IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන් රට යද්දී පවුල් පසුබිම් වාර්තා ගැනීම ගැන යළි සළකා බලයි

අජන්ත කුමාර අගලකඩ

කාන්තාවන් විදේශ ගතවීමේදී  ඔවුන්ගේ පවුල් පසුබිමේ වාර්තා ලබා ගැනීම සඳහා ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (21) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම කමිටුව පත්කර ඇත.

ආචාර්ය සරත් අමුණුගම විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ සහ චන්ද්‍රානි බණ්ඩාර  යන  ඇමැතිවරුන් එම කමිටුවට පත්කර ඇතැයි වාර්තාවේ.

කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිම් වාර්තා ලබාගැනීමට ගෙන ඇති තීරණය ඉවත් කරන ලෙසට ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් මෙම කමිටුව පත්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 



අදහස් (9)

කාන්තාවන් රට යද්දී පවුල් පසුබිම් වාර්තා ගැනීම ගැන යළි සළකා බලයි

ravi Tuesday, 21 August 2018 05:16 PM

මෙයාලා මේ මොනවා කරන්නද රට යන්නේ? පිඟන් පිරිසිදු කරන යන්ත්‍රයක්වත් ක්‍රියා කරගැනීමට නොහැකි මේ වගේ අය පිටරටවල ගිහින් මොනවා කරන්නද? ඉතින් මේ කාන්තාවන්ට පිටරටවල්වලදී ඇවනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවීම පුදුමයක්ද .. ?

:       2       5

AsankaTuesday, 21 August 2018 06:28 PM

ඒවාට පුහුණු කරනවා මාස 3ක් විදේශ රැකියා කාර්යාංශය මගින්

:       2       7

BebaddaWednesday, 22 August 2018 12:26 AM

තුන්වේල උයාගන්නවත් බැරි රට ගිහිල්ලා උදේ සිට රැ දොළහ වනතුරු වැඩ කළ හැකිද

:       1       7

nihal Tuesday, 21 August 2018 06:43 PM

ප්‍රනාන්දු මහතා ගෙන ඇති තීරණය බොහොම හරි .....බොහෝ එම්.පි . ප්‍රයෝගිකත්වයෙන් තොර නිසා සමාජයට ගැලපෙන තීරණ ගන්න දන්නේ නැත

:       1       12

Mahee Wednesday, 22 August 2018 06:36 AM

මේ ප්‍රශ්නය බොහොම සංකීර්ණ එකක් නිසා මෙහෙම නැවත සලකා බලන එක හොඳයි. පුළුවන් නම් මැද පෙරදිග ගෘහ සේවිකා වැඩට නොයවනවා නම් ඒ තරමට හොඳයි. නමුත් අයි එහෙම දුක් විඳින්න ඔවුන් යන්නේ? ගෙයක් දොරක් හදා ගන්න, ළමයින්ට උගන්වන්න ආදී වශයෙන් දහසකුත් එකක් ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නැති නිසා නේද? හැබැයි ඒකෙන් පවුල් කඩාකප්පල් වෙලා පොඩි දරුවන් අනාත වෙන අවස්ථාත් ඇති වෙනවා නේද? ඒ නිසා මේ සමාජමය ගැටලුවට, ජනප්‍රිය විසඳුමක් නොව, ඉතා කල්පනාකාරීව විසඳුමක් දිය යුතුයි.

:       0       6

pawan Wednesday, 22 August 2018 06:46 AM

ඔය කමෙන්ට් දාල තියෙන කට්ටිය හිතන්න එපා අපේ රටේ කාන්තාවන් අරාබියට බැලමෙහෙවරකම් කරන්න යාම මහා ලොකු වීර කමක් කියලා. අපේ රටේ මෙතෙක් සිටි දේශපාලකයන්ට තවමත් බැරිවුනා මොවුන්ගේ ජීවන තත්වය නගාසිටුවන්න වැඩපිළිවෙලක් සකස්කරන්න රට යවන්නේ නැතුව. අරාබියේ ලංකාව කප් ගහල තියෙන්නේ ගැණු පිටරට යවලා. අපි ලජ්ජා වෙන්න ඕන මේවට.

:       0       16

pawan Wednesday, 22 August 2018 06:50 AM

ඒජන්සිවලට හෙන්චයියන්ටයි රජ මගුල් ඇති මෙව්වා දැක්කහම. දැන් ගම්වල ගෙවල් ගානේ ගිහින් පවුල්වල දුකට පිහිටවෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.

:       0       19

Nishantha Wednesday, 22 August 2018 07:49 AM

රට ඇතුලේ නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනගන්නේ නැතිව කාන්තාවෝ රට යවලා සල්ලි හම්බ කරන එකනේ කරන්නේ.

:       1       3

බද්රානි Wednesday, 22 August 2018 07:52 AM

කාන්තාවන්ගේ පවුල් පසුබිම හොයන්න කලින් රටේ පසුබිමයි හොයන්නයි ඕනා. ලොකුවට පම්පෝරි ගහන්න කට්ටිය හිටියට, අසරණ කාන්තාවෝ මැදපෙරදිග ගොස් බැල මෙහෙවරකම් කරලා එවන සල්ලි වලින් ජීවත් වෙන පිරිමි ඉන්න රටක් මේක? නීති රීති ගැන කතාකරන අය හිතනවා ඇති කාන්තාවෝ මැදපෙරදිග යන්නේ විනෝදෙට කියලා?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2286 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 54 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 176 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 149 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 170 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 679 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site