IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැප්පෙටිපොළ දිසාව චේගුවේරාට වඩා ප්‍රබලයි - නීතිඥ ලාල් ද අල්විස්

(විනීතා එම් ගමගේ)
            
ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන ලෙස මගේ රට, අපේ පැතුම පදනම රජයෙන් ඉල්ලීමක් කරයි. 

ලොව පුරා බොහෝ රටවල අතීත විරුවන්ගේ තොරතුරු රැගත් කෞතුකාගාර ඇතත් පෞඪ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවට මේ වන තුරු ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ආරම්භ කර නැතැයි එම පදනම පෙන්වා දෙයි. 

විශේෂයෙන් තරුණ පරපුරට කැප්පෙටිපොළ වැනි ශ්‍රේෂ්ඨ වීරයින් පිළිබඳ හදාරන්නට අවස්ථාව එයින් ලැබෙනු ඇතැයි මගේ රට අපේ පැතුම පදනමේ සභාපති නීතිඥ ප‍්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. 

මගේ රට අපේ පැතුම පදනම මඟින් මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ මේ මස 26 වැනි දාට යෙදෙන කැප්පෙටිපොල 200 වැනි අනුස්මරණය නිමිත්තෙන් එම පදනම ක‍්‍රීයාත්මක කරන කැප්පෙටිපොල උරුමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහාය. 

වර්තමානයේ චේගුවේරා චරිතය තරුණ පරපුර වැළඳගෙන ඇති අයුරින් කැප්පෙටිපොල චරිතය ශ්‍රී ලාංකික ජනතාව වෙත, විශේෂයෙන් තරුණ පරපුර වෙත ආවේශ්‍ය කිරීම ද තම වැඩසටහන් වල අරමුණක් යැයි එහි දී අදහස් දක්වමින් අල්විස් මහතා කීය. 

‘‘කැප්පෙටිපොල දිසාව චේගුවේරා චරිතයට වඩා ප‍්‍රබල චරිතයක්. අතුරේ එක කැරැල්ලකටත් දකුණේ කැරලි දෙකකටත් මුහුණ දුන් අද තරුණ පරපුර ඉච්ඡා භංගත්වයට පත්වෙලා. තරුණ පරපුරට කැප්පෙටිපොල චරිතය ආරෝපණය කරන එක අපේ ඉලක්කයයි. 

කැප්පෙටිපොළ දිසාව උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන් අස්සන් කළා. එයින් එතුමා මව් බසට ඇති ලැදියාව පෙන්නා දුන්නා. එය රට තුළ තහවුරු කිරීමත් ආදිවාසිකයින් විසින් වෙල්ලස්ස නිදහස් අරගලය ආරම්භ කිරීම මඟින් ඔවුන් ජාතික සමගියට දුන් නායකත්වය අගය කිරීමත් අපේ අරමුණයි. එමෙන්ම ජාති කුළ ආගම් වලින් තොරව ජාතිකවාදය තහවුරු කිරීමත් අරමුණ යැයි සභාපතිවරයා පැවසීය.



අදහස් (12)

කැප්පෙටිපොළ දිසාව චේගුවේරාට වඩා ප්‍රබලයි - නීතිඥ ලාල් ද අල්විස්

ivan upali silva Tuesday, 21 November 2017 11:34 AM

ඉතාමත් හොඳ ක්‍රියාවක් , අපේ සිංහල ජාතික වීරයන් අද සමාජයට අමතක වීම තමයි මේ හැම විනාසයකටම හේතුව. ඉවසීමෙන් හා කැපවීමෙන් රට-ජාතිය වෙනුවෙන් ක්‍රියා කරන්නේ කොහොමද,සටන් කරන්නේ කොහොමද කියලා පූර්ව ආදර්ශයක් අපිට ලැබෙනවා. ඔබතුමාට හා ඔබ සංවිධානයට ජයශ්‍රී

:       72       218

සුදුහඳුන්නෙත්ති Tuesday, 21 November 2017 12:10 PM

ඉතාම කාලෝචිත අදහසක්. වෙන රටක උපන් චේ ගුවේරා, කාල් මාක්ස්, එංගල්ස්, ට්‍රොට්ස්කි වන්දනා කරන අපේ තරුණ තරුණියන් වන්දනා කළ යුත්තේ කැප්පෙටිපොල වැනි වීරයන්වයි.

:       92       194

Prase Tuesday, 21 November 2017 01:22 PM

ඉතා හොඳයි.

:       14       133

pakeer Tuesday, 21 November 2017 01:51 PM

චේ කියල කියන්නේ ජාතියක් හෝ රටක් හෝ ආගමක් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නෙවෙයි. දුක් විඳින පීඩිත පන්තිය වෙනුවෙන් සුළු ධනේශ්වර සහ ධනේශ්වර පන්තිය වෙනුවෙන් නැගී සිට, සමාජයේ අක්‍රමික තා වෙනුවෙන් පාලකයන් එක්ක සටන් වැදුන මිනිහෙක්. කැප්පෙටිපොල සෙනෙවි තුමා කියන්නේ පර දේසක්කාරයන්ගෙන් ලංකාව බේරා ගන්න හදපු වීරයෙක්. මේ දෙන්නාව සංසන්දනය කරන්න බැහැ.

:       103       224

Kumarathilaka Tuesday, 21 November 2017 02:10 PM

ඉතා හොඳ යෝජනාවක්. අපිටත් එයට දායක වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න.

:       12       130

ජයරත්න Tuesday, 21 November 2017 03:18 PM

කැප්පෙටිපොල සටන් කලේ තමන්ගේ වැඩවසම් රදළ පරපුර රැකගන්න. රදළයන්වයි රජවරුන්වයි සැමරුව ඇති. අපේ පන්තියේ මිනිස්සු ජිවත්වුන විදිය පෙන්නන කෞතුකාගාරයක් හදන්න.

:       721       1249

ලුම්බිණි Wednesday, 22 November 2017 12:35 AM

කැප්පෙටිපොළ දිසාව සහ චේගුවේරා සම කල හැකි පුද්ගලයන් නොවෙයි. එක හරියට ඇපලුයි දොඩම්තුයි සැසඳීමක් වගෙයි.

:       1       3

sensa Wednesday, 22 November 2017 03:05 AM

ඉතිහාසයට අපහාස කරන එකා ජාතියක් ජන්මයක් නැති එකෙක් ජයරත්න...

:       176       118

himal Wednesday, 22 November 2017 04:20 AM

චේගුවේරාව අද තරුණ පරපුර වැළඳගෙන ඉන්නේ විලාසිතාවක් විදිහට. එහෙම නැතුව කෞතුක වස්තුවක් විදිහට නෙවෙයි. ලංකාවේ ඕනම කෞතුකාගාරයක් සෙනඟ පිරෙන තැනක් නෙවෙයි. කැප්පෙටිපොළ දිසාව ඇතුළුව ජාතික වීරයෝ කිහිප දෙනක් ගැනම පාසල් විෂයය නිර්දේශයන්ට ඇතුළ් කරලා තියෙනවා. එහෙම වෙලත් ජාතික වීරයෝ ගැන හැඟීමක් නැහැ කියනවා නම් එතන තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන ගැටළුවක්.

:       20       15

සමිත් කල්හාර Wednesday, 22 November 2017 07:36 AM

මෙහි අරමුණ චේ ගුවේරා සහ කැප්පෙටිපොල චරිත සැසඳීම නොවන බව පෙනෙන අතර ආදර්ශවත් නායකත්වයක් නොමැති ලාංකේය තරුණ පරපුරට අපේම ආදර්ශවත් නායකත්වයක් හදුන්වා දීම යහපත් කාරණාවකි...

:       0       20

naradha Wednesday, 22 November 2017 09:25 AM

ජයරත්නගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය කියන උඩරට රදල පරපුර ඒ තරම් හොඳ අය නොවෙයි. සුද්දන්ට එරෙහිව ඔවුන් බොහෝ විට සටන් කරේ, රටට වඩා තමන්ගේ රදල පෙළපත රැක ගැනීමටයි කටයුතු කළේ...

:       52       44

ධනුෂ් Wednesday, 22 November 2017 02:57 PM

ඔබතුමා නීතිඥයෙක් වෙලත් චේ ගුවේරා හා කැප්පෙටිපොල නිළමේ සැසඳීම වැරදියි. කැප්පෙටිපොල නිළමේ දන්නෙ අපි විතරයි. චේ ගුවේරා ලෝකේ හැම රටකම මිනිසුන් දන්නා කෙනෙක්...

:       8       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 88 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 201 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 918 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 108 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 272 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site