IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කුණුකන්ද පාමුල ඛේදවාචකය

තරිඳු ජයවර්ධන

([email protected])

‘අනේ මහත්තයෝ මට ඇතුළට යන්න දෙන්න. මගේ පවුලම ඉවරයි. ඇයි මට යන්න දෙන්නේ නැත්තේ? අපිට ඇතුළට යන්න දෙන්න.‘ මීතොටමුල්ලේ ප්‍රදේශවාසියෙක් හැඬූ කඳුලෙන් එම ඉල්ලීම කළේ යුද හමුදා සාමාජිකයන් පිරිසකගෙනි. ඒ සිංහල දෙමළ අලුත් අවුරුදු දා රාත්‍රියේ ය.

කොළොන්නාවේ මීතොටමුල්ල වැසියෝ අලුත් අවුරුදු දා නැකතට කිරි ඉතිරෙව්වේ නව වසරේ දහසකුත් පැතුම් ඉටු කර ගැනීමේ සිතිවිල්ලෙනි. අණුන්ගේ කුණු නිසා ඒ සිතුවිලි සැනින් වියැකී යතියි ඔවුන් සිතුවේ නැත.

කිරි උතුරවා නැතකට කිරිබත් අනුභව කර ගතවූයේ නත්නම් පැය හයකට ආසන්න කාලයක් පමණි. ප්‍රදේශවාසීන්ට සිදුවූයේ කිරිබත් කෑ සැනින් මළ බත කෑමටය. ඒ   පිරිසකට පමණි. සෙස්සෝ තවමත් පොළොව යටය.

සිකුරාදා (අලුත් අවුරුදු) දා සවස 2කට පමණ ඇත.  ‘දුවන්න.. දුවන්න.. දුවපල්ලා..‘ යයි පිරිසක් කෑමොර දෙන සද්ධයත් සමඟ කඩිගුලක් ඇවිස්සුනාක් මෙන් ප්‍රදේශවාසීහු දුවන්නට ගත්හ. කිහිප දෙනෙක් දිව ගියත් වැඩි දෙනකුට දිව යන්නට හැකි වූයේ නැත. කුණුකන්ද පාමුල තිබූ නිවාස ගැලවී ගොස් ඊට මීටර ගණනක් ඈතින් වූ නිවාස මතට පතිත විය. ප්‍රදේශවාසීන්ට අනුව මේ සියල්ල සිදුවන්නට ගතවූයේ මිනිත්තු දෙකක් පමණි.

ඒ සමඟම අවට සිටි පිරිස් ලහි ලහියේ එහි පැමිණි පස් සහ කුණු කන්දට යටවූවන් සොයන්නට පටන් ගත්හ. කිහිප දෙනකු බේරා ගැනීමට ඔවුහු සමත් වූහ. සිද්ධිය සැලවීමත් සමඟ බේරා ගැනීමේ කටයුතු සහ සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය ද යොදවන ලෙස මෛත්‍රීපාල සිරිසේන  ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.

කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාව එහි එන විට සිද්ධියෙන් පැය දෙකක් පමණ ගතවී ගොස් තිබිණි. යුද හමුදාව මගින් බේරා ගනු ලැබූ හතර දෙනෙක් ද රෝහල් ගත කරනු ලැබූහ. සෙසු පිරිස බේරා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙනි. පොලිසිය ද ඔවුනට සහාය විය.

අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අලුත්ම තොරතුරු අනුව පූර්ණ වශයෙන් හානි වී ඇති නිවාස ගණන 145කි. පවුල් 180කට අයත් 625 දෙනෙක් අවතැන් වී සිටිති. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ මේ වන විට 16 දෙනකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

තවත් කෙතරම් පිරිසක් පස් යටදැයි වගකිව යුතු ආයතන කිසිවක් නිල වශයෙන් ප්‍රකාශ කළේ නැත. ඔවුන් කීවේ පුද්ගලයන් ගැන සංගණනයක් කරගෙන යන බවයි. ප්‍රදේශවාසීන්ට අනුව තවත් විශාල පිරිසක් තවමත් ඇත්තේ පස් යටය.

මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් අවතැන්වූවන්ට සහන සැලසීමට සහ සෝදිසි මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 500ක් ද, ගුවන් හමුදාවේ 100ක් ද, පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බළකායේ 500ක් ද යොදවා ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

යුද හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (15) සවස ආරම්භ කළ ගලවා ගැනීමේ මෙහෙයුම් රාත්‍රී 9ට පමණ නතර කැරිණි. ප්‍රදේශයේ පැවැති දැඩි අඳුර සහ කුණු ගොඩින්  වතුර ගලා ඒම ඊට හේතුව බව ඔවුහු කියති.

ඉන් පසුවද ප්‍රදේවාසීහු එක්ව සෝදිසි මෙහෙයුම්   කළහ. මහ රෑ 12 පසු වන විටත් ප්‍රදේශවාසීහු පිරිසක් සිය ඥාති හිත මිත්‍රාදීන් සොයන්නට වෙහෙසෙමින් සිටියහ.

අද උදෑසන ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණු අතර යළි සෝදිසි සෙහෙයුම් ඇරැඹීය. හානි වූ නිවාස ගණනාවකට කණ්ඩායම් වශයෙන් ගොස් හමුදා කණ්ඩායම්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී තවත් පිරිසක් ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටියහ.

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහත්වරු අද උදේ සිද්ධිය වූ ස්ථානයට පැමිණියහ.  ඔවුන් අවතැන් වූ ජනතාව සමග සාකච්ඡා කිරීමට ගිය බවක් දක්නට නොලැබිණි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔවුන් මුලින්ම කැඳවාගෙන ගියේ සහන කණ්ඩායම් ක්‍රියාත්මක වන කාමර දෙකකටය. ඉන් පසු සිද්ධිය වූ ස්ථානය දැක බලා ගැනීමට ඔවුන් යද්දී ප්‍රදීශවාසීහු හූ තැබූහ. පිරිසක් සාප කළහ. මේ නිසා ප්‍රභූන්ගේ ආරක්ෂාවට විශාල පිරිසක් යොදවනු ලැබ සිටියහ.

‘මැරුණට පස්සේ ආවේ මොනවා බලන්නද? දේශපාලකයෝ එකතු වෙලා මිනිස්සු මරා ගත්තා. මිනීමරුවන්ට එන්න දෙන්න එපා.‘ යැයි කියමින් ප්‍රදේශවාසීන් හඬා වැටෙනු දක්නට ලැබිණි. කිසිම දේශපාලනඥයකුට ප්‍රදේශයට ඒමට ඉට නොදෙන ලෙස පිරිසක් පොලිසියෙන් ඉල්ලා සිටියහ.

කුණු කන්ද ඉවත් කරවීම සඳහා වසර ගණනාවක සිට අරගලයක නිරතව සිටින නීතීඥ නුවන් බෝපගේ මහතා ඇතුළු පිරිසක් උදේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණේ සිදුවී ඇති ව්‍යසනයේ සැබෑ තත්ත්වය ගැන තොරතුරු ජනතාවට ලබා දීම සඳහාය.  එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රදේශවාසීහු විටෙක හැඟීම්බරවද, විටෙක ආවේගයෙන් ද අදහස් දැක්වූහ. බොහෝ දෙනෙක් කීවේ සිද්ධිය ගැන සත්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් විකාශය නොකළ බවයි. ජනමාධ්‍ය සත්‍ය වසන් කරමින් වාර්තා කරන බව කී ඔවුහු සැබෑ තොරතුරු වාර්තා කරන ලෙස ආයාචනා කළහ.

ඒ කටයුතු සිදුවෙද්දී ආරක්ෂක අංශවල සෝදිසි මෙහෙයුම්ද දිගටම සිදු විය. අද දහවල් කළ සෝදිසි මෙහෙයුම් වළදී මළ සිරුරු පහක් පමණ සොයා ගනු ලැබ රෝහල් කරා ගෙන යනු දක්නට ලැබිණි.



අදහස් (11)

කුණුකන්ද පාමුල ඛේදවාචකය

Shanaka Saturday, 15 April 2017 01:04 PM

ඔය ආපු දෙන්නා ආවෙ එක ළඟ හරි නමකට බර කරලා එයාලගේ ගොඩට ඡන්ද ටික දාගන්න. මේ වගේ අයටනේ ඡන්දය දුන්නේ මේ අහිංසක ජනතාව...

:       0       76

Susil Saturday, 15 April 2017 01:08 PM

මේ අයට කුණුවලින් කොමිස් ගන්න පුලුවන්නම් කුණුවලින්ම නාවන්නයි තිබුනෙ....

:       1       108

ධම්ම Saturday, 15 April 2017 03:12 PM

මිරියබැද්ද, අරනායක, සාලාව අමතකම වෙලා යාවි. මේ ගැම්ම තවත් සෝඩා බෝතලයක් නොවේවා.!!!

:       0       39

arschfikaa Saturday, 15 April 2017 03:14 PM

අනාථ වූවන්ගේ බඩු මුට්ටු හොරකමට ආවේ සිංහල අයයි, වෙන ජාතිකයෝ කවදාවත් ඔයවගේ පාප ක්‍රියා කරන්නෙ නැහැ...

:       493       4

sujeewa Saturday, 15 April 2017 03:28 PM

අරණායක නාය ගිහින් අසරණ උන මිනිස්සු තවමත් ඉන්නේ උස්සපිටියේ කූඩාරම් වල. දැන් කොච්චර කල්ද? මුල්ලේරියාවේ අසරණයන්ටත් එච්චරම තමා. ආණ්ඩුවේ අයට කෝටි ගණන් වටිනා වාහන....

:       0       56

sam Saturday, 15 April 2017 10:22 PM

අනවසර පදිංචිකරුවොත් මනුෂ්‍යයෝය.... කියලා බලධාරීන් වටහා නොගැනීමත් මේකට එක හේතුවක් ...

:       1       6

abaran Sunday, 16 April 2017 04:38 AM

මිනිස්සුන්ගෙන් ඡන්දය හිඟා කෑ සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසුණු පිරිසක් නොයෙකුත් ආකාරයට මිනී මරති... මීතොටමුල්ල කුණු කන්ද වක්‍රාකාරව කරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයන්ය.....මෙය ජාතික විපතකි...මෙවන් විපත් රට පුරාම ඔවුන් විසින් සිදුකෙරෙනු ලබන අතර එය ජනතාවට නොදැනෙන්නේ ජාතියේ අවාසනාවටය....

:       0       26

ashan Sunday, 16 April 2017 03:16 PM

මන්ත්‍රීලගේ වැඩ නිසා තමයි මීතොටමුල්ලේ මිනිස්සු මැරුණේ. ඔය වගේ තිරිසනුන්ට ඡන්දෙ දෙන්න නරකයි..

:       0       152

outsider Monday, 17 April 2017 07:42 AM

දැන් අඬඅඬා හිටියට ආයෙත් ඔය පාහරයොන්ට ඡන්දෙ දෙන්නෙත් ඔය මිනිස්සුම තමා.. ඔය කුණු වලින් හම්බ කරා කියන දේශපාලකයො බලයට ආවෙ ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ඡන්ද වලින් නෙවෙයිනෙ. පුලුවන් නම් ඔය ගැම්ම ඊලඟ ඡන්දෙ වෙනකන් තියගෙන ඉන්න. එහෙම ඉඳල කැන්වසින් එන අයට දෙන්න තියෙන්නෙ දෙකේ දෙකේ පොලු වලින්. කොහෙද? ඉතින් අපේ අයගෙ මතකෙ සති දෙකයි නෙ....

:       0       5

menna Monday, 17 April 2017 12:14 PM

අනවශ්‍ය වරයවලුයි, අනවශ්‍ය ගුවන් තොටුපොළවල් හදන්නේ නැතිව, තියෙන කුණු ටික අඩුකරගන්න ක්‍රමයක කාටවත් හිතුනේ නැද්ද දන්නේ නැහැ. ලංකාවේ ඉන්නවයි කියන උගත්තු කෝ? කුණු ගොඩවල් එක්ක ජිවත් වෙන්නද ඉගෙන ගන්නේ? එහෙම නැත්නම් ලංකාව කුණුගොඩක් වෙනකන් බලන් ඉඳල විදේශයකට යන්නද?

:       3       0

sensa Wednesday, 19 April 2017 03:12 AM

වෙන රටකනම් මේවට වගකිවයුතු දේශපාලකයින් හා නිලධාරින් ඉල්ලා අස්වෙලා. මේ අය මේකත් සෙල්ලමකට අරන් එක එකාට බෝලේ පාස් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 794 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 149 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 989 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1023 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1333 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1194 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site