IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුවේට් සිට පැමිණි පිරිසෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි

(විනීතා එම් ගමගේ)

කුවේට් හි ලබා දුන් පොදු සමාකාලයේ දී භාර වී අප්‍රේල් 21 වැනිදා ශ්‍රීලංකාවට පැමිණීමට සූදානම් වූ ශ්‍රී ලාංකිකයන් එසේ පැමිණීමට සූදානමින් සිටිය දී එරටින් වාර්තාවූයේ කොරෝනා රෝගීන් 1995 ක් පමණක් බවත් රෝගීන් 16784 ක් වාර්තාවනතුරුත් මාසයකට ආසන්න කාලයක් ඔවුන් ගෙන්වා ගැනීම පමා කරන ලද ආණ්ඩුව මෙම පිරිස කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ වගකීම භාරගත යුතු බවත් එතෙර අපි සංවිධානයේ කුවෙට් ශාඛාව පවසයි.

බරපතල අර්බුද රැුසකට මුුහුණ දෙමින් කුවේට්යේ රැදී සිටි වීසා කාලය ඉක්මවූ 16000  කට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් ද අවශ්‍ය පහසුකම් ද සහිතව පොදු සමාකාලයක් ලබා දීම පිළිබදව කල් වේලා ඇතිව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නත් ඔවුන් ගෙන්වා ගැනීමට විධීමත් වැඩ පිළිවෙලක් සකස් නොකිරීම පිළිබ`දව ද ආණ්ඩුව වගකිව යුතු යැයි ද එම සංවිධානය චෝදනා කරයි.

පොදු සමාකාලය ආරම්භ වූ අප්‍රේල් 21 වැනිදා එම සමාව ලබන ශ්‍රී ලාංකිකයන් බෙහෝ දෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි නේවාසික ස්ථානවලින් ඉවත්වී තම මව්රට බලා යාමේ අපේක්ෂාවෙන් බවත් එදින ගමන් බලපත් ඇති අය පමණක් භාර ගත් අතර අනෙක් පිරිස මාසයක් තිස්සේ යන එන මං නැතිව තැන් තැන් වල රැඳී  සිටින බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමේ අවදානම වැඩිවී ඇත්තේ එම පිරිසට බවත් එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඞ් ලිවේරා මහතා එතෙර අපි සංවිධානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා වෙත එවන ලද ලිපියක සදහන් වේ.

දැනට කොරෝනා අවදානම වැඩිම රටක් වන ඉන්දියාව පවා තමන්ගේ වැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කණ්ඩායම් පවා කුවේටයට එවමින් සිටිද්දී ශ්‍රී ලංකා ආණ්ඩුව එවැනි කිසිදු සහයක් නොදී චෝදනා කරමින් සිටීම කණගාටුවට කරුණකැයි ද එහි සදහන් වේ.

ජූඞ් ලිවේරා මහතා විසින් එවන ලද එම  ලිපි ද සමග එතෙර අපි සංවිධානයේ සභාපතිවරයා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දන්වා ඇත්තේ කුවේට් සිට ආවේ කොරෝනා වැළදුණු පිරිසක් බවටත් ඔවුන් ගේ පැමිණීම බෝම්බයක් බවටත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කර ඇති ප‍්‍රකාශය පිළිබද බලවත් අප‍්‍රසාදය හා කණගාටුව පළ කරන බවකි.

තම වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට  ඕනැම ආණ්ඩුවක්  ඕනැම තත්ත්වයක දී බැ`දී සිටින බැවින් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් අදාල නිවැරදි නිරෝධෘනයන ක‍්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස එතෙර ඉල්ලා සිටින බව ද හදුන්නෙත්ති මහතා දන්වා තිබේ. 
 

 



අදහස් (36)

කුවේට් සිට පැමිණි පිරිසෙන් කොරෝනා අසාදිතයින් වාර්තාවීමේ වගකීම ආණ්ඩුව ගත යුතුයි

කමල් Thursday, 28 May 2020 11:31 AM

සුනිල් හදුන්නෙත්ති, ඒ වගකීම විතරක් නෙමේ. පවුලේ වගකීමත් මේ ආණ්ඩුව භාර අරගෙන තමයි මෙච්චර හරියක් කරලා තියෙන්නේ. ඒ නිසා එන ඡන්දෙන් ඔයාලට අපි දෙනවා . ඒක මතක තියාගන්න. බොරුවට කට මැත දොඩවන්න එපා..

:       0       0

Hafeel Thursday, 28 May 2020 11:34 AM

පොහොට්ටුවට චන්ද දාන්න කොඩි උස්සගන, අතින් වියදම් කරගන ආපු අයට දැන් තේරෙනවද රාජපක්ෂලා සලකන හැටි...? සීෂල්ස් රටේ වැසියන්ට තියන සැලකිල්ලත්, විදේශ විනිමය මේ රටට ගෙන්න අපේ ශ්‍රමිකයන්ට නැහැ. කොහොමද චන්ද වේදිකාවල විමල් පම්බෝරි ගහපු සහන මල්ල? ඊළඟට බලාපොරොත්තු වෙන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුව. CSN නාලිකාවෙන් ඔන්න නැවත දීල. එකට තමයි කියන්නේ 69 ලක්ෂ චන්ද, එක් පවුලක් පෝසත් කරන්න...

:       0       0

shan Thursday, 28 May 2020 11:43 AM

එහේ වීසා නැතිව හොරෙන් හිටපු එකට රටේ ආණ්ඩුව පලි නෑ....

:       0       0

ගැමුණු Thursday, 28 May 2020 11:53 AM

හරි. PCR වාර්තාව එන මගියා සමග එව්වා නම් හැමෝටම පහසුයි... වඩා පරිස්සම් සහගතයි.

:       0       0

de silva Thursday, 28 May 2020 11:57 AM

අනිවාර්යයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරගෙන රක්ෂණය සඳහා මුදල් ගෙවපු ශ්‍රමිකයින්ගේ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනේ..

:       0       0

සෑම් Thursday, 28 May 2020 12:09 PM

රාජපක්ෂලාට ඡන්දෙ ඕන වෙනකොට විදෙස් ශ්‍රමිකයෝ රට විරුවන්. ලෙඩ වුණාම බෝම්බ.... දැන් සැපද?

:       0       0

Thilina Thursday, 28 May 2020 12:12 PM

ඕනෑම රටක එහි පුරවැසියන් බලාගන්න එක රජයේ වගකීමක්. ඒත් ඔය ලියුම් එවන කට්ටියට මේ රට මතක් වුනේ කොරෝනා වැඩි වෙනකොට.. කලින් පොදු සමා කාලයක් දුන්නම කී දෙනයිද ලංකාවට ආවේ..? කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඔය කුවේට්වල කට්ටි පැනපැන හිටපු අයගෙන් බහුතරයක් කලේ හොඳ වැඩ නෙමෙයි. හොර අරක්කු පවා පෙරුවා.. අනිත් ඒවා කියන්න බැරි තරම් අසික්කිත දේවල්. මගේ සහෝදරයා ඉන්නෙත් කුවේට්වල .. ඒත් ඔහු උපදෙස් පිළිපැදගෙන රැකියාව කරගෙන ඉන්නවා.. ඔහොම හදිසියේ ගෙන්නගත්තු ඉතාලි සෙට්එක අන්තිමට කරපු දේ අපිට මතකයි.. මේ රටේ කෝටි දෙකක් මිනිස්සු ඉන්නවා.. ඒ මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලයි හැම තීරණයක්ම ගන්න ඕනේ...

:       0       0

aka Thursday, 28 May 2020 12:38 PM

19000 ගෙන්වා ගන්න, අරන් බලා ගන්න අපේ රටේ පහසුකම් නෑ. කඳවුරු ඇරියත් වැඩ කරන්න අය නෑ. හමුදාවෙ අය යවනවා මිස වෙන කෙනෙක් ඕවගෙ වැඩ කරන්න යන්න කැමතිත් නෑ. කුවේට් වලින් ආපු පිරිසට කොරෝනා නෑ කියලා ටෙස්ට් කරලා ආපු අයට තමා ලංකාවෙදි පොසිටිව් වුනේ. බෝම්බ ගැහුවා කිව්වේ කුවේට් රජය කරපු වැඩේට.

:       3263       1859

චාමර පිරිස් - කුවේට් Thursday, 28 May 2020 03:02 PM

කුවේට් හොඳ නැහැ. එහෙ ඉන්නේ බෝම්බ. එතකොට කුවේට් වල දහදිය හෙලන බෝම්බ වලින් උපයන "විදේශ විනිමය" තමයි සකල සිරින් පිරි සිරිලංකාවේ පළමුවෙනි විදේශ විනිමය අදායම..!!! ඔය ගාමන්ට්ස්, තේ, පොල්, රබර් ඔය කොයිකත් දෙවනියට තුන්වෙනියට එන ඒවා... කවුරු හරි මොලය කලඳක්වත් නැති උගතෙක් මීට විරුද්ධනම් මහා බැංකු වාර්තාව ඉන්ටර්නෙට් එකෙන්ම අරගෙන බලාගන්න. කොහොමත් සිංහලයා කියන්නේ කෙලෙහි ගුණ නොදත් එකෙක් කියලා කවුරුත් දන්නවා. අපි ඉන්නේ කුවෙට්වල තමයි. ඊයේ අපි තීරණය කළා ලංකාවට නොඑන්න. හැබැයි අපිට කොරෝනා නැහැ. ඒ අර හොර ඇමතිගේ බෝම්බ කතාවට. මින්පසු අපි බැංකු හරහා ලංකාවට සල්ලි එවන්නෙත් නැහැ.

:       0       112

janahitha UAEFriday, 29 May 2020 03:37 AM

මහජන මුදල් කෝටි ගණන් වංචා කරමින් මහින්දගේ පිහිටෙන් ඇමතිකම් ගත්ත අය වෙනුවෙන් කඩේයන ඔබතුමාටද ඔවුන්ගේ වත්කම් ගැන අවබෝධයක් ගත්තා නම් කිසිදා එසේ නොකරනු ඇත... විශ්වාසයට වඩා සත්‍ය තහවුරු කරන්න. බුදුසරණයි අපි සැමටම රටේ ජන කොට්ටාශයක් බලාගන්න හැටි ඉන්දියාවෙන් ඉගෙන ගන්න. වෛද්‍ය කණ්ඩායම් නැව්, ගුවන්යනා යොදවා මුදා ගැනීම කරගෙන යනවා. ලාංකීය අසුබවාදී, ආත්මාර්ථකාමී චංචාකාරයින් හෙළා දැකිය යුතුව ඇත...

:       63       56

mangala Thursday, 28 May 2020 12:41 PM

අනේ හදුන් ඔයා?

:       80       621

සංජීවThursday, 28 May 2020 01:54 PM

අනේ මංගල ඔයා. මොකද තමන්ගේ කෙනෙක් රට ගිහින් මේ කරදරේ හිටියා නම් ඔහොම කියන්නේ නෑ. තමුන් වගේම රට ඉන්න අයත් ආණ්ඩුවට ඔයා ගන්න බෙහෙත් වලට හදන රෝහල්වලට, දොස්තරලාට ගෙවන පඩිවලට බදු සල්ලි ගෙවලා තියෙන්නේ. නැතිව මේ රට පාලනය කරන අය ගෙදරින් ගෙනාපුවා නෙවෙයි. ඇහුවොත් නම් නාගයින්ටත් බෙහෙත් කරපු පරපුරවල් ඉන්න රටක් තමන්ගේ නැතිබැරිකමට රටගිය මිනිහා තමයි ගන්න බැරි...

:       0       0

Bamunuarachchi Thursday, 28 May 2020 01:09 PM

ජෙප්පන්ට මලබද්ධය ඇති වුණත් මේ ආණඩුව පලිනේද? හැබැයි කටුකම්බිනේ ලැබුනේ 1989..

:       0       0

Kamal Thursday, 28 May 2020 01:17 PM

ඇත්ත, මිනිස්සු කියනවට ගුවන් තොටුපොල වැහුවා මෝඩ විදියට, ඉස්සෙල්ලා රට වැසියන්ට එන්න ඉඩ දෙන්න එපෑනේ. දැන් අසරණ මිනිස්සු කී දාහක් මැරෙයිද? අනික, අහිංසක මිනිස්සුන්ව වහල්කමට යවලා රටේ කාලකන්නි දේශපාලුවන් යැපෙනවා...

:       0       0

wasantha Thursday, 28 May 2020 01:22 PM

ගුණමකු සංවිධානවල මේ වගේ කතා නිසා මින් ඉදිරියට කාටවත් එන්න වෙන්නේ නැහැ.. ලංකාව අනිත් රටවල්වලට වැඩිය මිනිසුන්ට හොඳට සැලකුවා..

:       0       0

සමන්ත Thursday, 28 May 2020 01:31 PM

මීටපෙර ගිය වසරේ අවසාන කාලයේදී පොදු සමාකාලයක් දුන්නා නේද? ඉතිං ඒ කාලේ එන්න තිබ්බනේ. අනෙක් එක හොරෙන් පනින්න කිව්වේත් රජය නෙමේනේ. ඒකට රජය වග කියන්න ඕනේද? මේ වගේ මෝඩ චූන් දෙන්න එපා. අනෙක් එක කට්ටිය කියනවා ලංකාවට ඩොලර් එවන්න රට ගියේ කියලා. මම නම් රට ගියේ මගේ ආර්ථික මට්ටම සකස් කර ගන්න. ගාමන්ට් වල වැඩ කරන ළමයි රට යන්නේ නැතිව ලංකාවට ඩොලර් උපයලා දෙන්නේ..

:       1       136

Ranji Thursday, 28 May 2020 01:44 PM

හඳුන්ලාගේ උත්සාහය හරියනවා වගේ, ඔවුන්ට අවශ්‍ය ලංකාවෙත් මිනී කඳු ගොඩගහනවා දකින්න..., අර 88/89 වගේ, කාලකණ්ණි...

:       4       1011

Rohan Thursday, 28 May 2020 02:10 PM

එතෙර අපි කියන සංවිධානය තනිකරම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ... කව්රු හොඳක් කරත් විවේචන කරන මෙහේ අමාරුවෙන් රැකියා කරන මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන තම පක්ෂ අරමුදල තර කර ගන්නා කට්ටියක්...

:       2       1

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 02:51 PM

මෙවන් ප්‍රශ්න ඇතිවෙන්න තවත් හේතුවක් බලපානවා. ඒ කියන්නේ, මෙතෙක් පත්වූ සියළුම රජයන් තානාපති සේවය සඳහා යවන්නේ තම නෑයන් හා හිතවතුන්වයි. ඒ අය තානාපති සේවය සඳහා නිසි සුදුස්සන් නොවන නිසා රටෙන් මහා ධනස්කන්ධයක් නාස්ති වුවත්, එම සේවයෙන් රටට නිසි සේවයක් සිදුවෙන්නේ නැහැ. රටේ මුදල් අපරාදේ යනවා පමණක් නොවෙයි. මෙවන් ගැටළු අවස්ථාවන්වලදී ඒවාට නිසි පිළිතුරු ලැබෙන්නෙත් නැහැ. රට ගැන පිටරට වලටත්, පිටරට ගැන රටටත්, හරිහැටි තොරතුරු සන්නිවේදනයක් සිදුවන්නේ නැහැ... මෙහෙව් රටක සමාජයක තමයි අප දිවි ගෙවන්නේ. හරිම ෂෝක්.. නේද?

:       0       2

vidura Thursday, 28 May 2020 03:16 PM

රට තුළ කොරෝනා පාලනය සම්බන්ධව රජයේ නිලධාරීන් ක්‍රියාත්මක වුණු ආකාරය ප්‍රශංසනීයයි. ඒ ගැන විවාදයක් නැත. නමුත් විදේශගත ශ්‍රී ලාංකිකයන් සම්බන්දව ක්‍රියාත්මක වියයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා කාර්යාංශය ඇතුළු නිලධාරීන් සුපුරුදු නිද්‍රාශීලී ගුණය නැවතත් මේ ව්‍යවසනකාරී අවස්ථාවේදීද පෙන්නුම් කරමින් සිටියි. ඔවුන් රජයට නිසිකරුණු වාර්තා කර නැත. මානුෂික අවශ්‍යතා ඇති අය ගෙන්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නැත. නෑ හිතවතුන් වෙනුවෙන් පමණක්ම ක්‍රියාත්මක වුණු බව පමණක් පෙනීයයි.

:       0       20

lalithm Thursday, 28 May 2020 05:08 PM

සියල්ලෝම බඩවියත රැකගන්න රටවල් ගානේ ගිය බව ඇත්ත. ඔය මහත්තයම කියන විදියට වීසා කාලය අවසන් වෙලා ඔහෙට වෙලා ඉන්නේ නැතිව ආපසු එන්නේ නැත්තේ මොකද? අපේ රට හොඳ නැති නිසා නේද? නීතියට අනුව කටයුතු නොකොට ප්‍රශ්නයක් වුණු වෙලාවට බනින එක නිකම් සමහර ගුණමකු දරුවෝ හැම කුණු ගොඩටම අම්මට බනිනවා වගෙයි. මව්බිමට බනින එකෙක් වත් හොඳින් ජීවත් වෙලා නැහැ. වෙන්නෙත් නැහැ.

:       1       2

Ratne Thursday, 28 May 2020 05:42 PM

ඇතැම් දේශපාලුවන් මෙන්ම ලිවේරා වැනි කටවල් වහගෙන ඉන්නවා නම් හොඳයි වගේ...

:       1       0

Sujeeva Thursday, 28 May 2020 06:23 PM

ඉතින් ඔවුන් වීසා නොමැතිව රැඳී සිටින්නේ ඇයි? වීසා නොමැතිව රැඳී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඊනියා සංවිධානය කරන්නේ කුමක්ද? දැන් ඔවුන් රජයට දොස් පවරනවාද?

:       0       2

Jay Thursday, 28 May 2020 08:36 PM

හිතාගන්න පුළුවන් එතෙර අපි සංවිධානය කාටද වැඩ කරන්නේ කියලා...? ඔය ලිපිය කෙලින්ම ජනාධිපතිතුමාට හරි, අගමැතිතුමාට හරි යවන්න තිබුණානේ. මොකටද හඳුන්ට යවන්නේ...?

:       1       0

Sena Thursday, 28 May 2020 10:23 PM

සහතික ඇත්ත. ඒ ඒ වෙලාවට හරි රජ්‍යතාන්ත්‍රික බුද්ධිමත් තීරණ ගත්තා නම් අද මේ මිනිස්සුත් බේරිලා රටත් බේරිලා. තමන්ගේ රටට එම මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකමක්. ලංකාව තමා එකම රට තමන්ගේම මිනිස්සුන්ටම ගුවන්තොටුපල වහපු... රටේ නායකයන් සහ ඔවුන්ව ඒ තනතුරු වලට පත්කරපු අපිත් ලැජ්ජා වෙන්න ඕනෑ.

:       1       3

Anton Austria Thursday, 28 May 2020 10:46 PM

ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිසුන්ව බලාගන්න... ඇයි බොරුවට නහින්නේ ඕවා දේශපාලන සංවිධාන... මිනිස්සුත් දැනගන්න ඕනෑ.. එහේ ඉන්න අය කොරෝනා නැත්තං ඔය කියන කට්ටිය ඒවිද? ආපහු මව්රටට බොරු බේගල් දාන්න එපා. හැම අවුරුද්දකම වීසා නැති අයව යවනවා. ඒත් එන්නේ නැහැ. හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ... එදා අාවා නම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා...

:       2       2

ධනා Friday, 29 May 2020 12:42 AM

පුලු පුලුවන් විදියට ගෙන්න ගන්නවට වඩා නොගෙන්න ගෙනම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා ඇති මේවගේ කතා ඇහෙද්දි... කොරෝනා නොවන්නට ඔය 16000ම ලංකාවට එන්න හිතන් හිටියද කියලා අවංකවම හිතලා බලන්න. අනෙක එක එක ඇමතිලා බෝම්බයක් ගැහැව්වා වගේ කිව්වට ලංකාවට ආපු කිසිම කෙනෙක් නොසලකා හැරලා නෑනේ...

:       16       1

lal Friday, 29 May 2020 01:20 AM

තමන්ගේ රටේ මිනිස්සු ගෙන්වාගන්න හැකියාවක් ක්‍රමයක් නැති ආණ්ඩුවක්... එහෙ යවන කොට, සල්ලි ගන්න කොට, විනිමය එවනකොට 19,000 හොඳයි. අනික 19,000 ගෙන්න ගන්න කිව්වේ නැහැ එකපාරට... ටිකටික ගේන වැඩපිලිවෙළක් හැදුවේ නැහැ. මොකද ඒ මැදපෙරදිගනේ... සිෂෙල්ස්, ජපානය වගේ රටවලින් ගෙන්නගන්න පුළුවන්...

:       4       23

sas Friday, 29 May 2020 02:18 AM

ඔය විදෙස් ශ්‍රමිකයන් මේ රටට විශාල විදේශ විනිමයක් උපයා දෙනවා. පේනවනේ ආණ්ඩුවේ වැඩ...

:       1       12

Anton AustriaFriday, 29 May 2020 07:02 AM

අනේ හලෝ, නොදන්නා මගුල් නොකියා ඉන්න... ඔයාලා කියන්නේ රජයද කිව්වේ වීසා ඉවර වුණාට කමක් නෑ ඉන්න කියලා... අනික හලෝ මිනිස්සු මා ඇතුළුව රට ගියේ අපේ ආර්ථිකය ගොඩගන්න.. එහෙම නැතුව රට ගොඩගන්න නොවේ... අපේ රටට, ආර්ථිකයට දායක වන්නේ දුප්පත් ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ටික. අනික තම රටට අදරෙනම් තම පවුලට ආදරෙන් කොරෝනා එන්න ඕනේ නෑ ගිය අවුරුද්දේ සමාව දුන්නම එන්න තිබ්බා

:       1       2

janabala Friday, 29 May 2020 03:39 AM

මහජන මුදල් වංචා කර කොටිපතියන් වුණු අධමයින් කියන්නේ, දකින්නේ තම ජනතාව බෝම්බයක් ලෙස කන්ද උඩරට ජනතාවනි.., වාචාලයින්ව රටේ පාලනයට එවන්න එපා...

:       0       11

නෙවිල් Friday, 29 May 2020 04:22 AM

සහෝදරයේ, කඩිමුඩියේ ගිණුම් තරවන තව සංවිධානයක් ගොඩ නගාගෙන වගෙයි.

:       1       3

Anton Austria Friday, 29 May 2020 04:42 AM

ඉතින් ආණ්ඩුව කරේ නැත්තන් අපි එතෙර සංවිධානයට තිබ්බනේ... එයාලගේ මුදල්වලින් එ් මිනිසුන්ව බලාගන්න... ඇයි බොරුවට නහින්නේ? මේවා දේශපාලන සංවිධාන... මිනිස්සුත් දැනගන්න ඕනෑ... එහේ ඉන්න අය කොරෝනා නැත්තන්... ඔය කියන කට්ටිය ඒවිද? ආපහු මව්රටට බොරු බේගල් දාන්න එපා.. හැම අවුරුද්දකම වීසා නැතිඅයව යවනවා. ඒත් එන්නේ නැහැ.. හැංගිලා ඉන්නවා. එ්කටත් වැරදි ආණ්ඩුවද? ඇයි මිනිසුන් තාමත් මෙහෙම හිතන්නේ...? එදා අවානම් අපේ මිනිස්සු මැරෙන්නේ මෙයාලා නිසා... මුලින්ම රට ඉස්ථාවර කරලා තමා කරන්න ඕනැ ඕවා...

:       128       42

Erf Friday, 29 May 2020 04:53 AM

කියන කියන දේවල් දාන අයට ගහන්න ඕනෑ...

:       0       0

ajith rathnayake Friday, 29 May 2020 05:19 AM

රට යන අය යන්නේ ලංකාවට හම්බකරලා දෙන්න ඕනේ කියලා නෙවේ.. තමන්ට හම්බ කරගන්න වක්‍රව ලංකාවට විදේශ විනිමය එනබව හැබෑව... එ්ක මහබැංකුව කියන නිසා මිසක් වෙන විදිහකින් නෙවේනේ.. ඒ ඇවිල්ලත් මෙහෙ රුපියලක් හරි රජයෙන් ගත්තොත් එහෙම මේකේ විසුමක් වෙන්නේ නැහැ. පුලුවන් නම් මට එකෙක් හොයලා දියන්කෝ... රටගිහින් වැඩකරන්නේ ලංකාව වෙනුවෙන්...

:       6       22

Bamunuarachchi Saturday, 30 May 2020 12:55 PM

බලෙන්, හොරෙන් නැවතිලා සිටියේ සමාව දීලා යන්න කීව කාලේ ආවා නම් ඔය මුකුත් නැහැනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 146 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 311 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1348 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 196 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 405 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 367 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site