IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද ,  ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
 
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.
 
සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.

මෙම විදෙස් අපද්‍රව්‍ය  මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
 
මෙවැනි ක‍්‍රියා සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
 
එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය  සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (9)

කැළි කසළ යළි ගෙන්වූ රටටම යවන්න අතුරු නියෝගයක් ඉල්ලයි

Raveendra Monday, 22 July 2019 11:44 AM

අප විස්වාස කරනවා ගරු අධිකරණය මේ නරකාදිය නැවත සුද්දන්ගේ රටටම යවන ලෙස මෙම දහජරාව ගෙන්වූ අදාළ අයට නියෝග කරයි යන්න.

:       0       6

Hafeel Monday, 22 July 2019 12:12 PM

මේකට අධිකරණ නියෝගයක් අවශ්‍යද? ආණ්ඩුවට අවශ්‍ය පියවර ගන්න. ගම්වල සාමාන්‍ය, දුප්පත් මිනිහෙක් කුණු එහෙ මෙහෙ දැම්මා නම්, මේ වනවිට දඬුවමුත් දීලා ඉවරයි. මේවා ගෙනාපු අය තාම නිදැල්ලේ...

:       0       104

සිරිබිරිස් Monday, 22 July 2019 12:16 PM

මේ අපද්‍රව්‍ය ගොඩබෑමට ඉඩ නොදුන්නා නම් ගෙන්වූ කෙනා මොනවා කරන්නද? මේවා ගොඩබෑමට ඉඩදුන්නේ ඇයි...?

:       6       36

ravi Monday, 22 July 2019 01:07 PM

මේ කැලි.. කසල ආපු රටවල්වල " තානාපතිලත් " මේ කුණු එක්කම පටවලා ඇරියා නම් නේද හොඳ..?

:       0       17

සඳුන් Monday, 22 July 2019 01:33 PM

සුද්දන්ගේ සැරව, සෙම්, සොටු, මුත්‍රා, අසූචි ලංකාවට ආනයනය කිරීමට හොර රහසේ ආනයනයට පිඹුරුපත් සැකසූ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය තහනම් කරමු නේද අපේ හාමුදුරුවනේ? මේ දවස්වල මව්බිමට අරක්ගත් දේශප්‍රේමීන්ගේ නිහඬතාවය ලොකු ප්‍රශ්නයක්...

:       0       12

RaveendraMonday, 22 July 2019 02:53 PM

ඇත්තෙන්ම මේ දහජරාව අපේ රටට ගෙනාපු "කබරයන්ගේ" නම් ගම් ප්‍රස්ද්ධ කරන්න පුලුවන් නම් එය කෙනෙකු රටට කරන මහගු සේවයක්. අසුචි විකුණා හෝ මුදල් සොයාගැනීමට වෙර දරන මේවගේ "කබරයන්ව" සමාජයෙන් තුරන්කිරීම මහත් සේවයකි.

:       0       55

Chanak los angelesTuesday, 23 July 2019 12:54 AM

ඒ හාදයා නේද ලංකාවට බෙන්ට්ලි වාහනයක් ගෙනාවේ ? තව විධියට කියනවනම් ජනපති කමටත් එන්න ඇහැ ගහගෙන හිටියා නේද ?

:       0       0

upali Monday, 22 July 2019 04:40 PM

ඊලග කසල එන්නේ සිංගප්පුරුවෙන්.

:       1       3

Amila Chathuranga Tuesday, 23 July 2019 03:34 AM

ධම්මික පෙරේරාගේ හේලීස් ආයතනයට මේකේ සම්බන්ධයක් තියනවා කියනනේ ඇත්තද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 829 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 161 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1021 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1050 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1360 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1213 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site