IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කිරි හරක් ගෙන්වීම ගැන විමර්ශන අරඹයි

තරිඳු ජයවර්ධන

ලංකාවට කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද පරීක්ෂණ ආරම්භ කළේය.

2015 වසරේ සිට සිදුවූ වංචා සහ දූෂණ ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද මෙම ගනුදෙනුවට අදාළව සාක්කිකරුවන් ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කිරි ගවයන් ගෙන්වද්දි සිදුවී ඇතැයි කියන මහා පරිමාණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ‘‘කිරි හරක් ආනයන හරක් වැඩේ‘‘ මැයෙන් ලංකාදීප සත්‍ය ගවේෂණ විශේෂාංගයකින් පසුගිය පෙබරවාරි මාසයේ අනාවරණය කළේය.

මෙම අවිධිමත් ආනයනය නිසා රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවී ඇතැයි දැනගන්නට තිබේ. පළමු අධියරේ කිරි ගවයන් ගෙන්වීමට පමණක් ගිය වියදම රුපියල් කෝටි 103කට අධිකය. 

 



අදහස් (19)

කිරි හරක් ගෙන්වීම ගැන විමර්ශන අරඹයි

sachith Monday, 25 March 2019 03:59 PM

කොමිසම් නම් කීයක් ආවද මේ රටේ. කෝ එකකින්වත් වැරදිකාරයොන්ට දඩුවමක් දුන්නද?

:       0       67

බද්රානි Monday, 25 March 2019 04:25 PM

දැන් ඔය කිරි හරක් ආනයනය කරද්දී සිදු කර ගත් පාඩුවට, මේ පරීක්ෂණ කරන්න පත්කරලා තියෙන කොමිෂන් සභාවට යන වියදමත් එකතු කලාම, සිදුකර ඇති සමස්ත පාඩුවම එකවර ගණන් බලා ගැනීමට පහසුයි.

:       1       147

NissankaTuesday, 26 March 2019 04:33 AM

මේ කොමිෂන් වලින් අන්තිමේදී තීරණය කරයි මේ හරක් ඕස්ට්‍රේලියාවේ ඉඳන් තමන්ගේ කැමැත්තෙන්ම අවා. ඒ නිසා කවුරුත් මේකට වග කියන්න ඕන නැහැ කියලා.

:       0       112

mendis Monday, 25 March 2019 07:59 PM

මේ පරීක්ෂණය සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුළද?

:       0       0

sirimal Monday, 25 March 2019 10:09 PM

අනිත් කොමිසම වල තීන්දු වලට දඬුවම් දෙන වැඩේ පුස් කෑවට මේ කොමිසමේ ඒවටනම් දඬුවම් දෙයි සුටුස් ගාල.

:       0       0

Bamunuarachchi Monday, 25 March 2019 11:45 PM

ලොකුම දූෂණය උනේ 2015 දී කිරි තියා ගොමවත් ගන්න බැරි රැලකට ඔයවගේම 62 ක් රට බාර දීමය.

:       2       36

Bamunuarachchi Monday, 25 March 2019 11:54 PM

කොමිෂන් වාර්තා, පුවත්පත් හරියට කියවලා දඬුවම් දීම ජනතාවට පවරලයි තිබෙන්නේ. කොමිෂන් වලින් කරන්නේ මූ හොරා, හොරුන් ඇතිකළේ මෙයා කියල ලේබල් ඇලවීම පමණයි. එහෙම ලේබල් අල්වාගත්ත රෙජිස්ටඩ් හොරු දැනටමත් කීදෙනෙක් ඉන්නවාද? එනිසා 2020 දී මෙහොරුන්ට පයින් ගහලා එලියට දාමු.

:       1       35

athuraTuesday, 26 March 2019 07:53 AM

බමුණ, මේ හොරුන් එලවා ඒ හොරුන් ගේමුද?

:       0       0

Bamunuarachchi Wednesday, 27 March 2019 04:56 PM

මේ රටට අවුරුදු 4 ම වැඩක් නොකළ ලියා පදිංචි හොරු. අර හොරු අවුරුදු 8ට යුද්ධය අවසන් කිරීම සමග ව්‍යාපෘති 40ක පමණ කල් කල්පිත හොරු. දැන් කියන්න කොයි හොරාද හොඳ කියලා. දැන් ඉන්නේ රටට වැඩක් නැති පට්ට හොරු නේද?

:       0       0

ටොයියා Tuesday, 26 March 2019 07:58 AM

මේ බමුණා නිතරම හැට දෙකක් ගැන කියනවා. මොකක් ගැන කියනවද මට නම් තේරෙන්නේ නැහැ. ඔය කියන්නේ සදාකාලිකව බලයේ ඉන්නට හැකියි සිතාගෙන සිටි ඔබේ පරණ නායකයා පහුගිය ජනාධිපතිවරණයේදී ගෙදර යවපු ලක්ෂ හැට දෙකක් වූ මේ රටේ බුද්ධිමත් ජනතාව ගැනනම් එයින් එක් අයෙක් වශයෙන් එදා ගත් ඒ ඓතිහාසික තීන්දුව ගැන අදටත් සතුටු වෙන බව කියන්න කැමතියි. එදා ශෝකයෙන් මුසපත් වී සිටි බමුණුආරච්චි වැනි බයියන්ගේ මුහුණු මතක් වෙද්දී දැනෙන ප්‍රීතිය වචනයෙන් විස්තර කල නොහැකිය.

:       0       256

Sanath KandyTuesday, 26 March 2019 08:03 AM

2020දී මේ හොරුන් පයින් ගහලා එලියට දැම්මත් පරණ හොරුන්ට ආයේ මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. අලුත් හොරුයි, පරණ හොරුයි ගෙදර යවලා විකල්ප අදහස් ඇති රටට ආදරය කරන පිරිසකට බලය දෙන්න මේ රටේ මිනිස්සු ලෑස්තියි.

:       0       21

ගොන් බමුණාTuesday, 26 March 2019 11:56 AM

මල් වනේ ගෙවල් ගත්ත ගොන් රැල එලවපු එක තම ලොකුම නුවනක්කාරකම !

:       0       0

ajith Tuesday, 26 March 2019 04:07 AM

2015 සිට දුෂණ හොයන්නේ යුඑන්පී එකට මඩ ගහන්න උනාට ජනාධිපතිතුමානේ එම කලෙත් කැබිනට් එකේ නායකයා. ඉතින් ඔබතුමාටත් ගැලවෙන්න පුලුවන්ද? දුෂණ චෝදනා වලින්. අනික 2015 ට කලින් කිරි හරක් ගෙන්නුවනේද? එවකට හිටපු දේසපාලකයෙක් විදේශවලින් ගෙනාපු කිරි හරක් ගෙදර ගෙනිච්ච. වැඩි කලක් එම සතුන් ජීවත් උනේ නැහැ. දේශගුණය නොගැලපෙන නිසා ඔවුන් මිය ගියා. ඒවත් සොයා බැලුවොත් නරකද?

:       39       73

ගල් බමුණා Tuesday, 26 March 2019 05:25 AM

මේ ඒ කාලේ හරක් ගෙන්නපු හරක් ගැන තමා කියන්නේ. ඒ ගිවිසුම ගහලා තියෙන්නේ අවලංගු කරන්න බැරි වෙන්න. ඒ ගිවිසුම ගහපු කෙනාගේ මල්වානේ වත්තෙත් දැන් හරක් ලගිනවලු ...............

:       27       151

Sanath Kandy Tuesday, 26 March 2019 04:40 AM

මේක කාගේ උවමනාවට කරපු දෙයක්ද කියලා රටම දන්නවා. ජවිපෙ ගොවි සංගමයේ නාමල් කරුණාරත්න සහෝදරයා කොච්චර කල්ද මේ දේවල් එලි කරලා? දැන් තමයි බොරුවට කොමිෂන් දාන්නේ. මේ විදිහට රටේ මහජන මුදල් කොල්ලකාපු අයට මේ ආණ්ඩු තියෙනකල් දඩුවම් කරන්නේ නැහැ.

:       0       101

sandy123 Tuesday, 26 March 2019 05:46 AM

හරක් පාර්ලිමේන්තු යවපු එක ගැනත් විමර්ශනයක් කරන්න වෙනවා. බැරිද කොමිසක් පත් කරන්න?

:       0       106

rocky Tuesday, 26 March 2019 01:55 PM

බමුණු මේ සැරෙත් ගැහුවා ගොමපාරක්... කවුද ඉස්සෙල්ලම කිරි හරකුන්ව, හරකුන්ව ගෙන්නුවේ?

:       0       0

BamunuarachchiWednesday, 27 March 2019 04:58 PM

ඔබව ගෙනාව අයම තමයි. වෙන කවුද?

:       0       0

Bamunuarachchi Wednesday, 27 March 2019 04:59 PM

නැතුව ඔබට ගොමවලින් ගහන්නේ නැතුව ගල් වලින් ගහන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 236 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 205 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 255 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 155 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 582 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1001 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 212 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site