IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කළ ප්‍රදේශයක සිදුකළ කැනීම් වලදී ඊයේ (02) එල්.ටී.ටී.ඊ සංවිධානය සතු යුද උපකරණ , මිනිස් අස්ථි හා නිල ඇඳුම් තොගයක් හමු වූ බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පසුගිය මස  22 දා මුහමාලෙයි බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටි විදෙස් සංවිධානයක සාමාජිකයින් හට පළමුව කොටි සංවිධානය සතු නිලඇඳුම් හා ගිනි අවි කොටස් කිහිපයක් සමඟ මිනිස් අස්ථි කිහිපයක්ද හමු වූ අතර පසුව කිලිනොච්චිය මහෙස්ත්‍රාත් ටී. සර්වනරාජා මහතාගේ නියෝගයක් මත පසුගිය 26 වැනිදා  අදාල ස්ථානයේ පළමු කැනීම් සිදු කිරීමට කිලිනොච්චිය පොලිසිය පියවර ගනු ලැබීය.

මේ අනුව පළමු අදියරේදී මිනිස් අස්ථි, ගිනිඅවි, එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුම් කිහිපයක් හමු වූ අතර ඊයේ (02) දිනයේ දෙවන අදියරේ සිදු කරන ලද කැනීම් වලදී මිනිස් අස්ථි කොටස් 14 ක්,  මැගිසින් දෙකක්, සයිනයිඩ් කරලක් ,පතුරම් 34 ක් වශයෙන් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිල ඇඳුම් කොටස් කිහිපයක්ද හමු වී ඇත.

මේ අනුව දෙවන අදියරේ කැනීම් කටයුතු ඊයේ දිනයෙන් අවසන් වූ අතර නැවත එලඹෙන ජුනි මස 09 වැනිදා තෙවන අදියර ආරම්භ නියමිත බව පරීක්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලිසිය සඳහන් කළේය.

 

 

 



අදහස් (7)

කිලිනොච්චිය මුහමාලෙන් තවත් යුද උපකරණ තොගයක් හමුවෙයි

karu Wednesday, 03 June 2020 07:31 AM

ඡන්දෙත් කිට්ටුයි.. හෙට අනිද්දා වෙනකොට තව බඩු හම්බවෙයි...

:       164       301

janahitha UAE Wednesday, 03 June 2020 08:04 AM

මේවා අවුස්සගන්න එකේ තේරුමක් නැහැ.. යුද්ධයක් තිබුණු මිනිසුන් මරුණ නමුත් ජාතියක් හැටියට මරාදැමුණු පොලිස් නිලධාරින් 800 දෙනාගේ සිරුරු සොයාගැනීමත් එම ස්ථානයේ ස්මාරකයක් ඉදිකිරීමත් එම නිලධාරින්ගේ පූල්වලට ගරුකිරීමක් වනඅතර නැවත එවැනි වැරදි තීරණ නොගැනීමට පාලකයින් දැනුවත් වීමත් සිදුවනු ඇත...

:       1       5

PradeepWednesday, 03 June 2020 10:47 AM

ඔබ හරි.. මේවා නැවත ගොඩ ගත්තා කියලා සිදුවන යහපතක් නෑ. පරණ තුවාල පෑරෙනවා විතරයි. නමුත් වලදමා ඇති ආයුධ වර්ග නම් ගොඩට ගෙන විනාශ කරලා දාන්න ඕනෑ. මොකද එයින් බොහෝ හානි වෙන්න පුළුවන් නිසා.

:       0       18

සිරිබිරස් Wednesday, 03 June 2020 08:33 AM

ඉදිරියේදී ඔයිට වඩා දේවල් ලැබේවා. හැබැයි ඡන්දෙ ඉවර වෙනකං විතරයි.

:       21       112

Somasiri Wednesday, 03 June 2020 10:15 AM

මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ සෙල්ලම තාම ඉවර නැද්ද?

:       0       23

karuWednesday, 03 June 2020 01:30 PM

මේ අපේ කට්ටියගේ වැඩක්. බයවෙන්න එපා.

:       0       0

BamunuarachchiThursday, 04 June 2020 12:59 PM

සෝමසිරි ඔය කරූගේ කට්ටියගේ වැඩක්ලු. එක එක නම් වලින් කොටි අපි අතර ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 0 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 756 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 781 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 540 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 693 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 85 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site