IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කිරි දෙන කෙනරකුත් මරා දමලා

කුෂාන් ජයවර්ධන
 
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමැටෑගම   වැව් ඉස්මත්ක තිබී මිය ගිය කෙනරකගේ මළ සිරුරක් සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
 
කෙනෙර වෙඩි තබා ඝාතනය කර ඇති බවට සැක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
 
මිය ගොස් සිටි  කෙනෙර උස අඩි 8ක් පමණ වන අතර වයස අවුරුදු 22 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.    කෙනෙරගේ   පියයුරුවලින් කිරි වෑස්සී ඇති බවත්,  ඒ අනුව එම කෙනෙර කිරි බොන වයසේ පැටවකු සිටින මව් සතෙකු බවත් වනජීවී නිලධාරීහු පවසති.
 
වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ඉසුරු කොට්ටහේවා මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක්  කෙනෙරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවැත්වීය.   පශ්චාත් මරණ පරීක්ෂණයෙදී මිය ගිය කෙනෙරගේ සිරූරේ තිබී ඊයම් උණ්ඩ   සොයා ගෙන තිබේ.



අදහස් (8)

කිරි දෙන කෙනරකුත් මරා දමලා

jayantha Tuesday, 12 December 2017 02:46 PM

දැන්වත් හමුදාව දාන්නේ නැත්තේ මොකද වනාන්තර ටික සහ සතුන්ගේ ආරක්ෂාවට.

:       0       414

සනත් ඉන්දික Tuesday, 12 December 2017 03:10 PM

දැන්නම් මේකට දැඩි පියවරක් ගත යුතුයි.

:       0       534

BamunuarachchiWednesday, 13 December 2017 02:54 AM

රටේ මේවටවත් දැඩි නීති නැතිනම් කොහොමද රටක් හැදෙන්නේ. වත්කම් නොපෙන්නු කෙනාට ගහන්නේ රු. 1000 දඩයක්. මොනවද මේ කතා.

:       0       23

පිටිගල මිලානෝ Tuesday, 12 December 2017 03:33 PM

මේ අපරාධකාරයන්ව අල්ලා අවුරුදු විස්සකටවත් ඇතුලට යවන්න.

:       0       420

nisan Wednesday, 13 December 2017 02:28 AM

මොනවද මේ බල බල ඉන්නේ. එක්කෙනෙකුට දෙන්නෙකුට දඬුවම් කරන්න.ඒකටත් අවුරුදු 20ක් විතර යාවි.

:       0       29

ranjith Wednesday, 13 December 2017 03:04 AM

පැටියට මොකද වුනේ කියල හොයා බලන්න

:       0       47

Asanga Wednesday, 13 December 2017 05:16 AM

මේවා කරන අයට උපරිම දඬුවම් දෙන්නොන. දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරුනොත් හොඳයි.

:       0       29

සංජීව Wednesday, 13 December 2017 10:15 AM

සති දෙකහමාරක් ඇතුලත ඝාතනය කරපු 6 වැනි හස්තියා.. ඇතුන් හතරක් එක් අලියෙකු සහ එක් කෙනරක්.. ලංකාවට අලි ඇතුන් වැඩි කතාවක් කිවුවා නේද කවුද උන්දැ කෙනෙක්.. මට නම් සාධාරණ සැකයක් තියෙනවා ඒ කියපු උන්දැලාම අතිරික්ත අලි ඇතුන් ඝාතනයට අවි ගත් කණ්ඩායම් යොදවලද කියලා.. ඇතුන් මරලා දලයි, ගජමුතුයි ගන්නවා කියමුකෝ.. ඒත් අලි මරලා මොකටද නැත්නම්..

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 88 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 63 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 583 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1985 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 377 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site