IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක්



(විනීතා එම් ගමගේ)

ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, හෙද හා මෝටර් රථ යන ක්ෂේත‍්‍ර හතරේ රැකියා ඇබෑර්තු 25000 කට අධික ප‍්‍රමාණයක් ඇතත් පුහුණු වෘත්තිකයන් හිඟයක් ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය (නයිටා) කළ අධ්‍යයනයක දී හෙළි වී ඇත. 

එකී අධ්‍යයනයේ තොරතුරු පදනම් කරගෙන මෙම කෙෂත‍්‍ර හතරේ සේවාවන් සඳහා ආධුනිකයින් දිවයිනේ සියලූ ප‍්‍රදේශවලින් බඳවාගෙන කෙෂත‍්‍රගත  පුහුණුවක් සහිත පුහුණු පාඨමාලාවකට ඇතුළත් කර ජාතික වෘත්තිය පුහුණුවේ 3 හා 4 මට්ටම්වල සහතිකයක් පිරිනැමීමේ වැඩ  පිළිවෙලක් ආරම්භ කිරීමට ද එම ආයතනය පියවර ගෙනඇත.

විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල  කි‍්‍රයාත්මක කෙරෙන බව නයිටා ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ලංකාදීපයට  පැවැසීය. 

මේ සඳහා බඳවා ගන්නා ආධුනිකයින්ට මාස දෙකක මූලික පුහුණුවකින්  පසු රැකියා ගත පුහුණුවක් ලබාදෙන අතර එය අවසානයේ සාර්ථකව පාඨමාලාව හැදෑරූ පිරිසට සහතික පිරිනැමීමට කටයුතු කරන බව ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය. 

මෙම පාඨමාලාවේ පළමු පියවර ලබන මස පළමුවැනිදා ආරම්භ කරන බවත් ඒ සඳහා පුහුණු ලාභීන් මේ වනවිට නයිටා දිස්ත‍්‍රික් මධ්‍යස්ථානවලදී බඳවා ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය. 


ආධුනිකයෙක් ලෙස මෙම පාඨමාලාවට බැඳීමට කැමැත්තක් ඇති අයවෙත් නම් 1951 ක්ෂණික අංකය අමතා වැඩි විස්තර ලබා ගත හැකි බව ද සභාපතිවරයා පැවැසීය.

උසස්පෙළින් පසු අධ්‍යාපනය නතර කරන තරුණ පිරිස් වෙනුවෙන් මෙම  වැඩපිළිවෙල දිගටම ගෙන යන බවත් ඉදිරියේ දී මෙවැනි අධ්‍යයනයන් තුළින් සොයා ගන්නා රැකියා අවස්ථාවන් සඳහා පුහුණු කිරීම් දිගටම කරන බවත් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් කියා සිටියේය.  



අදහස් (4)

ක්ෂේත්‍ර හතරක රැකියා ඇබෑර්තු 25000 ක්

lalith Tuesday, 25 September 2018 09:33 PM

මොන සහතිකේ දුන්නත් අඩු පඩියට දවස ගානේ බාල්දුවෙන රුපියල් වලින් පඩිගන්න මොන කෙනාද එන්නේ. රට යනවා වැසිකිලි හෝදන්න හරි. සමහර ආයතනවල මාසෙකට ගෙවන්නේ රුපියල් දහ පහළොස් දාහයි. අඩු ගානේ මාසේ බඩ කට පුරා කන්නවත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. පිට රටවල වහල් සේවේ කරපු අයටත් පඩි නොදුන්නට ඇතිවෙන්න කන්න දුන්නලු ඉඳුම් හිටුම් බෙහෙත්හේත් එහෙමත් දීලා. මේ රස්සා වහල් සේවෙටත් අන්තයි. මේ යන විදිහට රුපියල බාල්දු උනොත් තව ටික දවසකින් පාරේ හිගන්නෝ පිරෙයි ඉල්ලන් කන්න.

:       0       5

දිලුම් Wednesday, 26 September 2018 03:35 AM

ලලිත් ඔයාලා වගේ මිනිස්සු ඉන්නකන් අපිට වෙන්නේ හිඟාකන්න තමයි. හැම එකටම දොස් කිය කිය ඉන්නවට වඩා ඔයාගෙ අහල පහල ඉන්න පාසැල් හැර ගිය ළමයෙක් මේ වගේ වැඩසටටහනකට යොමු කරන්න. නැත්නම් වෙන්නේ අපිට මේ ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ශ්‍රමය පිටරටවලින් ගේන්න. ඔයාලට වෙන්නේ අපේ රස්සා පිටරැටියන්ට දුන්න දැන් අපිට කන්න නෑ කියල හිඟා කන්න

:       0       0

Achala siri Wednesday, 26 September 2018 04:23 AM

වැඩි දුර විස්තර දැනගන්නේ කෙසේද?

:       1       0

H.M Darshana Sampath Thursday, 02 June 2022 11:11 PM

මට ඉක්මණින් රැකියාවක් අවශ්‍යයි... කරුණාකර උදව් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 681 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1603 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 774 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 151 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 587 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 353 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site