IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුඳු අස්සේ යකඩ ඇණ දැමූ නරුමයන්ට දඬුවම් නැද්ද?

 

හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කුරුඳු තොගයේ නියමිත බර කිලෝග්‍රෑම් 14ක් වන බවත් කුරුඳුවල සඟවා තිබූ යකඩ ඇණවල බර කිලෝ හතරක් බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කුරුඳු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් දෙදහසක් වන බවත් රුපියල් අට දහසක මුදලක් වංචනිකව ගැනීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. ලාභ නොලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභය ඉපැයිය යුත්තේ දැහැමි ලෙස හා සාධාරණ ලෙස ව්‍යාපාරය මෙහෙයවීමෙනි. අධාර්මික ලෙස හා අසාධාරණ ලෙස ව්‍යාපාර කිරීමෙන් තාවකාලිකව යම් ලාභයක් ලැබිය හැකි වුවද ඒවා ඵල නොදෙන බව ඒකාන්ත සත්‍යයකි. එබඳු වංචනිකයන්ගේ ආධ්‍යාත්මයෙන්ම ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනාවල බරින් හා වේදනාවෙන් පැසවමින් ජීවත්ව සිට මිය යාමට ඔවුන්ට සිදුවේ. කුරුඳු පොතු අස්සේ යකඩ ඇණ සඟවා බර වැඩිකර විකිණීමට ගිය ජාවාරමුන් දෙදෙනා වුවද ඉහත සත්‍ය අපට පසක් කරවයි.

සීනි ගෝනියට වතුර ගසා බර වැඩිකර විකුණන මුදලාලිලා සිටිති. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු මිශ්‍ර කර විකුණන හා ගම්මිරිස්වලට ගස්ලබු  ඇට මිශ්‍ර කර විකුණා ලාභ සොයන ජාවාරම්කාරයෝ ද සිටිති. පොල්තෙල්වලට වතුර මිශ්‍ර කරන්නෝ ද සිටිති. පිළුණු එළවළු විසි නොකර එළවළු රොටි, මාළු පාන් සෑදීමට ගැනීම් ආදී වශයෙන් ආහාරපාන සමග ජාවාරම් කරන්නෝ ද සිටිති. මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ කහ වෙ​ෙළඳාමය. කහ හිඟයක් පවතී. එහෙයින්ම කහ ගිනි ගණන්ය. එනිසාම කහවලට පාන්පිටි මිශ්‍ර කර වෙළෙඳපොළට එවන්නෝ ද සිටිති. බොර දියේ මාළු බාන්නා සේ කලදුටුකල වළ ඉහගන්නා අපතයෝ සිටිති.

මෙයට ටික කලකට ඉහත දී වාර්තා වූයේ ගොරකා සමග ටයර් කෑලි මිශ්‍රකර වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයකු සිටිය බවය. ගොරකා සහ ටයර් කෑලි පෙනුමෙන් සමාන බැවින් කෙනකුට ගොරකා සහ ටයර් කෑලි වෙන්කර හඳුනාගැනීම පහසු නැත. මෙබඳු කූඨ ව්‍යාපාර යනු මෙලොවදීම විපාක ලැබෙන මහා පාපකර්ම බව නිසැකය.

තේ ව්‍යාපාරයට ද මෙබඳු ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන තර්ජනය අති විශාලය. අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ගය වනුයේ තේ ව්‍යාපාරය වේ. එමෙන්ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා සන්නාමය බවට සිලෝන් ටී පත්ව තිබේ. විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙම සිලෝන් ටී විශාල බලපෑමකි. එහෙත් ජාවාරම්කරුවන් නිසා ශ්‍රී ලංකා තේ දල්ලට තිබූ කීර්ති නාමයට හානිවී තිබේ.

කසළ තේ ජාවාරම ඉතා ජයටම සිදුවන්නකි. බැහැර කළ යුතු වුව ද කසළ තේ මෙම ජාවාරම්කරුවෝ හොඳ තේ සමග මිශ්‍ර කරති. එසේ මිශ්‍ර කරන කසළ තේ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගන්වන බව ද වාර්තා වේ. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉස්තරම් තේ සඳහා ජාත්‍යන්තරය තුළ වන පිළිගැනීම බිඳ වැටීමය. එහි තාර්කික අන්තය වන්නේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ඇහිරී යාමය.

හඬා බසින මහා ගංගාවක් බවට පත්වන්නේ උල්පතකින් නික්මෙන පුංචි දිය බිඳුවකි. ගිනිදැල්ල කුඩා වුවද එය මහා ගිනි ජාලාවක් බවට පත්වන බව වටහා ගැනීම වැදගත්ය. නයි පැටවා සතුව තිබෙන්නේ ද නයි විෂමය. එහෙයින් පරිස්සම් විය යුතුය. ජාවාරමක් කුඩා වුව ද එය සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ යුතු නොවේ. මහා ජාවාරම් බවට පත්වන්නේ කුඩාවට කරගෙන ආ ජාවාරම් බව ද සිහිකට යුතුය.

මිනිසුන් වෙළෙඳපොළට යන්නේ එය මහා මාෆියා ලෝකයක් යැයි සිතාගෙන නොවේ. ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නේ ද විශ්වාසයෙනි. තමන්ට නරක දෙයක් විකුණන්නට තබා ඇතැයි ජනයා නොසිතති. එහෙයින් වැඩි සොයා බැලීමකින් තොරව බඩු භාණ්ඩ මිල දී ගනිති. එහෙත් දැන් එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය. පාන් ගෙඩිය මිල දී ගැනීමට පෙර බර කිරා බැලීමට තරමට තත්ත්වය භයානකය.

වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. එහි විවිධාකාර ජාවාරම්කාර ත්‍රස්තවාදියෝ බඩ පිනුම් ගසමින් සිටිති. එම ත්‍රස්තවාදියෝ මහජනයා ගල ග්‍රහණයට ගෙන සිටිති. මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මහා මානුෂික මෙහෙයුමක් නොපමාව ආරම්භ කළ යුතුය.

(***)



අදහස් (20)

කුරුඳු අස්සේ යකඩ ඇණ දැමූ නරුමයන්ට දඬුවම් නැද්ද?

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 20 October 2020 08:05 AM

ඉතාමත් වටිනා අදහස් ඇති ලිපියක්... කරුමය කියන්නේ වගකිවයුතු අංශ මෙවන් දේට අඳ, ගොළු, බිහිරන් සේ මුනිවත රැකීමය. එසේ මුනිවත රැකීම... තව තව වැරැදි සිදුවීමට අනුබල දීමක් බව නොකියා නොහැක්කේය...

:       0       79

NMTuesday, 20 October 2020 10:06 AM

තේ කර්මාන්තයේ යෙදෙන සමහර කණඩායම් තේවලට රසකාරක සහ සිනී මිශ්‍ර කරනවා. එමෙන්ම ලෝකයේ බොහෝ රටවල ප්‍රචලිත ශ්‍රී ලංකාවේ තේ මෙන්ම කුරුඳුවලටත් මෙවැනි දුෂිත ජාවාරම්කරුවන් මෙසේ කරනවා නම් ලංකාවේ විදේශ විනිමය උපයන කුරුඳු විදේශවලට යැවීම පිළිබඳව පමණක් නොව ලංකාවේ සිට අපනයනය කරන බොහෝ දේවල තත්වය පිළිබඳව ලංකාවේ තිබෙන විදේශ තානාපති අංශ එම රටවල වෙළඳ අංශ දැනුවත් කරනු ඇත...

:       0       51

සචින්තTuesday, 20 October 2020 11:56 AM

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ දළු එකතු කිරීමේ බලයලත් සමහරක් ව්‍යාපාරිකයින් කුඩා තේවතු හිමියන්ගේ දළු ගැනීමේදී දළු කිරන (ඔරලෝසු මුහුණ ඇති තරාදිවල බර දැක්වෙන කටුව වමට නවා හොරට කිරනවා. සීනි කිරිගොට්ටට දමා වතුර ඉස යටින් බඳුනක් තබා වෑස්සෙන පැණි මී පැණි ලෙසට විකුණනවා. තහනම නිසා බෙහෙතකටවත් කහ නැති කාලේ පාන් පිටි වලට ඩයි දමා කහකුඩු සාදා විකුණනවා. වන්දනා ගමන් යන්නෝ තල් හකුරු යැයි කියා ගෙනෙන හකුරුත් ලංකාවටම බෙදන්නේ කිසිදු තල් ගසක් නැති කොළඹ, බදුල්ල පාරේ කඩුවක් ඇති පෙදෙසක බව දන්නෝ දනිති. මෙලෙස මේ රටත් වනසන නරුමයින් රටට විදේශ විනිමය ගෙනෙන දේවලටත් මෙහෙම කරනවා නම් අපේ දරු පරපුරට කාගේ පිහිටක්ද?

:       0       52

SamanhaWednesday, 04 November 2020 01:18 PM

මම ලංකාවෙන් රතු සහල් මිලදී ගැනීමට පුරුදු වී සිටිමි. අවසානයට ගත්ත ලංකාවේ හොදම බ්‍රෑන්ඩ් නමක් තියෙන සහල් පාට වෙනස්කර තිබු බව 100% සහතික වුණා... දැන් අපි ඉන්දියාවෙන් ගෙන්වන සහල් මිලදී ගැනීමට පටන් ගත්තෙමු.

:       0       1

Kule Tuesday, 20 October 2020 08:09 AM

රටක නීති අඩුවන තරමට වඩා වේගයෙන් දූෂණ, වංචා, අපරාධ, මංකොල්ල සිදුවෙනවා වැඩියි.

:       1       44

RaveendraTuesday, 20 October 2020 08:41 AM

සහතික ඇත්ත. මෙවන් කාලකන්නින්ට "දරුණු ම්ලේච්ඡ" දඬුවම් දිය යුතුමය. අවාසනාවකට මෙවන් අවජාතකයින්ව වරදින් මුදා ගැනීමට මුදල් වෙනුවෙන්ම පෙනී සිටින අය මග‍බලා සිටීම මොනතරම් කණගාටුදායකද..?

:       0       37

දුමින්දSaturday, 31 October 2020 01:48 PM

මාවවුලොත් එක්ක කිසිත් කරගන්න බැහැකියල සමහර නූගත් මිනිසුන් කියනවා ඇහිල තියෙනවා. එනිසා මෙම ක්‍රියාවන් කලවුන්ගේ නමගම සියළු තොරතුර අපනයන කෘෂිකර්ම ද්‍රව්‍ය හෙවත් සුළු අපනයන වෙළදාමේ යෙදෙන අයට ලබාදිය යුතුය. නැත්නම් ඔවුන්ගේ ගම්වල අයගේ කිසිම භාණ්ඩයක් නොගෙන සිටිය යුතුය. එවිට වරදකරුවන්ට සුදුසු දඩුවම් ලැබේවි.

:       0       2

PereraFriday, 20 November 2020 03:03 AM

මීට වඩා දරුණු අපරාධ කරන අයව පාර්ලිමේන්තු යවන හරක් ඉන්න රටක් ලංකාව...

:       0       0

Anisha Tuesday, 20 October 2020 08:32 AM

මම රටවල් කිහිපයක ඉඳලා තියෙනවා. හැබැයි ලංකාවේ වගේ සල්ලිවලට කෑදර ඕනෙම තක්කඩි වැඩක් කරන්න ලෑස්ති මිනිස්සු වෙන කොහෙවත් දැකලා නැහැ..

:       1       29

RaveendraTuesday, 20 October 2020 10:00 AM

ඔබගේ අදහස් "10000%ක් නිවැරදිය."...අපද මේ මොහොතෙත් රටින් බැහැරව ජීවත් වන්නෝය. ඔබ සඳහන් කළ සියල්ල අපද අත්විඳින්නෝය. තමන්ගේ ඒ ආදරණීය මෑණියන්ද විකුණා හෝ මුදල් ඉපැයීමේ තරමට අප සමාජය පහතට වැටී ඇතිබව කිව යුතුමයි.

:       0       20

sanjeewa Tuesday, 20 October 2020 09:28 AM

වගකීම් සහිත රැකියාවන්ට හොඳ වේතනයක් ගෙවනවා සේම රාජකාරිය පැහැර හරින අයට උපරිම දඬුවම් දීම නොකරන තාක් මෙය වෙනස්කළ නොහැක.

:       0       8

kalpaniTuesday, 20 October 2020 10:46 AM

හොඳ වේතනයක් ගෙවන්නේ චීනෙන් ණයට අරගෙනද? අපි ඔක්කොම රජවරු. ඔක්කොම දවල් හීන කාරයෝ.

:       0       9

kamal Tuesday, 20 October 2020 10:28 AM

සුලු මුදලකට ලෝහ අනාවරකයක් ගන්න වැඩේ ඉවරයි.

:       0       6

ravi Tuesday, 20 October 2020 02:14 PM

අපේ රටේ තියෙනවා පාරිභෝගික අධිකාරිය කියලා එකක්. එ්කට බලනවා නම් හොඳ ලිපියක් මේ... මේ වංචා සියල්ල නවත්තන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය තම රාජකාරිය නිසියාකාරව කරනවා නම්...

:       0       10

චමින්දWednesday, 21 October 2020 03:08 AM

බෝඩිමේ සිට ගමට හෝ ගෙදරට යන දිනට පෙරදින සවස මෙම අධිකාරියේ අය ඉහත කියපු වැරදිකළ අයව හමුවෙන්න යනවා. අපි නම් දැකලා තියෙනවා.

:       0       0

විජිත් Tuesday, 20 October 2020 06:17 PM

"..වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ.." මෙහි සඳහන් කරන " මුදා නොගත් ප්‍රදේශ." කීවිට මට මතක්වෙන්නේ කොටි ත්‍රස්තයන් පාලනය කළ ප්‍රදේශ ගැනයි..." ඒ යුද්දෙ කාලේ වරක් මම නිවාඩුවට ලංකාවට ආ වෙලාවක මඩු පල්ලිය ප්‍රදේශයට යන්න අවස්ථාවක් ලැබුණා. එතකොට ඒ ප්‍රදේශය පාලනය කලේ කොටි. මුරපොලේදී අපි ගෙනිච්ච අරක්කු ඒ ගොල්ලෝ ගත්තා. අරක්කු අවශ්‍ය නම් මඩු ප්‍රදේශයේ කොටිකඩවලින් පාලන මිලට ගන්න කීවා. මම හිතුවේ ඉතිරි වැඩත් ඒ වගේම වෙයි කියලා. නමුත් එහෙම වුනේ නැහැ. හැන්දෑවේ 5 වෙනකොට මාළු කඩේ වහනවා. ඉතිරි මාළු ලාබෙට හරි දීලා දානවා. මස් කඩේත් එහෙමයි. ඉතිරි මස් කූල් රූම්ස්වල දාන්න තහනම්. මස් ඉතුරුනම් ලාබෙට කාට හරි විකුණලා කඩේ හෝදලා වහනවා. පහුවෙනිදා උදේ 10ට විතර අලුත් මස්, මාළු සමග කඩ විවෘත කරනවා. නාන ළිං අසලත් කොටි සාමාජිකයින් හිටියා. වයසක සිංහල අයටත් ඒ ගොල්ලෝ වතුර ඇදලා දුන්නා නාගන්න. නොමිලේ අපිරිසිදු ආහාර කොටි අඩවිවල විකිණීම තහනම් බව මම දෑසින්ම දුටුවා. එහෙනම් මේ අපේම සිංහල මුදලාලිලා නොවේද සිංහල බහුතරයක්ව රවට්ටන්නේ...? ලැජ්ජයි.. මේවා දැනගත්තාම යාපනය පැත්තේ දෙමළ අය අපේ සිංහලකම ගැන මොනවා හිතනවා ඇතිද...?

:       0       8

දෙනෙත් Wednesday, 21 October 2020 05:43 AM

ඔය වැඩේ කලිනුත් සිද්ද වුණා. සමහරු කැබෙල්ල පොතු අරගෙන කුරුඳු හන්දි කිරීමේදී පාවිච්චි කරනවා. සමහර වෙලාවට කඩෙන් ගේන සමහර කුරුඳුවල මෙලෝ රහක් නැත්තේ ඒකයි...

:       0       3

asanka Wednesday, 21 October 2020 02:37 PM

විජිත්, මඩු පල්ලියට යන ගමන් අරක්කු අරන් ගියේ දෙවියන් සමග පොඩි ෂොට් එකක් දැමීමටද?

:       0       0

රාධා ජයවර්දන Saturday, 24 October 2020 12:19 AM

ඉතාම හරවත් ලිපියක්. පාරිභෝගික අධිකාරියේ ඇස් ඇරෙන්නට අත හිත දෙන ලිපියක්. මේ පමනක් නොවේ ජනතාව ගසා කන ක්‍රම හා විදි එමටය. ඊයේ පෙරේදා රජය පිලිගත් විශාල වෙලද ආයතනයක් පනිවිඩයක් එවාතිබින. තම ආයතන ශාඛාවකින් රුපියල් 700 ට වැඩියෙන් භණ්ඩ මිලට ගැනීමේදී රුපියල් 100/= ක වට්ටමක් ලැබෙන බවය. එහෙත් එම ශාඛා එවැනි දෙයක් නැති බව කියයි. එක් සන්නාමයක් පෙන්වා ඊට අදාල භාණ්ඩ යම් නිශ්චිත ප්‍රමානක් ගන්නේ නම් එවැනි සැලැස්මක් ඇති බව පැවසීය. මෙවන් කතා කියා ජනතාව නොමග යවා යම් සන්නාමයක්‍ සබද කරගෙන ලාබ ලැබීම අදහස විය යුතුය. ඔවුන් ඇමතීමට දුරකථන අංකයක් දී ඇතත් එය කෙසේවත් සම්බන්ද කර ගත නොහැක .මෙවන් බොරු බේගල් ජනතාව රවටයි.

:       0       3

p .maddumge Friday, 20 November 2020 07:56 AM

දිවයිනේ පවතින මාෆියාවන් රාශියකි. ඒවා මැඩලීමට සිටින නිලධාරින්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය විමසිය යුතුව තිබේ. වගකිවයුතු බලධාරීන් හා නිලධාරින් මානවවාදී රාජකාරි කෙතරම් යුක්ති සහගත විදියට ඉටු කරනවාද යන ගැටළුවද විමසීමට බඳුන් විය යුතුයි යන්න මගේ අදහසයි. සාධාරණ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක නිරතවන ඔබතුමාගේ කතුවැකියට ස්තුති කරමි. රට තුල පවතින වංචා, දූෂණ තුරන් කිරීමේ වගකිව යුත්තන්ට මෙ තේරුම් යනු ඇතැයි විශ්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 14 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 91 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2520 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 189 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 250 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 350 1

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site