IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ක්‍රිකට් නිලධාරින්ගේ අවිධිමත් මූල්‍ය පාලනයට දෝෂාරෝපණ - කෝප් කමිටු රැස්වීම අතරමග නවතී

(බන්ධුල ඉලේපෙරුම)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, එම ආයතනය විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට කාරක සභා සාමාජිකයෝ තීරණය කළහ.
 
සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පැවැති රැස්වීමට  අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ,අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,  ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  මූල්‍ය පරිපාලනය අවධිමත් වීම හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බව නිරික්ෂණය වී ඇතැයි කාරක සභාවේ සභාපති මාහාචාර්‍ය චරිත හේරත් මහතා මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ජනතා අප්‍රසාදය ඉහළ ගොස් ඇති බවත් එය එක් පාර්ශවයකට පමණක් හිමි දෙයක් නොව රටට අයත් දෙයක් බවත් හෙතෙම අවධාරණය කළේය.
 
2017 වසර වන විට රුපියල් මිලියන 240 කට අධික මුදලක නොනිමි වැඩ වලට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් , වැඩභාර ගැනීමේ ලිපි සහ වැඩ ආරම්භ කිරීම හා අවසන් කළ යුතු දිනයන් යනාදී සම්බන්ධිත ලියවිලි විගණනයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  කාරක සභා සාමාජිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළහ. කාරක සභා රැස්වීමේදී හෝ එම ලිපි ගොනු නිවැරදිව ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  අපොහොසත් විය.



අදහස් (5)

ක්‍රිකට් නිලධාරින්ගේ අවිධිමත් මූල්‍ය පාලනයට දෝෂාරෝපණ - කෝප් කමිටු රැස්වීම අතරමග නවතී

kamal Friday, 12 February 2021 06:09 AM

මොකද කියන්නේ? සර්ට එන්න කියන්නද?

:       3       10

Raveendra Friday, 12 February 2021 07:44 AM

කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව සිතීමට උත්සාහ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ක්‍රිකට් ආයතනය යනු හුදෙක් මිනිසුන්ගේ මුදල් කාබාසිනියා කරන ආයතනයක් බව පළමුව අප ඍජුවම සඳහන් කරන්නෙමු. මෙම කමිටුවට කිසිඳු සූදානමකින් තොරව පැමිණියේ සුදුසුකම් ලත් නිලධාරින්ද, නොඑසේ නම් එක එකාගේ වසුරු සෝදන සුදුසුකම විතරක් සපුරාලූ අයද යන්න විමසන්නෙමු. එසේත් නොමැති නම් හොර සහතික පෙන්වා තනතුරු ලබාගත් රෑනක් විය යුතුමයි. මක්නිසාදයත් මෙවන් කමිටුවක් ඉදිරියට කිසිදු සූදානමකින් තොරව පැමිණියා යන්නම ප්‍රමාණවත්.. මෙම පාදඩයන් පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීම නොවේද? මෙම තක්කඩියන්ව එම නිලතලවලින් පන්නා දමා විනය පරීක්ෂණ කිරීමට මෙම සිදුවීම ප්‍රමාණවත් නොවේද? අද දින මෙම කමිටුවට පැමිණි සියල්ලොගේම කාලය,වැයවූයේ කුමක්ද... ඒ සියල්ලම මහජන මුදල් නොවේද?

:       4       17

Rata Perata Friday, 12 February 2021 01:05 PM

රටේම කිසි කළමනාකරණයක් නැතිකොට මේ ආයතන ගැන මොන කතාද?

:       3       17

RaveendraFriday, 12 February 2021 02:31 PM

ඔබගේ අදහස් වලින් ගම්‍ය වන්නේ මිට පෙර සියලුම අායතන නිසි කළමනාකරණයෙන් පරිපූර්ණ වී තිබූ බවක්ද?

:       7       7

හරමානිස්Friday, 12 February 2021 04:36 PM

නෑ නෑ ....කියන දේ තේරුම් ගන්න බැරි මීහරක් හැමතැනම ඉන්නවා...

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 49 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 65 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 72 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 228 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 163 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 606 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site