( තිළිණි ද සිල්වා )
කුවේට් රාජ්‍යයෙන් ඉකුත්දා මෙරටට ගෙන්වා ගත් ලාංකිකයින් 466 දෙනා එරටින් පිටත්ව යාමට පෙර,පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද එය කළ නොහැකි බවට එම අමාත්‍යාංශය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබුනේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
ඉකුත් මැයි 11 සහ 14 යන දිනැති රාජ්‍ය තාන්ත්‍රික සටහන් මගින්, නැවත මෙරටට ගෙන්වා ගන්නා පුද්ගලයින් සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැත් , එය සිදු කළ නොහැකි බවත්, කොවිඩ් වෛරස රෝග ලක්ෂණ සහිත කිසිදු මගියෙකුට ගුවන් යානයට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙන බවත් කුවේට් විදේශ අමාත්‍යාංශය එම රාජ්‍යතාන්ත්‍රික සටහන් වලට පිලිතුරු ලෙසික් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත එහිදී දන්වා ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටී.
කුවේට් රාජ්‍යයෙන් පිටත්ව යන, වෙනත් රටවලින් පැමිණි කිසිවෙකු සඳහා පීසීආර් පරීක්ෂණ සිදු කර නොමැති බවද එහිදී ප්‍රකාශ කර තිබුනේ යැයිද විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එලෙස කුවේටයෙන් පැමිණි 466 දෙනාගෙන් 379 දෙනෙකු එරට පොදු සමා කාලයෙහි ප්රතිලාභ ලබා අප්‍රේල් 21 - 25 දක්වා කාලය තුළ කඳවුරුවල සිටි සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂාවෙන් සිටි තැනැත්තන් බවද එම අමාත්‍යාංශය කියා සිටී.
ඉන් 87 දෙනෙක් කුවේට් රාජ්‍යයෙහි රැඳවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාරවල සිටි තැනැත්තන් වන බවත් ඔවුන් මැයි 19 වන දින ‘කුවේට් එයාර්වේස්’ට අයත් ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණි බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දේ
කොවිඩ් කාර්ය සාධක බලකායේ ඉල්ලීම පරිදි, මැදපෙරදිග සහ නැවත ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සැලසුම් කර ඇති අනෙකුත් අගනගරයන්හි කාර්යාල සම්බන්ධ කර ගනිමින් ගුවන් ගමන් ආරම්භයට පෙර පීසීආර් (PCR) පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද විදේශ සබඳතා අමාත්‍යාංශය කරුණු විමසා බලා තිබෙන නමුත් මේ වන විට එම බොහෝ ස්ථානවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් පීසීආර් (PCR) පරීක්ෂාව සිදු කර ගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කරන තැනැත්තන්හට පමණක් බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුවේටයෙන් ගෙන්වූ අයට එරට රජයෙන් පී.ආර්.සී පරීක්ෂණ පවත්වලා නැහැ
Sanath Kandy Sunday, 31 May 2020 07:49 AM
මේ අයව ගිය මාසෙම ගෙන්වා ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දුන්නේ එංගලන්තේ ඕස්ට්‍රේලියාවේ හිටපු ලොකු ලොක්කන්ගේ දු දරුවෝ ටික ගෙන්න ගන්නනේ.
saman Sunday, 31 May 2020 08:18 AM
PCR පරීක්ෂණයක් වත් කරලා එවන්න තරම් වත් සල්ලි නැද්ද? අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් එලියට යන හැමෝම PCR කරලයි එලියට දාන්නේ... මේ වගේ හිඟන රටවලට මොකට රස්සාවට යනවද?
Prabha Sunday, 31 May 2020 08:36 AM
එතකොට ජනාධිපති බොරුවක්නේ කියලා තියෙන්නේ.එයාට පඩි ගෙවන්නේ ලංකා රජයෙන්ද එහෙමත් නැත්නම් ඒ රටින්ද?
ප්‍රමෝද් Sunday, 31 May 2020 09:29 AM
සමාවත් දීලා, බන්ධනාගාරවලින් එලවලා පිටුවහල් කරන හොරුන්ට තවත් කාලය නාස්ති කරන්න යන්නේ කවුද?
රවින් Sunday, 31 May 2020 09:52 AM
ඉහත පුවත හොඳින් තේරුම් ගන්න. මෙම උදවියගෙන් 379 දෙනෙකුම නීතිවිරෝධී ලෙස එරට රැඳීසිටි අයවලුන්... මනුෂ්‍යත්වයේ නාමයෙන් මූලික සෞඛ්‍ය අවශ්‍යතාවයන් මිස වැඩිදුර පහසුකම් සපයා තව තව මුදල් වියදම්කර එරට මහජන මුදල් නාස්ති කරාවිද? අපේ දේශපාලුවන් නම් කොමිස් එක ගන්න ඕනෑම ජරා වැඩක් කළාට එහෙත් එහෙම වේවිද?