IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල නගරාධිපති ඇතුළු 5කට වරෙන්තු

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය බව කියන ගොඩනැගිල්ලට හානි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (07) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් අද සලකා බැලීමෙන් අනතුරුව කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ඒ අනුව රාජසභා මණ්ඩපයට හානි කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබෙන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණමහතා සමඟ කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න, කුරුණෑගල ප්‍රධාන නාගරික ඉංජිනේරු චමින්ද කුමාර අධිකාරි , කුරුණෑගල මහ නගර සභාවේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම් බාර නිලධාරි මොහොමඩ් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර රියැදුරු ලලිත් ප්‍රියන්ත වර්ණසූරිය  යන අය අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලීසියේ සහ කුරුණෑගල කොට්ඨාසය විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරුන්ට මහේස්ත්‍රාත්වරයා  නියෝගය නිකුත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවන ලද අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් ⁣රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා සමඟ රජයේ අධිනීතීඥ මාෂව තෙන්නකෝන් මහතා, කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි හා කුරුණෑගල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩී.කුලතුංග මහත්වරු පෙනී සිටියහ. විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කුරුණෑගල මහ නගර සභාව විසින් හානි සිදුකර ඇතැයි චෝදනා එල්ල කරන මෙම ගොඩනැගිල්ල ඉපැරැණි වුවද එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍යා ආඥා පනත යටතේ සංරක්ෂිත ⁣ස්මාරකයක් ලෙසට කිසිදු අවස්ථාවක ගැසට් කර නැති බව පෙන්වා දුන්නේය. 

ඉකුත් 2019 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්ම කුරුණෑගල ඉපැරැණි රාජධානියේ සංරක්ෂණ කටයුතු  නිරීක්ෂණයකින් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවකද මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා සංරක්ෂිත ⁣ස්මාරකයක් ලෙසට හඳුන්වාදී නැති බව සඳහන් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එම වාර්තාවේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවට අනුව එම ගොඩනැගිල්ල කඩා දැමීමට ගත් පියවර පුරාවිද්‍යා ආඥා පනත 18 , 19 වගන්ති වලට අනුකූල නොවන බැවින් මෙය පුරා වස්තු හානි යටතට නොගැනෙන බවද නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස වැඩි දුරටත් සඳහන් කළේය.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා රජය යටතේ තිබෙන සෑම ඉපැරැණි ස්මාරකයක් සඳහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගැසට් නිවේදන නිකුත් කිරීම අසීරු කාර්යයක් වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ඉපැරැණි ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක අතින් වටිනා ⁣ස්ථානයක් බවට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්ම නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව ප්‍රකාශ කළේය.

මෙම ඉපැරැණි ගොඩනැගිල්ලට හානි කිරීම මුළු රටම කතා වන ඉතා සංවේදී කාරණයක් වන බැවින් මේ ආකාරයට නීතිපති දොපාර්තමේන්තුව විසින් ඉකාම විනිවිදභාවයකින් යුක්තව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවද කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසට පොදු දේපල පනත යටතේ රජයේ පොදු දේපලකට අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බවද දැන්වීය. මෙම සිදුවීම මුළු රටේම ඉපැරැණි උරුමයට බලපාන වැදගත් කරුණක් වන බැවින් මෙම අනර්ථයට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා මෙම සිද්ධියට සම්බන්ධව නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබෙන කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනා අත්අඩංගුවට ගෙන මෙම මස 10 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළේය. 

චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු පිරිස මේ අවස්ථා⁣වේ අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය. 
 



අදහස් (10)

කුරුණෑගල නගරාධිපති ඇතුළු 5කට වරෙන්තු

විජිත් Friday, 07 August 2020 11:59 AM

ඔන්න පොලිස්පතිතුමනි, තිබෙනවා නම් ඔන්න වැඩක්... හැකි නම් මේ චූදිතයින්ව අල්ලලා කූඩුවට දමන්න. බැරි වුණොත්.., නැතිනම් කල් මැරුවොත් මේ පිළිබඳව ප්‍රශ්නයක් සමාජයේ ඇතිවීම වරදක් නොවෙයි නේද? මෙන්න අවස්ථාව ඔබගේ වැඩ පෙන්වන්න. වැඩ පෙන්වලා රස්සාව අහිමිකරලා ගෙදර ගියත් කම්පා නොවන්න. තුප්පහි දේශපාලුවන් ඉදිරියේ දෙකට නොනැමෙන කොන්දක් ඇති, අවංක, නිර්භීත පොලිස් නිලධාරියෙක් ලෙස ඔබේ නම හැමදාමත්ම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළින්ම බැබලේවි.

:       3       546

kamalSaturday, 08 August 2020 06:07 AM

උසාවියට දාන්නකෝ.. එතකොට අපිට බලාගත්තැහැකි රංජාගේ හඬපටිවල ඇත්ත... නැත්ත...

:       0       34

senaSaturday, 08 August 2020 06:09 AM

ගෙදර යන්න? මොන පිස්සුද? ඕවා කියන්න යන්න ගියොත් යන්න වෙන්නේ හිරේ.. පේනවා නේද එක්කෙනෙක් දැනටමත් ඇතුලේ...

:       0       4

Ruberu - Mallawapitiya Friday, 07 August 2020 01:56 PM

කුරුණෑගලින්ම වැඩ පටන්ගත්ත එක හොඳයි.

:       0       0

Perera Friday, 07 August 2020 02:04 PM

එතකොට මයිල් ගහට මොකද වෙන්නේ.?

:       0       0

බද්රානි Friday, 07 August 2020 02:18 PM

ඇත්තම කියනවා නම්, ඔය වගේ ත්‍රාසජනක ලෙස අත්අඩංගුවට ගෙන පසුව, "සියලු චෝදනා වලින් නොදොස් කොට නිදහස් කිරීම" කියන සුන්දර ටෙලි නාට්‍යයට මම නම් හරිම ආසයි. ඕවත් බලලා ඡන්දෙ නොදෙන මිනිස්සු නම් හරිම කුහකයි අනේ....!!

:       253       5

pradeepa Friday, 07 August 2020 02:52 PM

ජොනීගෙන් අහලා තමයි ඇරෙස්ට් කරන්න වෙන්නේ... එක මයිල් ගහකට හරි තුවාල වෙන්න බැහැ අත්අඩංගුවට ගන්න කොට නගරාධිපතිව... අපිට දැන් ජනතාව 2/3 දීලා තියෙන්නේ ඕනම දෙයක් කරන්න.

:       0       131

අමරබන්ධු Saturday, 08 August 2020 08:02 AM

ඇයි දැන් නගරාධිපතිතුමාගේ ඇගේ ලොම් කපල දාලද? ජොන්ස්ටන් ඇමතිතුමා කිව්වේ මයිලකටවත් අත තියන්න දෙන්නේ නෑ කියලනේ..

:       0       151

සත්‍යපාල Saturday, 08 August 2020 05:34 PM

මම දකින්නෙ මේවාටත් බාමියන් පිළිමවල විනාශය කල අයගේ ඥාතීන්ගේ කෙනෙක් නගරාධිතිවරයා නොමග යවා මෙය කරඇතිබවයි. බලන්නකෝ අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම භාර නිළදරුවා කවුද කියලා. මෙහිදී නගරාධිපතිවරයාත් නාගරික මන්ත්‍රීීපිරිසත් නාගරික කොමසාරිස් වරයා අනවසර ඉදිකිරීම්භාරකරුගේ නිර්දේශ විමසා බලා නැතුවාවගේ පේනවා. සමහර විට කොමසාරිස් දන්නේත් නැතිව ඇති.

:       0       0

Ana Sunday, 09 August 2020 12:43 AM

අන්තිමේදී බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු වැරැදි කාරයා වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 169 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 16 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 595 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 172 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 208 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 485 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site