අංජුල මහීක වීරරත්න
තරුණ පරපුරට වැඩි තැනක් දෙන රැඩිකල් වෙනසක් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලාපොරොත්තු වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි විශ්වාස කටයුතු මාර්ග සඳහන් කරයි.
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයන්ද එලෙස ඉදිරියට ගන්නා තරුණ අමාත්‍යවරුන්ට හිමි වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
තව දිනක් හෝ දෙදිනක් ඇතුලත මෙම කැබිනට් වෙනස සිදු වනු ඇති බව පවසා තිබෙන අග්‍රාමාත්‍යවරයා පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන ඉතා ඉක්මනින් අරඹන බව ද සඳහන් කර තිබේ.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැබිනට් වෙනසේදී තරුණයන්ට වැඩි ඉඩක්
Sam Gun Tuesday, 20 February 2018 04:05 PM
දැන් මේකද මේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ? දැන්වත් ඕක කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න මහත්තයෝ ! ලොකු අය අන්දන්න බැරි නිසාද දැන් කොල්ලෝ, කුරුට්ටෝ දාන්න හදන්නේ?
dhamneth Tuesday, 20 February 2018 04:26 PM
අගමැතිතුමා යටතේ ආර්ථිකය පසුබැස්සා නම් දශක ගණනාවකට පසු පසුගිය වසරේ බිලියන 2ක අතිරික්තයක් තිබෙන්න බැහැනේද?
sirimal Tuesday, 20 February 2018 05:58 PM
වටේට රැහැන් බැඳගෙන ඉන්න සමනල්ලු ටික එලවා දමා වැඩකරන්න පුළුවන් කට්ටියක් තොර ගත්තොත් මේ වගේ වින්නැහි ආයෙත් ඇතිවෙන එකක් නැහැ. දැක්කනේද ඌරෝ කැකුණ තල තල හිටිය වෙලාවේ හබන් කුකුල්ලු ටික ජය මඟුල් කන්න නටපු නැටිල්ල... ආණ්ඩුවේ දෙපාර්ශවය ඊයේ වෙනකල් අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කැමරා ඉස්සරහ තප්පු ලමින් කරගෙන ගිය වෙලේ ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දෙමින් කලේ බෙදීමේ වාසිය තමන් අතට පත්කර ගැනීමය. මෙදාපාර ආණ්ඩුව කුඩු පට්ටම් නොවී බේරුනේ අනුනමයයි තුන්කාලෙනි. ආණ්ඩුවක සාමූහික වගකීමක් නැති තැනක හරි හමන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා තියා පණ බේරාගෙන ඉන්න එකද අසීරු කරුණකි. ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් ඔළුගෙඩි උඩටම අතහැර ඇත. දෙගොල්ලන්ගේම අවංක වුවමනාව දුෂිත බලවේග පරාජය කිරීම නම් මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් දැන්වත් එක අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුවෙයි. එළියේදී එකක් කියා අතුලේදී වෙන එකක් කියන දෙපිටකාට්ටු හෙනහුරාලා එක්කවත් බොන්නට පිරිසිදු ඇල් වතුර ටිකක් නැතුව උගුර කට වේලිලා දහදුක් විඳින ගැමියන්ට වයි ෆයි දෙන්න යෝජනා කරන තටු හලාගත් සමනල්ලු එක්කවත් ඒ වැඩේ කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැත.
Sathyayaa Tuesday, 20 February 2018 11:26 PM
කවුද මේ වෙනසකට අර අඳින මිනිසා. "පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන....." වසර 20 ගානක් තිස්සේ පස්සට පමණක් ගමන් කළ නායකයෙක් සීඝ්‍රගාමී ගමනක් කොයි බට යන්නේද කියා ජනතාවත් විමතියෙන් බලා ඉන්නවා.
Bamunuarachchi Wednesday, 21 February 2018 12:51 AM
සමහරවිට තාත්තලාගෙන් පුතාලට දෙන්න හදනවා වෙන්න ඇති.
danushka Wednesday, 21 February 2018 01:57 AM
ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් අපේ අගමැතිතුමන්ගේ සේවය මේ රට පලවෙනි ලෝකයේ රටක් තත්වයට ගෙන එන තුරුම අවශ්‍යයි. ඒ වගේම මැදි අදායම් රටක් තත්වයට ගෙනා ඔබට ගොඩක් පිං.
Aluthgama A. Samathasena. Wednesday, 21 February 2018 03:37 AM
ඔබතුමා මේ ගන්න පියවර බොහොම අගෙයි. එතෙකොට මඩ ගහන දේශපාලන හතුරන්ගේ කටවල් වැහේවි.
Thilak Wednesday, 21 February 2018 03:38 AM
අදහස නම් බොහොම හොඳයි වැඩේ කෙරුනොත් හොඳයි
sachith Wednesday, 21 February 2018 03:48 AM
සරලම කතාව තවත් ඇමතිවරු 10ක් 15ක් අද පත් කරනවා කියන එකනේ. ඉගාව සතියේ අලුත් ඇමතිලට වාහන ගන්න කියල කෝටි ගණක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
ඩී. ජයදේව Wednesday, 21 February 2018 04:11 AM
ඔය කියන වෙනස් ඇති වෙනකොට දැන් ඉන්න තරැණයෝ නාකි වෙලා තියෙයි
පිටිගල මිලානෝ Wednesday, 21 February 2018 05:16 AM
සරත් ෆොන්සේකා මැතිතුමාට ඉතාමත්ම ගැලපෙන නීතිය සහ සාමය ඇමතිකම ලැබේ යැයි අප සිතනවා. හමුදාවෙන් විශ්‍රාම නොයා, යුද්දෙට බයේ පැන නොයා තවත් හමුදාපති වරයෙකුට ඉඩ නොතබා යුද්ධය ඉවර කල ඔහුගෙන් මෙලෙස තවත් වැඩ ගත යුතුය.
BamunuarachchiWednesday, 21 February 2018 04:33 PM
සරත් පොන්සේකව හමුදාපති කලේ සක්කරයාගේ පුතා වයිමා වෙන්න ඇති. මේගොල්ලෝ තමයි අපට හාල් ලැබෙන්නේ කොහොමද කියලා ඇසුවාම හාල් ලැබෙන්නේ කඩෙන් වතුර ලැබෙන්නේ වතුර බෝතල් වලින් කියන අය.
KANDEPOLA Wednesday, 21 February 2018 05:35 AM
මහා බැංකු බැඳුම්කර වංචාවෙන් අත්දැකීම් ගත්තු, තරුණ පාද සටහන් කණ්ඩායම ඉන්නවනේ. ඒ අය ගැන වෙන්ඩ ඇති මන් හිතන්නේ ඔය කියන්නේ.
sunil Wednesday, 21 February 2018 08:00 AM
රැඩිකල් කිය කිය මිනිසුන් මුලා නොකර දැන්වත් අත්දැකීම් සහිත පුද්ගලයන් යොදා ගනිමින් රට ගොඩ නගන්න බලන්න.....................
prakaash Wednesday, 21 February 2018 08:01 AM
මේ වගේ පින්ගුත්තරයෙක් රටට කරන සේවය කුමක්ද? මේ බව මුන්ගේ බත් බැලයින්ට නොතේරෙයි.තවත් හොරකම් ,වංචා කරන්නට තමයි මේ නිවට ද්‍රෝහියා කටයුතු කරන්නේ.මේ ගොන් බුරුවා ඇතුළු ජඩ පාලකයින් වහා බලයෙන් පලවා හැරිය යුතුයි.මුන්ව මේ රටට කිසි සේත් නුසුදුසුය. ලැජ්ජාවේ සංකේතය බටලන්දේ රනිල්.
Sampath Wednesday, 21 February 2018 08:03 AM
දෙවැනි පෙළ නායකයෙක් නෑ......ජාතික නායකයෙක් නෑ.....ඉතින් මෙතුමා ඒ අය හැදෙනකම් ඉන්න ඕනෑ........ඉසසරහට හොඳ තීරණයක් ගන්න
sirimal Wednesday, 21 February 2018 08:06 AM
වටේට ඉන්න වැඩබැරි අය එලවා දමා වැඩකරන්න පුළුවන් කට්ටියක් තොර ගත්තොත් මේ වගේ වින්නැහි ආයෙත් ඇතිවෙන එකක් නැහැ. දැක්කනේද ඌරෝ කැකුණ තල තල හිටිය වෙලාවේ හබන් කුකුල්ලු ටික ජය මඟුල් කන්න නටපු නැටිල්ල. ආණ්ඩුවේ දෙපාර්ශවය ඊයේ වෙනකල් අභ්‍යන්තරයේ කළ යුතු විවේචන එළියේ කැමරා ඉස්සරහ තප්පු ලමින් කරගෙන ගිය වෙලේ ඒකාබද්ධ විපක්ෂය එම විවේචනවලට උඩගෙඩි දෙමින් කලේ බෙදීමේ වාසිය තමන් අතට පත්කර ගැනීමය. මෙදාපාර ආණ්ඩුව කුඩු පට්ටම් නොවී බේරුනේ අනුනමයයි තුන්කාලෙනි. ආණ්ඩුවක සාමූහික වගකීමක් නැති තැනක හරි හමන් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරනවා තියා පන බේරාගෙන ඉන්න එකද අසීරු කරුණකි. ආණ්ඩුවට සහ විධායකයට ජනතාව රතු එළියක් ඔළුගෙඩි උඩටම අතහැර ඇත. දෙගොල්ලගේම අවංක උවමනාව දුෂිත බලවේග පරාජය කිරීම නම් මෙතෙක් කළ වැරදි නිවැරදි කරගනිමින් දැන්වත් එක අරමුණක් ඇතිව ක්‍රියාකළ යුතුවෙයි. එළියේදී එකක් කියා අතුලේදී වෙන එකක් කියන දෙපිටකාට්ටු කමකට නැති භෙනහුරෝ එක්කවත් බොන්නට පිරිසිදු ඇල් වතුර ටිකක් නැතුව උගුර කට වේලිලා දහදුක් විඳින ගැමියන්ට වයි ෆයි එක්ක කසි කබල් ටැබ් දෙන්න යෝජනා කරන තටු හලාගත් නිකමුන් එක්ක වත් ඒවැඩේ කිරීම ලෙහෙසි පහසු වෙන්නේ නැත.
rama Wednesday, 21 February 2018 09:12 AM
අපේ රට අඩු අදායම් ලබන රටක් කියලා කව්ද කියන්නේ? එ්ක ඇමතිවරුන්ට විතරක් හරි..
sirimal Wednesday, 21 February 2018 09:19 AM
කැබිනට් වෙනස බදාදා නොව සෙනසුරාද තෙක් කල්යන්නට පුළුවන් බව අපි කීවෙමු. දැන් පෙනෙන අන්දමට එය ලබන සතිය දක්වා කල්යන්නටද බැරි නැත. බාලගිරි දෝෂය වැළඳී ඇති ආණ්ඩු ලෙඩා දැන් හොඳටම අසාධ්‍ය තත්වයකට පත්වී ඇත. පළාත් පාලන මැතිවරණයෙන් මෙරට දේශපාලන ක්ෂේත්රය තුල ඇතිවූ උණුසුම විටෙක නිවෙමින් නැවත උණුසුම් වෙමින් පවතී. ජනමාධ්‍ය වාර්තා කරන විවිධ පුවත් හේතුවෙන් සමස්ත සමාජයම වික්ෂිප්තභාවයට පත්ව තිබේ. එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද තනිව ආණ්ඩු පිහිටුවීමේ අදහස තවමත් අත්හැර නොමැති අතර තවත් පැත්තකින් අගමැතිවරයා ඉවත් කිරීමේ මෙහෙයුම ද ක්‍රියාත්මක වේ. පවත්නා දේශපාලන තත්වය මත ඕනෑම මොහොතක, ඕනෑම සිදුවීමක් සිදුවිය හැකිය. එය අප කිසිවෙකු බලාපොරොත්තු නොවන, අපේක්ෂා නොකරන දෙයක් වීමට ද ඉඩ තිබේ. රජයේ බලවතුන් වල්මත්වී සසරක් නොදකින අන්දමට කටයුතු කිරීම නිසා සියල්ල අච්චාරුවක් බවට පත්වී ඇත. අච්චාරුවේ ළුෑණු බික් මිරිස් කරල් හොයමින් බොරදියේ මාළු බාගන්නට විපක්ෂය ඇහැ ගහගෙන සිටියි. හෙට දිනයේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකුට හෝ පූර්ව නිගමනවලට පැමිණිය නොහැකි තත්වයක් උදාවී ඇත. "කමින් කලර්" හිතන තරම් සුභදායක නැත.