IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කෑම හොඳ නැතැයි වලපනේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථායේ විරෝධතා

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් අද (28) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාවය දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවය.
 

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන වලපනේ ප්‍රාදේශිය රෝහලට අයත් වාට්ටුවක මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබේ. එම ස්ථානය කාන්තාවන් වෙනුවෙන් වෙන් කර තිබෙන අතර එහි නිරෝධායනය වන කාන්තාවෝ 28ක් සිටිති. ඔවුන් හැටන්, බගවන්තලාව, ගිනිගත්හේන, හගුරන්කෙත, ගලේවෙල, රිකිල්ලගස්කඩ හා සාමිමලේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝය.
 
ඔවුන් පවසන පරිදි එම ස්ථානයේ ප්‍රමාණවත් පහසුකම් නොමැත. වැසිකිළි අවහිර වී ජලය බැසයාමක් නොවන බවත් වෙනත් සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද පවසන ඔවුන් අහාර සඳහා පරිප්ප, සම්බෝල, අල සමග බත් ලබා දෙන බවත් එම බත්වල වැලි සැපීම හා ව්‍යංජන කිසිම රසවත් බවක් නැති බවටද චෝදනා කරති. එමෙන්ම පානීය ජලය උණු කර ගැනීමට පහසුකම් නොමැති බවත්, කොත්තමල්ලී තැම්බූ වතුර, විටමින් සී, අවශ්‍ය විටක වේදනා නාශක පෙත්තක්වත් ලබා නොදෙන බවටත් චෝදනා කරති. මෙම තත්ත්වය හමුවේ ඔවුන්ගේ සෞඛ්‍ය හා ප්‍රතිශක්තිකරණ ශක්තිය තවදුරටත් හීන වන බවද පවසති.
 
එම නිසා ආහාරයට ගැනීමට නොහැකි ආහාර දිගින් දිගටම ලබා දීම නිසා  අද (28)  උදෑසන සිට ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඉහත චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් වසංගත රෝග  විශේෂඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතාගෙන් කළ වීමසීමකදී හෙතෙම පැවසුවේ කිසිසෙත්ම එසේ විය නොහැකි බවය. රෝගීන් සදහා ආහාර ලබා දෙන කොන්ත්‍රාත්කරුවන්ට ආහාර සදහා ඉතා ඉහළ මිළක් ගෙවන බවත්, එම ස්ථානය භාරව සිටින වෛද්‍යවරයා ද ආහාරයට ගන්නේ එම කෑමවේලම බැවින් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කළ වීමසීම් අනුව එවන් තත්තවයක් නොමැති බැවින් එම චෝදනා පිළිගත නොහැකී බවය.



අදහස් (3)

කෑම හොඳ නැතැයි වලපනේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථායේ විරෝධතා

JAVANIS Sunday, 28 February 2021 10:05 AM

දොස්තර යවන පාර්සලය හොඳයි... අනික් ඒවා පුන්නක්කු...

:       3       20

Pradeep Sunday, 28 February 2021 12:06 PM

ඉහළ මිලක් ගෙවනවා කියන පදනමේ ඉඳගෙන පමණක් ආහාර හොඳයි කියන්න බෑ නේද දොස්තර මහත්තයෝ? අනික එම වාට්ටුව බාර වෛද්‍යවරයා ගන්නෙත් එම ආහාරම බව කීම ප්‍රායෝගික කතාවක් නෙමෙයි නේද? සැපයුම්කරුට පුලුවන් අදාල වෛද්‍යවරයාට සහ රෝහලේ වෙනත් නිලධාරීන්ට තත්වයෙන් උසස් ආහාර පාර්සලයක් ලබා දී අසරණ රෝගීන්ට ඔය කියන විදියේ නීරස සහ අපිරිසිදු ආහාර වේලක් ලබා දෙන්න. මේ තත්වය සාධාරණීකරණය නොකර විධිමත් ලෙස පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටු කරන්න බලන්න.

:       3       35

Nihal Monday, 01 March 2021 03:34 AM

මේ රටේ කවද්ද රජයේ සේවකයෙක් වරද පිළිගත්තේ?

:       1       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 236 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1017 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 128 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 297 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site