IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කාදිනල්තුමෝ නීතියේ සහාය සොයති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතීන්ට බරපතළ  අසාධාරණයක් සිදුව ඇති බව කී අගරදගුරුතුමෝ එම නිසාවෙන් අත සෝදාගෙන පැත්තකට වී සිටීමට නොහැකි බව ද කීහ.

නමුත් රටේ නායකත්වය අත සෝදාගැනීමේ ක‍්‍රියාවලියකට එළඹ සිටින බව ද කාදිනල්තුමෝ කියා සිටියහ.

මේ අතර පසුගිය දා සිදුවූ  සිදුවීම පිටුපස සිටින පුද්ගලයන් ගැන සොයා බලා රජය හා ආරක්ෂක අංශ ඔවුන් පිළිබඳව පියවර ගත යුතු බව ද අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ප‍්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සිංහල සංස්කෘතියක් ඇති බවත් ඒ සංස්කෘතිය ගොඩනැගී ඇත්තේ බුද්ධාගමේ සංකල්ප සහ ඉගැන්වීම් පදනම් කරගෙන බවත් කී අගරදගුරුතුමෝ ශ‍්‍රී ලංකාව බුද්ධාගම සම්බන්ධ නැති රටක් බවට කිව නොහැකි බවද කීහ.

ලංකාව සිංහල ආර්ය සංස්කෘතියකට අනුව සකස් වූ රටක් බව කී කාදිනල්තුමෝ රටට ඉහළින් ගමන් ගන්නා විට වැඩිපුරම දක්නට ලැබෙන්නේ වැව් සහ දාගැබ් බව ද සඳහන් කළහ.

මේ වන විට මීගමුව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට සෝදිසි කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් එය වැදගත් ආරක්ෂක ක‍්‍රියාදාමයක් බවත් කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවෙහි අද (19) පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ ද මෙම වැඩසටහනට වැඩම කර සිටියහ.

 

 



අදහස් (6)

කාදිනල්තුමෝ නීතියේ සහාය සොයති

Sunil Sunday, 19 May 2019 02:36 PM

පඹයන් වැනි නායකයන් දෙදෙනෙකු සිටින විට ජනතාවට වෙන කුමන පිහිටක්ද?

:       0       0

Raveendra Sunday, 19 May 2019 02:50 PM

අතිගරු කාදිනල්තුමනි !! ඇත්තෙන්ම ඔබ වහන්සේගේ මෙම උත්සාහය අප ඉහළින්ම අගය කරන්නෙමු. මෙම නිහින මිලේච්ඡ ක්‍රියාවට වචනයකින් හෝ සම්බන්ද සියලුම දේශදෝහීන් දේශපාලුවන්, නිලධාරීන් කියන සමහර නිවටයන්ට එකී මෙකි නොකී සියලුම පාහරයන්ට (දේශදෝහීන්ට දඩුවම නම් මරණය හැර වෙන කිසිවක් නොමැත) කෙසේ හෝ දඩුවම් කිරීමට ඔබවහන්සේ දරන ප්‍රයත්නයට අප හදවතින එය සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරන්නෙමු.

:       0       0

Bamunuarachchi Sunday, 19 May 2019 03:29 PM

කාදිනල්තුමනි, නීති සහය පතා කාට ඇඟිල්ල දික්කරන්නද? රජය සියලුම පව් අර සිය දිවිහානිකරගත් ත්‍රස්තයින්ට පිට දාලා ඉවරයි. ත්‍රස්තවාදයේ මූලිකයාම බෝම්බ බැඳගෙන ගිහින්.. සියලුම වියදම් එයාගෙන්... ආයුධ ගෙන්වූයේ එයා... අනික් සියලු දෙනාම අහිංසකයි. කාවද මේ ගොනාට අන්දන්නේ? ඔබතුමා ඇතුළු අපිව නේද?

:       0       0

Asanka Sunday, 19 May 2019 04:24 PM

තුවාලෙ සිද්ද වුණු කෙනා කොච්චර අඬන්න ඕනෑද? රජය කියන හොර, තක්කඩි ආයතනයෙන් අවදානයක් ලබාගන්න.

:       0       0

d.upul Sunday, 19 May 2019 07:03 PM

මේ මිනිස් බිලි පූජාව සිදුවෙන්න ඉඩහැරීම යට දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙන බව ඉතා පැහැදිලියි. ඒ නිසා පොලිස්පතිට ඇඟිල්ල දික් කරලා ගැලවෙන්න දෙන්න එපා.

:       0       0

ranjith Monday, 20 May 2019 01:35 AM

මාධ්‍යය මගින් කරුණු හෙළිකළ බෝම්බ කාරයින්ගේ තඹ කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය සපයන්න උදව් කරපු කට්ටිය නීතිය ඉදිරියට ගෙන ආ යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 468 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 290 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 993 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 62 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2286 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 427 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site