IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද

(මහින්ද නිශ්ශංක)

දුම්රිය රියැදුරු නියාමක, ස්ථානාධිපති, පාලක හා අධීක්ෂණ කළමනාකාර යන ශ්‍රේණිවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුව අනුව එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් නොලැබීම නිසා නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අද (15) පෙරවරුවේ දුම්රිය වෘත්තීය සමිති රැස්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ එකමුතුවේ  සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවැසීය.

මෙම ශ්‍රේණිවල වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ දින හතරක වර්ජනය අවසන් කළේ එම කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා දුන් පොරොන්දුව අනුව යැයි කී ආරියරත්න මහතා එම පොරොන්දුව අනුව කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි දුම්රිය සමිති බලාපොරොත්තු වූ බවද කීය.

වැටුප් විෂමතාව ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව දුම්රිය වෘත්තීය සමිති පෙරේදා මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග පෙරේදා සාකච්ඡා කළ බවත් ජනාධිපතිවරයා පොරොන්දු වුවද තමාට එය කළ නොහැකි යැයිද එහිදී මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළ බවත් ආරියරත්න මහතා පැවැසීය. 



අදහස් (8)

කැබිනට් පත්‍රිකාව නාවාට දුම්රිය සමිති රැස්වීමක් අද

gaja man Wednesday, 15 August 2018 06:47 AM

ගුටි කෑමට ඉතා ආසන්නයි

:       342       283

Mahinda Wednesday, 15 August 2018 06:51 AM

ඔහොම තමයි හැමදාම මේ ආණ්ඩුව මිනිස්සුන්ට බොරු පොරොන්දු දිදී ඒ මිනිස්සුන්ව නොමග යවන්නෙ. සාකච්චා කරල ජනාධිපති දෙන තිරනෙත් ක්‍රියාත්මක කරන්නේ නැත්තන් වෙන කාට කියන්නද. ඇමති මහ ලොකු කෙනෙක් නෙමෙයිනේ. එයත් ඉන්නෙ ජනාධිපති යටතනේ. ඒක නිසා දුම්රිය සේවකයන්ට තියෙන්නෙ තවත් බොරුවලට රැවටෙන්නෙ නැතුව පොරොන්දු වෙච්ච ඉල්ලීම් ලැබෙනකන් අකණ්ඩ දුම්රිය වර්ජනයකට යන්න තමා.

:       309       374

sumith Wednesday, 15 August 2018 07:55 AM

ගජමන් මම ඔයාගේ ප්‍රකාශය ටිකක් වෙනස් කරනවා, ගුටි කෑමට අත්‍යාසන්නයි කියල

:       214       190

saman Wednesday, 15 August 2018 09:35 AM

සුමිත් මම ඔබගේ ප්‍රකාශය ටිකක් වෙනස් කරනවා... ගුටි කෑමට නියමිතයි.

:       254       216

Nandalal DE SILVA - France Wednesday, 15 August 2018 10:25 AM

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුදල් ඇමති නෙවි. රටේ ජනපතිලු. එත් ඕන තරම් "පොරොන්දු" දෙන්න ජනපතිට පුළුවන්ලු! මුදල් ඇමති මංගල නම් ඇත්ත කියල තියෙනවා! 2015 ජනවාරි 08 වැනිදාට පෙර නම් මේ "පට්ටම්" දෙකම බදාගෙන හිටියේ එකම පුද්ගලයෙක්. ඒකනේ රට ණය කන්දකට යට වෙලා තියෙන්නේ! කොහොම උනත් වැටුප් වැඩි කරන එක කරන්න වැඩ වර්ජන පිහිට වෙන්නේ නැතිබව දැන් මුළු රටම තේරුම් අරගෙන හමාරයි! හෙට දුම්රිය කොට උඩ හිටිනබව නම සහතිකයි!!!!!!

:       142       65

Jagath Wednesday, 15 August 2018 10:39 AM

මහින්ද මහත්තය, මමත් ඔබගේ ප්‍රකාශයට පොඩි දෙයක් එකතු කරනවා. දුම්රිය මහතුන් තම ඉල්ලීම් දිනා ගැනීමට ඉතා ආසන්නයි. එසේම වේවා කියාත් මම ප්‍රර්ථනා කරනවා.

:       87       132

Nish Wednesday, 15 August 2018 11:30 AM

රටක ජනාධිපති කෙනෙක් වාචාලයෙක් වගේ දොඩවනවා නම් ඇති වැඩේ මොකද්ද? දුම්රිය වුර්තිය සමිති එක්ක සාකච්චා කරද්දී එතන ජනාධිපති එක්ක ඉඳල පඩි වැඩි කරන්නම් කියල එකඟ වෙලා පස්සෙ එහෙම කරන්න බැහැ කියන දිව දෙකේ ඇමතියො මොකටද? රාජපක්ෂලා රට නය කන්දකට යට කළා කියලා කියව කියවා ඒ ගත්තු ණය වගේ තුන් හතර ගුණයක් ණය ගත්ත අගමැතියෙක් මොකටද? මහ බැංකුවේ බිලියන ගාණක සල්ලි වලට යාළුවොත් එක්ක එකතු වෙලා විදලා, ඊට පස්සේ එ්ක පියවාගන්න ඊ.පි.එෆ්, ඊ.ටී.එෆ්, ග්රැටිවිටි එකට 14% ගහපු අගමැතියෙක් මොකටද? මෙහෙම එවුන්ව නම් හොඳයි උන්ගේ පස්සෙ යන දේශපාලන බත් බැලයන්ටයි, සමනලුන්ටයි නම්. අපි නම් මහින්ද මහත්තයගේ මතේට 100%ක් එකඟයි. පෞද්ගලික අංශයේ සේවකයෝ විදියට අපිත් දුම්රිය මහත්තුරුන්ට සහයෝගය දෙනවා තවත් පඩි වැඩි කර ගන්න.

:       5       24

Bamunuarachchi Thursday, 16 August 2018 11:10 PM

මේ ගොල්ලන්ට තිබෙන්නේ කාපු ගමන් වැසිකිළි යන ලෙඩක්. සතයක් රජයේ සේවකයින්ට වැඩි කරන්න එපා. මොකද සත පහක් මේ ගොල්ලෝ රට වෙනුවෙන් උපයන්නේ නැති නිසා. මේ ගොල්ලෝ යැපෙන්නේ ජනතාවගේ බදු මුදලින් සහ අයුතු ලෙස උපයන මුදලින්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 686 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 294 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 748 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 759 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 300 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 481 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1428 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site