IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ භාණ්ඩාගාරය අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
 

 
බලධාරීන් ප්‍රශ්නය විසඳීම වෙනුවට එය තවත් දිග්ගස්සමින් සිටින බැවින් කිරිපිටි ආනයනය කිරීම, අලුතෙන් ඇනවුම් කිරීම සහ දැනට තිබෙන තොග නැවැත්වීම හැර වෙනත් තේරීමක් නැතැයි ද කිරිපිටි ආනයනකරුවෝ අනතුරු ඇඟවූහ.
 
 
රජය කිරිපිටි මිල ගණන් ඉහළ නැංවීමට ඉඩ ලබා නොදෙන්නේ නම් ඉදිරි සති දෙක තුනක කාලයේදී රට තුළ කිරිපිටි හිඟයක් ඇති වනු ඇතැයි ද කිරිපිටි සමාගම් කිහිපයක ප්‍රධානීහූ කීහ. 
 
 
කිරිපිටි සමාගම් වර්තමානයේදී මසකට රුපියල් මිලියන 30ත් 40ත් අතර පාඩුවක් ලබන බවත් කිරිපිටි මිල ගණන් රුපියල් 100කින් වැඩි කිරීමට රජය අවසර ලබා නොදෙන්නේ නම් ව්‍යාපාර කටයුතු නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද ඔවුහු පැවැසූහ. 
 
 
රුපියල අවප්‍රමාණය වීම, රුපියල් 15ක තීරු බද්ද, සියයට 15ක එකතු කළ අගය මත බද්ද (වැට්), සියයට 7.5ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම යනාදිය ද ඇතුළුව සියලු බදු වැඩි වීම් හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ පිරිවැය වැඩි වී ඇති බවත් ඔවුහු පෙන්වාදුන්හ.
 
 
ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත.
 
 (සන්ඬේ ටයිම්ස් ව්‍යාපාරික වාර්තාකරු )

(055)
 



අදහස් (25)

කිරිපිටි සමාගම් කිහිපයක් වරායෙන් තොග නිදහස් කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

Raveendra Sunday, 20 January 2019 09:05 AM

බොහොම හොඳයි. ඔය ගොඩ කුණුවෙනකම් වරායේ තියෙන්න සලස්වමු. පිටිකිරි කොහොමත් මිනිසුන්ට හොඳ නැහැ. ඔය කොම්පැනිකාරයන්ට සදහටම පාඩුවෙන්න එකමුතුව වැඩකරමු...

:       112       552

JayaweeraSunday, 20 January 2019 11:11 AM

කුණු වෙන්න දෙන එක නෙමේ විසඳුම... ලංකාවේ දේශීය කිරි නිෂ්පාදකයින්ට වෙළඳපළ විවෘත කරල දෙන එක... අපේ රටේ කිරි බීපියව් කියලා අපේ හරක්ට කියන එක.

:       1       66

AsankaSunday, 20 January 2019 11:52 AM

කිරිපිටි හොඳ නැහැ කියලා ළමයින්ට උදේට බොන්න දෙන්නේ මොනවද? තේ කහටද..? අපේ ගෙදර ළමයි දෙන්නම උදේට කිරි බොනවා අපිත් ඇතුළුව, එක්කෝ රටේ කිරි නිෂ්පාදනයක් තියෙන්න ඕන, සුලභව ගන්න තියෙන්න ඕන. නැත්නම් සල්ලිවලට කිරිපිටි ගන්න තියෙන්න ඕන. මේක නම් පුදුමාකාර අදහස් තියන මිනිස්සු ඉන්න පුදුමාකාර රටක්...

:       222       31

RaveendraSunday, 20 January 2019 03:52 PM

Asanka මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන අතර අප අවංකවම එම අදහස් පිළිබඳව කණගාටු වන්නෙමු. පිටින් ගෙනෙන ඕනෑම දෙයක් වෙනුවෙන් හොඳයි කීමටත්, අගය කිරීමටත් දේශපාලකයන් මෙන්ම කොම්පැනි කාරයන් සැදී පැහැදී සිටින බව අමතක නොකරන්න. විදේශීය කිරිපිටිද ලක්මවගේ දූ දරුවන්ට, ඔබට, මට ,අපට දේශපාලුවන් , කොම්පැනි අවජාතකයන් පුරුදු කරපු සයනයිඩ් කරල් බව අමතක නොකරන්න.

:       0       133

Amila Sunday, 20 January 2019 09:08 AM

වෙන සාමගම්වලට ගෙන්වන්න හරින්න. අනික බොහෝමයක් මිනිස්සු දැන් මේ පිටින් එන කුණු ගොඩවල් බොන්නේ නෑ.

:       104       298

SajithSunday, 20 January 2019 11:16 AM

ලංකාවේ ගොන්නු තාම රටින් එන ඒවට තමයි ආස... මොකක් හරි පැකට් කරලා වෙන රටක නමක් ගහලා තියෙනවා නම් පොර කකා ගන්නේ. බෙහෙත් වල පොඟවල, ඉටි තවරලා එවන ඇපල්, දොඩම් වලට ලංකාවේ කරන වියදමේ තරම රුපියල් බිලියන ගානක් අවුරුද්දකට. අපේ පේර, දොඩම්, කෙසෙල් හරියන්නේ නෑ, ලංකාවේ අයගේ ආකල්ප වෙනස් කළොත් ලොකු ගමනක් යන්න පුළුවන්.

:       0       59

d.upul Sunday, 20 January 2019 10:01 AM

අපේ මුතුන්මිත්තෝ යෝධ වැඩ කලේ පිටිකිරි බීලා නොවෙයි.

:       100       274

RaveendraSunday, 20 January 2019 11:07 AM

සහතික ඇත්ත. දේශීය කිරි ගොවියන්ට පිටට යනමුදල් ලැබීමට උදව් කරමු. ඔය කොම්පැනි පිටුපස අවජාතක දේශපාලුවන් ස්ථිරවම සිටිනවා වගේම කෙසේ හෝ කිරිපිටි මිල වැඩි කිරීමට දත කට පුට්ටු කරගන්නවා. ඒ කරන්නෙත් අපේම මිනිසුන්ට කුණු ගොඩවල් දීමට හැර ආදරයකට නොවන බවත් කීමට කැමැත්තෙමු.

:       0       43

rama Sunday, 20 January 2019 10:03 AM

අනේ අපට නම් එපා. අපි ප්ලේන්ටි එකක් බීලා ජීවත් වෙන්නම්...

:       100       178

Chula Sunday, 20 January 2019 10:25 AM

කිරිපිටි සමාගම්වල මාර්කටින් බජට් එක අඩු කරන්න. මේ අය මිලියන් ගණනක් වැයකරනවා ප්‍රචාරක කටයුතුවලට... එතකොට අඩුවට දෙන්න පුළුවන්...

:       100       413

isurandi Sunday, 20 January 2019 10:47 AM

අනේ වාසනාවන් ඕවා කුණුවෙන්න අරිනවා නම්. කිරි ගොවියට අගයක් ලැබෙයි මේ කුණු ගෙන්වන එක නැවත්තුවොත්...

:       0       22

sena Sunday, 20 January 2019 11:30 AM

අනේ හොඳයි සතියකට, දෙකකට නෙවෙයි අවුරුද්දකට දෙකකට නැවත්තුවොත් දේශීය කිරි නිෂ්පාදනය දෙගුණ වෙයි..

:       0       16

Nuwan Sunday, 20 January 2019 11:56 AM

ලෝකේ ඕනෑම රටක උදේට මිනිස්සු කිරිබොනවා. උදේට කිරි ටිකක් ළමයින්ට දෙන්නේ නැතුව මුතුන් මිත්තෝ ගැනයි, කුණු ගොඩවල් ගැනයි කතා කරකර ඉන්නවා. මෙච්චර තණකොළ තියන රටේ කිරි නිෂ්පාදනයක් නැහැ. මිනිස්සුත් කිරි නිෂ්පාදනය සුලබ කිරීමට අදහස් යෝජනා රජයට බලපෑම් කරනවා හැරෙන්න කොම්පැනිවලට බැනබැන කහට බොනවා. හරිම දුප්පත් චින්තනයක් තියන මිනිස්සු ඉන්න රටක් මේක...

:       2       13

ROSHAN Sunday, 20 January 2019 01:07 PM

නියමයි කියලවත් කරගන්න බැහැ. ලංකාවේ නිපදවන්න ආනයනය නවත්වන්න. සේරම සේවකයෝ ටික ලංකාවේ කර්මාන්ත ශාලා වලට අනුයුක්ත කරන්න. ළදරු කිරිපිටිවලට චීනයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ගූඩ් ලක්...!!!

:       0       44

ලක්ෂ්මන් Sunday, 20 January 2019 01:53 PM

බොහොම හොඳයි. අපේ ලංකාවේ දේශීය කිරිපිටි සමාගම් තියෙනවනේ. ඒ අයට නිෂ්පාදන වැඩිකරන්න කියමු. එතකං කොහොමහරි පිරිමහගමු. මේ විදෙස් කිරිපිටි ආනයනය කරන සමාගම් කියන විදියට රට්ටු නටන්න ඕනෑ නැහැ. එහෙම නැත්තම් වෙනින් සමාගම්වලට කිරිපිටි ගෙන්නන අවසර ලබා දෙන්න.

:       0       26

lanka Sunday, 20 January 2019 02:18 PM

අද ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොලේ කිරි පිටි මිල, පසුගිය වසරේ මුල භාගයේ තිබු මිලට වඩා අඩුවී ඇත. රුපියල අවප්‍රමාණය වීම නිසා යම් ප්‍රමාණයකින් පිරිවැය වැඩිවී තිබුණත්, 2017 වසරේ කිරිපිටි සඳහා වූ ආනයන බදු විශාල ලෙස පහත දැමීමෙන් පාරිභෝගිකයාට විශාල සහන ලැබුනේ නැහැ. මේ රජය පත් වූ දින සිට කිරිපිටි ආනයනය කරුවන්ට විශාල සහන දීමෙන් දේශීය කිරි ගොවියා එම කර්මාන්තයෙන් අතුගා දැමීය. අද අපි අත්විඳින්නේ ඒවායේ ඵලවිපාකයි.

:       1       16

Raveendra Sunday, 20 January 2019 02:45 PM

lanka මයා වෙත, ඔබගේ අගනා අදහස් සමග අපද එකඟවන්නෙමු. කොම්පැනි කාරයන් කිසිදින කිසිවිට ලක්ජනයාට ආදරය නොකළ බවත් කිරිපිටි වරායෙන් තාවකාලිකව නොව සදහටම නිදහස් කර නොගන්නේ නම් එය වඩාත් සුදුසු මෙන්ම කියලවත් කරගන්න බැරිදෙයක් වනු නියතයි. එබැවින් වරායේ තිබෙන එම කුණුගොඩවල් චිරාත් කාලයක් තිබෙන්නට හැර දේශීය කිරිගොවියන් ගොඩ ගැනීමට මෙය හොඳ අවස්ථාවක් කරගමු. දියවන්නා ඔයේ 225 වූ අයගෙන් අදාළ අයට මෙය කියවීමට හැකිවේවා යන්න අපගේ එකම පැතුමයි...!!! 

:       0       12

chandima Sunday, 20 January 2019 03:59 PM

ඔව් ඉතින් ඔව්ව වාරයේදී කුණුවුණු කියලා අහක දාන්නේ නැහැනේ? අන්තිමේ අපිටම තමයි කවන්නේ, ගානත් ටිකක් වැඩි කරලා.

:       0       5

asdfg Monday, 21 January 2019 03:06 AM

සේනා දළඹුවා -> දේශීය බඩ ඉරිඟු නිෂ්පාදනය විනාශය -> සත්ව අහාර නිෂ්පාදනය අඩුවීම -> දේශීය කිරි නිෂ්පාදනය අඩුවීම -> විදේශීය කිරි පිටි හිඟයක් මවා පෑම -> විදේශීය විෂ කිරිපිටි මිල ඉහල දමා ගැනීම -> විෂ පෙවීම

:       0       1

janaka Monday, 21 January 2019 03:35 AM

ඉහත අදහස් දක්වපු සියලු දෙනාගේම වටින අදහස් වලට බොහොම ස්තුති. ඒ වගේම ඔබ සියලු දෙනාටම අමතක වූ දෙයක් මතක් කරන්නයි උත්සාහය. පිටරටින් ගෙන්වලා ලංකාවේ බෙදාහරින කිරිපිටි වල මිලයි ලංකාව තුල නිපදවන කිරිපිටි වල මිලයි සමානයි. අන්න ඒ හේතුව නිසයි අපේ රටේ මිනිස්සුන්ට මෙමෙ දෙවර්ගයේ වෙනස නොදැනෙන්නේ. අපේ රටේ නිෂ්පාදන වල මිල අඩුවෙලා ගුණාත්මක බව වැඩි උනානම් තමයි හොද. එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි? කරුණාකරලා මේ පිළිබද දැනුමක් තියෙන අය අපව දැනුවත් කරන්න.

:       0       2

janaka Monday, 21 January 2019 03:35 AM

ඉහත අදහස් දක්වපු සියලු දෙනාගේම වටිනා අදහස් වලට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලුදෙනාටම අමතක වූ දෙයක් මතක් කරන්නයි උත්සාහය. පිටරටින් ගෙන්වලා ලංකාවේ බෙදාහරින කිරිපිටි වල මිලයි ලංකාව තුළ නිපදවන කිරිපිටි වල මිලයි සමානයි. අන්න ඒ හේතුව නිසයි අපේ රටේ මිනිස්සුන්ට මෙම දෙවර්ගයේ වෙනස නොදැනෙන්නේ. අපේ රටේ නිෂ්පාදන වල මිල අඩුවෙලා ගුණාත්මක බව වැඩි වුනානම් තමයි හොඳ. එහෙම වෙන්නේ නෑ. ඒ ඇයි? කරුණාකරලා මේ පිළිබඳ දැනුමක් තියෙන අය අපව දැනුවත් කරන්න.

:       0       0

දිලුම් Monday, 21 January 2019 03:48 AM

භාණ්ඩාගාරය මේක කුණු වෙන්නම අරින්න වෙන විදියට වැඩ කරන්න. අපේ ළමයින්ට වහ බොන්න දෙන මේ වගේ සමාගම්වල කිරිපිටි වෙනුවට භාණ්ඩාගාරය මැදිහත්ව දේශීය කිරි ගොවියාට සහන සලසා දියර කිරි නිෂ්පාදනය වැඩිකර සෑම දෙනාටම ගන්න පුළුවන් මිලකට දියර කිරි විකුණන්න. එවිට මේ රටේ ළමා පරපුර හො නිරෝගිමත්ව හැදේවි. අද දියර කිරි එකක් රු.220ක් වෙනවා තුන්දෙනෙක් ඉන්න පවුලකට සතියට පැකට් දෙකක්වත් ඕන. ඒ කියන්නේ මාසෙකට දියර කිරි බොන්න රු.1280ක් යනවා. ඒත් පිටිකිරිවලට වැය වෙන්නේ රු.385යි. මාසෙටම ඒ නිසා මිනිස්සු ඒක බොනවා. ඒත් කිසිම ගුණයක් නෑ. ඊනියා සමාගම් පාඩුයි කිය කිය භාණ්ඩාගාරය අන්දමින් මිලියන ගණන් ලාභ ලබනවා. මේ ජරාව රටින් තුරන් කර දේශිය කිරි ගොවියා රකින්නට භාණ්ඩාගාරයට ශක්තිය ලැබේවා...!!!

:       0       0

jerry Monday, 21 January 2019 05:14 AM

අපිට ඕන නෑ කිරි අපි බොමු කොළකැඳ

:       10       16

dhamneth Monday, 21 January 2019 05:32 AM

දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය පියවර තවම කිසිම් ආණ්ඩුවකින් ගත්තේ නැහැ. අවශ්‍ය එකම පියවර තමයි කිරි ගවයින් සොරුන්ගෙන් ආරක්ෂාකරදීම, මෙයට තිබෙන එකම පියවර හරක් හොරුන්ට මරණ දඬුවම දීම හා ඔවුන්ගේ දේපොළ රාජසන්තක කිරීම. කිරි නිෂ්පාදනයට කැමති විශාල මේ රටේ ඉන්නවා නමුත් ඔවුන්ට තිබෙන ප්‍රශ්නය තමයි කිරි ගවයින් හොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීම. රජය හරක් හොරකම වැලැක්වීම පියවර ගන්නවානම් කිරිපිටි පිට රටින් ගෙන්වීමට නතරවීම පමණක් නොවෙයි ලක්ෂ ගණනකට ස්වං රැකියා ලැබෙනවා.

:       0       1

Mahinda Monday, 21 January 2019 06:35 AM

අපේ අයට අපේ රටේ කිරි පොවමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 117 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 243 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 901 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 340 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 338 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 169 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 197 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site