IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කිරි දෙනුන් ගෙන් වූ ව්‍යාපෘතිය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් සාක්කි දෙයි

(තිළිණි ද සිල්වා)

ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට කිරි දෙනුන් 20,000 ක් පමණ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබූ ව්‍යාපෘතියක් බවත් එම ව්‍යාපෘතියේ ඇති ගැටලු ගැන අමාත්‍ය පී.හැරිසන් මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද එය දිගටම සිදුකර ගෙන යන ලෙසට තමන්ට උපදෙස් ලැබුණු බවත් පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් රේණුකා ඒකනායක මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් පැවසුවාය.

2017 / 2018 වර්ෂවලදී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින්  ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා මෙරටට ගැබ්බර කිරි දෙනුන් ආනයනය කිරීමේදී  වංචා සිදුවී ඇතැයි කියමින් ගොනු  වූ පැමිණිල්ලකට අදාළව සාක්කි දෙමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය කියා සිටියාය. 

මෙම කිරි දෙනුන් ආනයනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ විවිධ ගැටලු ගැන  ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය  පී.හැරිසන් මහතාද ඉතා හොදින් දැන සිටියේ යැයි එසේම මෙම ව්‍යාපෘතිය යටතේ ගෙන්වූ ගැබ්බර දෙනුන් විවිධ රෝගාබාධ වලට ලක්වීම හා කිරි ගොවීන්ට ඇති වූ අපහසුතාවන් ගැන අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණන වාර්තාවක් ලබා ගත් බව හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මේ ව්‍යාපෘතියේ ගැටලු ගැන අමාත්‍ය පී.හැරිසන් මහතා ඇතුළු අදාළ බලධාරීන්ට දැන්වුවද  තමන්ට එම ව්‍යාපෘතිය දිගටම සිදු කර ගෙන යන ලෙසට උපදෙස් ලැබුණු බවද ඇය කොමිසම හමුවේ කීවාය.

කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ලේකම්වරිය කියා සිටියේ මෙම කිරි ගවයින් ගෙන්වීමට අදාළ ව්‍යාපෘතියේ ලේඛනවලට තමන් අත්සන් තැබුවත් ඒ සම්බන්ධයෙන් දැනුමක් නොතිබීම හේතුවෙන් සොයාබලා කටයුතු කිරීමට අතිරේක ලේකම්වරයෙකුට බලය පැවරීමට කටයුතු කළ බව ඇය පැවසුවාය.

එසේම මේ කිරි දෙනුන්ගේ මතු පිට පුෂ්ටිමත්භාවය සොය බලා වාර්තා ඉදිරිපත් කිරීමට තමන් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු , පශු වෛද්‍යවරයෙකු ඇතුළු තිදෙනෙකු ගෙන් යුත් නිලධාරී කණ්ඩායමක් නවසීලන්තයේ දින 6 ක සංචාරයක් සඳහා යැවූ බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරිය ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තාය.

ආනයනය කරන අවස්ථාවේ ගැබ්බර කිරි දෙනුන්ට රෝග වැළඳී නොතිබුණු අතර ඔවුන් බිහිකළ පැටවුන්ට රෝග වැළඳී ඇති බවට තමන් පසුව දැනගත් බවද හිටපු ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබු  බව පිළිගත් හිටපු ලේකම්වරිය මේ හරහා කිරි ගොවීන් මුහුණපෑ අපහසුතා සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව කොමිසම හමුවේ කියා සිටියාය.

ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් 2017 /2018 වර්ෂවල දී  ඕස්ට්‍රේලියාවේ වෙලාඩ් සමාගම හරහා කිරි ගවයින් 20,000 ක් පමණ ආනයනය කිරීමේදී වංචා සිදුව ඇතැයි කියමින් එම දෙනුන් ගෙන්වූ ලැමෙන්හොර් වතුයායේ හිමිකරු වන අමල් සූරියගේ මහතා මෙම පැමිණිල්ල කොමිසමට ඉදිරිපත් කර තිබිණි.

එම කිරි දෙනුන් මෙරට කිරි ගොවීන් සඳහා  ලක්ෂ 4 ත් 5 ත් අතර ඉහළ මිලකට අලෙවි කර ඇති අතර ගොවීන් බැංකු ණය මගින් මුදල් ලබාගෙන කිරි ගවයන් මිලට ගෙන තිබූ අතර ඉන් වැඩි පිරිසක් පසුව මිය ගිය බවද එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා තිබිණි.



අදහස් (18)

කිරි දෙනුන් ගෙන් වූ ව්‍යාපෘතිය ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් සාක්කි දෙයි

රජින්ද Sunday, 22 September 2019 04:03 PM

නියමයි.. සංහිඳියාව, සදාචාරය, උගත් නායකයින් ගැන දොඩවන ගමන් කිරි දෙනුන්ගෙනුත් ජරාව කන සත්තු ටිකක් මේ රටේ ඉන්නේ.

:       31       218

Chanak los angelesMonday, 23 September 2019 02:42 AM

මේ ගැහිලි රටට දායාද කලේ සාටකයන් කියා ඔබ නොදන්නවානම් හරි පුදුමයි ?

:       51       75

samanMonday, 23 September 2019 08:23 AM

එළදෙනකගේ ගොන් පැටියෙක්.....

:       27       12

NissankaMonday, 23 September 2019 11:54 AM

රජින්ද දන්නවද මේ ගිවිසුම අත්සන් කළේ පසුගිය රජයේ ආර්ථික කටයුතු ඇමති බව... ගිවිසුම අවලංගු කළා නම් මීට වඩා අපාදුක් වෙනවා.

:       0       0

Amila Sunday, 22 September 2019 04:20 PM

ඉන්දියාව වගේ රටකින් ගේනවා නම් ගේන්න ඕනෑ. ඕස්ට්‍රේලියාවේ දේශගුණයට හැදිලා ඉන්න සත්තු මෙහෙට කොහොමත් හරියන්නේ නෑනේ. අනික සත්තු කීපයක් ගෙනැල්ලා කොහොමද කියලා බලන්න තිබුණා. මේ නිලධාරීන් තමයි රට කාලා තියෙන්නේ...

:       0       0

Chathuri Sunday, 22 September 2019 06:08 PM

කිසිම දෙයක් දන්නේ නැති හරක් තමයි මේ වගේ ගනු දෙනු කරලා ගොවින් අමාරුවේ දමන්නේ , මේ කිරි එළ දෙනුන් අපේ රටට හරියන්නේ නැහැ , එකක් දේශ ගුණය , ආහාර මේ සතුන් සැපට හැදෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ,මේ සත්තු තණකොළ ටිකක් කලා ජිවත් වෙන්නේ නැහැ. අපේ රටේ මිනිසුන්ට වැඩිය සැප විදින සත්තු ටිකක් එක එළ දෙනෙක් අලියෙක් තරම් පුෂ්ටිමත් , හැමදාම විටමින් දෙනවා ගොවි මහතුන් දැනගන්න. ඕන මේවගේ සතෙක් නඩත්තු කරන්න අමාරු බව ,තණ්හාවට ගත්තට , කොටින්ම කිව්වොත් දරුවන්ට නැති සැප මේ සතුන්ට දෙන්න ඕන, මෙයට දඩුවම් කරන්න ඕන මේ සතුන් ඇනවුම් කරපු කෙනාට අසරණ සතුන් මරණයට පත් කරපු එකට , ඉන්දියවෙන් ගෙන්න තිබුනනේ ඔය තරම් උවමනානම්.

:       0       0

gaspe Sunday, 22 September 2019 06:20 PM

දැන් එතකොට ලක්ෂ 5 කට වික්කනම් ආණ්ඩුවට පාඩු වුනේ කොහොමද. ඇත්තටම පාඩුව දරාගන්ඩ වෙලා තියෙන්නේ අහිංසක ගොවීන්ටයි.

:       0       0

Asanka Sunday, 22 September 2019 06:38 PM

මුකුත් නොදැනද එතකොට මේ ලංකාව ට නොගැලපෙන ලක්ෂ 6 කට වඩා ගණන් කිරි දෙනුන් හෙවත් සුදු අලි ගෙන්වන්න අත්සන් කලේ .. දැන් සමාව ඉල්ලනවලු ...

:       0       2

himal Sunday, 22 September 2019 06:49 PM

ඔය ගැන සිදුවෙන්න ඕන විද්‍යාත්මක පරීක්ෂණ මිසක් පරිපාලන පරීක්ෂණ නොවේ. අරයා මෙයාට කිව්වා මෙයා අරයට කිව්වා ඒක එහෙම කිව්වද හොයන්න නොවේ, මේ කිරි දෙනුන්ට ලංකාවට ගෙනාවට පසුව ලෙඩක් හැදුනද නැත්නම් ගෙන්වද්දිම ලෙඩක් හැදිලා තිබ්බද කියලයි බලන්න ඕන.

:       0       6

සමන් ඕස්ට්‍රේලියා Monday, 23 September 2019 12:34 AM

කිරි දෙනුන් ආනයනය කලේ ඕස්ට්‍රේලියාවෙන්, නමුත් නිලධාරී කණ්ඩායම සංචාරය නවසීලන්තයේ .

:       4       4

sudda Monday, 23 September 2019 03:18 AM

මත්තල වී ගබඩා කරලා ඒ ටික අරක්කු හදන්න ලාබෙට දුන්නා. දැන් එලදෙනුන්වයි ඔවුන්ව ගත් ගොවීන්වයිත් කාලා. හැබැයි අනුන්ට බන දෙසනවා.

:       116       110

yaha Monday, 23 September 2019 04:34 AM

නවසීලන්තයෙන් , ඕස්ට්‍රේලියාවෙන් කිව්ව පලියට ගන්න එපා.

:       0       1

sharm warn Monday, 23 September 2019 04:36 AM

එතකොට කවුරුවත් වරදිකාරයෙක් නැද්ද ? සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදියට ම , අරය කිව්වා නිසා මම කලේ , මට කිව්වේ අනිත් එක්කෙනා , කවුරු හරි කිව්වා කරන්න කියලා ඔය වගේ උත්තර දීලා අන්තිමේ කොමිසමේ කට්ටියත් ඔලුව වන වන ඉදලා ... ලිපිගොනුව වහන එකද මෙතනත් වෙන්නේ ?

:       0       1

sarikad@ Monday, 23 September 2019 05:40 AM

සමහර විෂය භාරව හිටපු අැමති වරුත් හොදසත්තු බෙදාගෙන

:       0       2

මලා Monday, 23 September 2019 05:55 AM

වැඩිමිලට වී අරගෙන කකුල් කෑම අඩු මිලට විකුණලා තවත් වංචාවක් කරල තියෙන්නනේ.......

:       0       0

kamal Monday, 23 September 2019 07:24 AM

පිටරටින් ගොන්නු ගෙන්වන්නේ අැයි? මේ රටේ හොයාගන්න අමාරුද?

:       0       0

sampth Monday, 23 September 2019 08:12 AM

පසු සම්පත් නියෝජ්‍ය ඇමතිනම් රංජන්.......

:       0       1

Chandima Fonseka Monday, 23 September 2019 11:56 AM

අනේ ඔය අමාත්‍යාංශය පාලනය කරන්න... මිනිස්සු නැතිව ගවයින්ට සහ දෙනුන්ට බාර දුන්නා නම් ඔයිට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 498 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 509 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 402 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 544 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 67 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 787 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site