IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ක්‍රිඩකයන්ට අපහාස වන සමයක ඇමැතිවරයකු වීමත් අවමානයක් - අර්ජුන

(නාමල් පතිරගේ,ඡායාරූප-චතුර එස් කොඩිකාර)

රටේ  ක්‍රිඩාවට  හා  ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට  වැඩිම අපහාස සහ අවමාන සිදුවී ඇත්තේ  වත්මන්  රජය සමයේදී බවත්  එම රජයේ මන් ඇමැතිවරයකු ලෙස කටයුකු  කිරිමට  සිදුවීම තමන්  අත්විඳින ලොකුම අවමානය බවත්  ඛනිජ තෙල්  සම්පත්  ඇමැති  අර්ජුන රණතුංග  මහතා  පැවසීය.

ශ්‍රී ලංකාවේ  ප්‍රවීණතම මලල ක්‍රීඩා  පුහුණුකරුවකු  වන යෝගානන්ද විජේසුන්දර මහතාට  උපහාර  දැක්වීම සඳහා අද (17) පෙරවරුවේ කොළඹ ජාතික ඔලිම්පික් කමිටුවේ ශ්‍රවණාගාරයේ දී පැවති ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් ඇමැතිවරයා පැවසීය.

ක්‍රීඩා කේෂ්ත්‍රෙය් අතිවිශාල පිරිසක් සහභාගී වී සිටි මෙම උත්සවයේ දී සභාව අමතමින්  වැඩිදුරටත් පැවසුවේ දිනෙන් දිනම කඩා වැටෙමින් පවතින රටේ ක්‍රිඩාවට විසඳුම් ලබන දෙනවා වෙනුවට බලධාරින්  ඒ පැලැස්තර විසඳුම්  දීමට උනන්දුව සිටිමෙන්  ක්‍රීඩාව තවදුරටත් ප්‍රපාතයට  වැටෙමින් පවතින බවත්ය. 

 



අදහස් (10)

ක්‍රිඩකයන්ට අපහාස වන සමයක ඇමැතිවරයකු වීමත් අවමානයක් - අර්ජුන

Rohana Wednesday, 17 January 2018 08:43 AM

නිකන් දුක් විඳින්නේ ඇයි? ඉල්ලා අස්වෙන්න.

:       4       161

de silva berlin Wednesday, 17 January 2018 08:54 AM

මටත් දයාසිරි ඇමතිතුමාගේ යම් යම් ක්‍රියාකලාප ගැන ගැටළු තිබෙනවා නමුත් මගේ අදහස ක්‍රීඩාවේ ප්‍රශ්න ක්‍රීඩා ඇමතිට විසදන්න දීලා ඔබතුමා ඔබතුමාට බාරදීලා තිබෙන අමාත්‍යාංශය ගැන බලන්න. ක්‍රීඩාව සම්බන්ධ ගැටළු තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයේදී හෝ ඇමති සමග පුද්ගලිකව කතාකරගෙන මේවා විසදන්න බලන්න.

:       3       166

siri Wednesday, 17 January 2018 10:07 AM

අර්ජුන, ඇයි ඔය තරම් අවමානයක් විඳින්නේ? ඇමති කමක් නිසා අවමානයක් විඳිනවා නම්, තාත්තාව (රෙජී මහත්තයා) අනුගමනය කරලා, එදා තනතුර දීලා කරපු දෙය ආදර්ශයට අරගෙන, තමුන් ඉන්න ඕන තැන හදා ගන්න. එදාට ජනතාව ඔබේ තාත්තට, මල්ලිට {ප්‍රසන්න} වගේ සලකයි. නැතුව මෙතන මෙහෙමයි කිය කියා ඔතන හිටියොත් ඉතින් "අබ සරණයි"

:       69       106

manoj Wednesday, 17 January 2018 10:08 AM

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විතරක් නෙමෙයි මහත්තයෝ... මේ කොන්ද පණ නැති ආණ්ඩුව මුළු ලංකාවටම අවමානයක්...

:       65       182

Muhan Wednesday, 17 January 2018 10:21 AM

එහෙනම් යන්නකෝ අනේ ගෙදර... එතකොට වැඩේ අහවරනේ...

:       2       9

Ruwan Wednesday, 17 January 2018 10:40 AM

දොරවල් විවෘතව ඇත. ඔබට නිදහසේ එළියට යාමට. ඔබට වඩා දක්ෂයන් ඔය තනතුර බාරගැනීමට සුදානම්ව ඇත. ඔබට වඩා මනා දැනුමක් ඇති පිරිසට ඉඩදී ගෙදර යාම සුබ ලකුණකි.

:       2       34

විජිත් Wednesday, 17 January 2018 11:19 AM

යෝගානන්ද විජේසුන්දර මහත්මයා වැනි ක්‍රීඩකයින්, ක්‍රීඩක පුහුණුකරුවන් දැන් බිහිවෙනවාද? යන ප්‍රශ්නය මගේ හිතේ පවතිනවා. මෙතුමා පාන්දර 6ට පිට්ටනියට පැමිණෙන කෙනෙක්.. තම ජීවිතයම ක්‍රීඩාවට කැපකරපු අති දක්ෂ ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් ...මට මතකයි මෙතුමා බණ්ඩාරවෙල හිටපු කාලේ.. ශාන්තජෝෂප් විදුහලේ අශ්රොෆ් මීටර් 100 දුවද්දී මෙතුමා මීටර් 100 කඩුලු පැනලා අශ්රෝෆ්ව පරද්දවනවා... ප්‍රිය මහත්මයාණෙනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබ චිරාත් කාලයක් ක්‍රීඩාවේ උන්නතිය සඳහා සේවය කිරීමට ශක්තිය ලැබේවා.!!!

:       1       9

de silva Wednesday, 17 January 2018 11:19 AM

ක්‍රීඩකයන්ට අපහාස වෙන එක පුදුමයක්ද? ලෝකේ හතරවටේම තිබෙන රටවල් වලින් හොඳටම කාලා... අදත් සිම්බාබ්වේත් අපිට උතුර දකුණ හොයාගන්න බැරි විදිහට 290 ගහලා... අපේ මිනිස්සු ඕවර් 14 කුත් කාල විකට් දෙකකුත් පූජකරලා ගහලා තිබෙන්නේ දැනට ලකුණු 70 ක් පමණි.

:       0       42

Rohana Thursday, 18 January 2018 06:39 AM

අවමාන විද විද ඉන්නේ ඇයි. ඉල්ලා අස්වෙන්න. ඒ මිහිරි රසය කෙසේ අමතකරන්න්නද?

:       0       1

Tissa Friday, 19 January 2018 04:18 AM

වැඩ බැරි ඇමති... වරාය දුන්නා අසාර්ථකයි. තෙල් දුන්නා අසාර්ථකයි.. ඉල්ලා අස්වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 475 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1039 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1183 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 772 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 203 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1918 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site