තවත් ජනතාමුදල් නාස්තියක් පමණි.
gunarathna Wednesday, 21 August 2019 02:34 AM
දුමින්ද මහත්තයෝ මේකෙන් නම් ගැලවෙන්ට බැරිවෙයි. ඔය කියන ලියුම හොයාගන්ට බැරි වුනොත් ගස් තමා. ඔබතුමා කියන ඔය කැබිනට් එකත් දැන් නැහැනේ.
sharm warn Wednesday, 21 August 2019 03:59 AM
අනේ පව් .. කවුදෝ මොනවා හරි කතා ටිකක් ගොතලා දීලා .. හිතන් ඉන්නවද දන්නේ නැහැ රටේ මිනිස්සු කන්නේ බත් නෙමේ පිදුරු කියලා
jayath Wednesday, 21 August 2019 07:22 AM
මේවා සුරංගනා කතා සක් සුදක් සේ පැහැදිලිනේ වෙලා තියන දේ. නමුත් ඕන ඔට්ටුවක් අල්ලනවා කව්රු බලයට ආවත් මෙයාට මොනවත්ම නොවෙන බවට
ගගන Wednesday, 21 August 2019 07:51 AM
ගොඩනැගිල්ලක නිර්මාණය කාර්යයට අනුකූලව නිර්මාණය විය යුතු හෝ එහි කාර්යයට සුදුසු ආකාරයෙන්වත්, අඩුම ගන්නේ පෙනුමෙන්, තිබිය යුතුයි. මෙය වාස්තු විද්‍යාත්මක මූලධර්මයක්. එනමුත් මෙම තෝරාගත් ගොඩනැගිල්ල, අප ගම්මානවලින් පැමිණෙන දහස් ගණන් ගොවි මහතුන්ට චකිතයක් දනවන සුලු, එරෝප්පෙට ගොස් තම ගැටළු විසඳා ගැනුමට පැමිණ ඇති ස්ථානයක හැඟීම දනවන ආකාරයට, නොගැලපෙන බවක් ඇතිබව, මෙම කාර්යය සඳහා බිල්ඩිම තෝරාගැනීමේදී ඔය දේශපාලකයින්ට නොතේරුණු එක පුදුමයක් නොවේ. ඔවුන් කවද්ද ඥානාන්විත සහ සංවේදී මිනිසුන් වුනේ? කොහොමද මේ අබලිත, කිසිම තේරුමක් නැති ව්‍යාජ වාස්තු විද්‍යාත්මක බිල්ඩිමේ 'කෘෂිකර්මාන්ත අමාත්‍යංශය' කියා බෝඩ් ලෑල්ලක් ගහන්නේ?