IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කූඨ ලේඛන සැකසීමේ නඩුවෙන් තිස්ස අත්තනායක නිදහස්

(මනෝප‍්‍රිය ගුණසේකර)

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට වු ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට යම් සිත් තැවුලක්, හානියක් හෝ පාඩුවක් සිදුවුයේ නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා චෝදනා වලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් ක`ථආරච්චි මහතා අද(24) නියම කළේය.

සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කණගාටුව පළ කරන්නේ නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අදහස් නොකරන බවට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම් දීමක් සැළකිල්ලට ගත් විනිසුරුවරයා තිස්ස අත්තනායක මහතා චෝදනා වලින් නිදහස් කිරීමට නියම කළේය.

මෙම නඩුව විභාග කිරීම සදහා කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටියේය.

2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම මඟින් දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇති බවට පසුගිය ජනාධිපතිවරණයට ආසන්න අවස්ථාවේ පවසමින් කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් එවර ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු වු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රථිපලයට බලපෑ හැකි ආකාරයට කටයුතු කළ බවද නීතීපතිවරයා විසින් විත්තිකාර තිස්ස අත්තනායක මහතාට  එරෙහිව  ඉදිරිපත්  කොට ඇති නඩුවේ සදහන් කොට ඇත.

විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පණත යටතේ ද`ඩුවම් ලැබිය හැකි වරදවල් සිදු කොට ඇති බවද නඩු ගොනුවේ සදහන් වේ.



අදහස් (7)

කූඨ ලේඛන සැකසීමේ නඩුවෙන් තිස්ස අත්තනායක නිදහස්

Ruwan Wednesday, 24 April 2019 11:46 AM

පොර ටෝක් දුන්නට ගොඩින් බේරගන්න ක්‍රම තියෙනවා.. එතකොට බොරු කිව්වට ප්‍රශ්නයක් නැහැ..

:       0       10

TDWednesday, 24 April 2019 01:45 PM

පොර ටෝක් දුන්නට තිස්ස අත්තනායක වරදක් කර ඇති බව ඔහු විසින්ම පිළිගෙන ඇත. හිටපු තැනට වඩා පැනපු තැන හොඳ නිසා ඔහු ගිය බව ඔහුම කියා තිබේ. මෙවැනි අවිශ්වාස පුද්ගලයන් කිසිම පක්ෂයකට ගන්නේ නැත.

:       0       41

sirimal Wednesday, 24 April 2019 12:14 PM

දැන් එතකොට කොයි කණ්ඩායමෙන්ද මැතිවරණ නාම යෝජනා ලැබෙන්නේ? හිටපු එකෙන්ද පැනපු එකෙන්ද?

:       0       28

පිටිගල මිලානෝ Wednesday, 24 April 2019 12:17 PM

මෙන්න මේ වගේ කිසිම වැඩකට නැති දේශපාලකයන් නිසා තමයි මේ දේශය දිනෙන්දිනම පාලුවට යන්නේ.

:       118       69

Dhammika Wednesday, 24 April 2019 03:04 PM

මේ වගේම දැන් ගලබොඩඅත්තේ හාමුදුරුවෝ එදා කිව්ව දේ අද සත්‍ය වෙලා තියන නිසා උන්වහන්සේවත් නිදහස් කරන්න මේ තියරියෙන්ම...

:       350       371

Hafeel Wednesday, 24 April 2019 03:55 PM

අනුරකුමාර දිසානායක කිව්ව එක හරිනේ. ඒ ගොල්ලෝ යාලුවෝ. එකම පංතියේ කට්ටිය. මහජන බදුමුදලින් නඩත්තුවන නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ගැන...

:       0       0

Rata Perata Wednesday, 24 April 2019 03:59 PM

මුන් වගේ මිනිස්සු....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 327 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 665 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 796 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 606 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 169 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1786 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site