(විනීතා එම් ගමගේ)
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි කැලණි ගඟේ වම් හා දකුණු ඉවුරුවල පරිසර බලපත් ලබානොගෙන පවත්වාගෙන යන කර්මාන්ත සොයා අද (18) සිට මේ මස 22 දක්වා මෙහෙයුමක් සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත.
මධයම පරිසර අධිකාරියේ නිලධාරින් හා පොලිසිය එක්ව මෙම මෙහෙයුම දියත් කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස් අමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ, බස්නාහිර පළාත් කාර්යාලයේ සහ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම් 13 මේ සඳහා යොදවා ඇති බවත් මෙම කලාපයේ පොලිස් ස්ථාන හතක නිලධාරින් මේ සඳහා එක්වන බවත් හෙතෙම කියා සිටියේය.
කැලණි ගඟේ ජලයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමට සහ වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකිරීමමෙම වැඩපිළිවෙලේ අරමුණ යැයි කී අමරසිංහ මහතා කැලණි ගඟට අපජලය හා අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්ත සොයාගැනීම ද මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බව කීය.
රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම මෙහෙයුම දියත් කරන බව ද සභාපතිවරයා කීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැලණි ගගට අපජලය හරවා ඇති තැන් සොයා මෙහයුමක්
ferna Sunday, 18 October 2020 04:36 PM
නිකන් බොරු කතා. යන්නකෝ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ළඟට...
SL Sunday, 18 October 2020 05:03 PM
මහවැලි අධිකාරියේ, පරිසර අධිකාරයේ ඉන්න පින් පඩි කාරයෝ නැගිටිනකොට මහවැලි ,කැළණි ,කළු ,වලවේ විතරක් නොව ලංකාවේ තියෙන ඔක්කොම ජලමුලාශ්‍ර ටික කුණු කාණු වෙලා තියෙන්නේ. ජල සම්පාදනේ අය කියනවා කෝටි ගණනක් වියදම් වෙනවා කියලා වතුර පිරිසිදු කරන්න. අධිකාරි දෙකේම ඉන්න පින්පඩි කාරයින් බබ්බු වගේ ඉන්නවා.
Vid Monday, 19 October 2020 01:21 AM
මෝඩ රැළ... පාරිසරික ආරක්ෂාවක්.. බලපත්‍ර නැති ව්‍යාපාර කොච්චර තියෙනවද? ගඟට කුණු වතුර දාන අයට මොනවත් මේ ලයිසන් ගන්න ඕනේ නැහැ. ඒ අය බිස්නස් එකත් හොරට රෙජිස්ටර් කරන් පරිසරේ කකා ප්‍රාදේශීය සභාවලට පගාදිදී ජොලියේ ඉන්නවා.
තරංග Monday, 19 October 2020 01:56 AM
මේ වගේ මෝඩ මිනිස්සු ටිකක්... වැරදි කරන අයව අල්ලන්න එන්නේ මුලු රටටම කියලා..
මුණසිංහ Monday, 19 October 2020 02:29 AM
නිවැරදි තීරණ ගන්න. බිය නොවන්න.
Roshan Monday, 19 October 2020 03:24 AM
පොදු කාණු පද්ධතියට නිවසේ අප ජලය හැරවීමත් තහනම් වෙන්න ඕනේ... ස්වභාවික ජල මාර්ග, කුඹුරු... දුර්ගන්ධය හමන තැන් වෙන්නේ මේ හින්දා...
Prabha Monday, 19 October 2020 10:23 AM
වැටලීම් කරන්න ඕනේ.. රහසිගතව නේද? දැන් ඉතින් අල්ලයි නැට්ට..
ferna Monday, 19 October 2020 01:06 PM
කොලොන්නාවට ගිහින් බලන්න. තෙල් ගබඩාව අසල....
siri Monday, 19 October 2020 01:41 PM
අපොයි. හපොයි. කැලණි ගඟට අප ජලය හරවා මේ විනාශ කරන්නේ නා ලොව නා දෙවියන්ගේ ගමන් මාර්ගය නේද මෝඩ මිනිසුනේ? මේ අසමත්ජාති වැඩේ වහාම නතර කරනු. නැත්නම් අපි කොහොමද මැතිවරණ කාලෙක ආයෙත් සැරයක් නා රජතුමන් ප්ලාස්ටික් බෝතලේක හිර කර නාග මාණික්‍ය වඩම්මා ගෙනැවිත් අසරණ මිනිස්සුන් ගොනාට අන්දන්නේ. බොරුනම් පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ අහලා බලාපල්ලා. අර රූපවාහිනියේ දේශනා කළා වගේ හොඳට කියලා දෙයි.