IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට

(ගයාන් සූරියආරච්චි)

සිංහල කණ්ඩායම් සංගීතයේ පෙරැළියක් කළ සංගීත අධ්‍යක්‍ෂ සහ ප‍්‍රවීණ ගායන ශිල්පී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ගී පද රචන, ගී තනු ඇතුලූ ගීතවල බලයලත් හිමිකම ඔහුගේ දියණිය වන අමිලා ප‍්‍රියදර්ශනී විජේවර්ධනට පවරා තිබේ.

කැලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිය වන  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි ශීලා විජේවර්ධන මහත්මිය විසින් ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ශ්‍රේෂ්ඨාධිකරණයේ බැරිස්ටර් සහ සොලිස්ටර්වරයකු වන දොන් කටුගම්පල මහතා සහ කොළඹ ප‍්‍රසිද්ධ නොතාරිස් වයි.වී.ආර්. බාලසූරිය මහත්මිය යන නොතාරිස්වරුන් විසින් සහතික කර බලයලත් හිමිකම මීට පෙර සිරි හෙට්ටිආරච්චි නැමැත්තකුට පවරා තිබිණි.

1943 වසරේ අගොස්තු මස 3 වැනිදා හපුතලේදී උපත ලැබූ ක්ලැරැන්ස් විජේවර්ධනයන්  1964 වසරේ සිට 1970 දක්වා ‘ද මූන්ස්ටොන්’ නැමැති සංගීත කණ්ඩායමත් සමඟ ජනප‍්‍රියත්වයට පත්විය. ‘සිහින ලොවක්, මලට බඹරකු සේ, කිමද නාවේ, දිලීප පොඩිපුතු, දුව මා වගේ, සැන්දෑ වළාවන්, ආදරේට කියන කතා,  රෑ තාරකාවෝ, රන් සමනලියන්, කඳු සුරිඳුනි, සඳක් බැසගියා’ ඇතුලූ ජනප‍්‍රිය ගීත රැසක් ක්ලැරැන්ස්ගේ නිර්මාණ වේ.1996 වසරේ දෙසැම්බර් මස 13 වැනිදා ජීවිත වේදිකාවෙන් බැසගියත් අද වනතුරුත් ක්ලැරැන්ස් විජේවර්ධනයන්ගේ ගීත රසික හදවත් තුළ කිඳා බැස ඇත.ක්ලැරැන්ස්ගේ දියණිය අමිලා විජේවර්ධන කීවේ මෙවන් කතාවකි.

‘‘මගේ පියා නිර්මාණය කළ ගීතවල තනු නිර්මාණ සහ පද රචනවලට හානියක් නොකර, ගීත විකෘති නොකර ගායනා කිරීමට කැමැති  ඕනෑම අයකුට අපිව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර අපෙන් අවසර ලබාගෙන ගායනා කිරීමට අවස්ථාව  දෙනවා. අවසර නොමැතිව ගායනා කරන  ඕනෑම අයකුට විරුද්ධව දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්න වෙනමම නීතිඥ මණ්ඩලයක් පත්කර තිබෙනවා. පියාගේ ගීත අනවසරයෙන් ගායනා කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට නියෝජිතයකු ඉදිරියේදී පත්කරනවා.

ඒ වගේම දැනට පවතින නඩු සම්බන්ධයෙන් අපේ නීතීඥ මණ්ඩලය දැනුම්වත් කර තිබෙනවා.

ඉදිරියේදී ක්ලැරන්ස් විජේවර්ධනගේ නිර්මාණ සම්බන්ධ  කරගෙන පවත්වන ප‍්‍රසංග වැඩසටහන් හා සියලූම දේවල් පිළිබඳව අප දැනුම්වත් කළ යුතු වෙනවා. මොකද එය අප සිතන්නේ පියාට කරන යුතුකමක් කියලයි.

මගේ පියාගේ ගීත ගායනා කරලා ප‍්‍රසිද්ධිය ලබාගෙන මුදල් හම්බකරගෙන අපට දොස් කියන පිරිසකුත් ඉන්නවා. එය අපි දකින්නේ මෙවැනි කලාකරුවකුට කරන අගෞරවයක් හැටියටයි. මගේ පියා නැතිවෙලා වසර ගණනක් ගියත් ඔහුගේ ගීත තවමත් ජනප‍්‍රියත්වයට පත්වෙලා තියෙන්නේ ඒ ගීතවල තිබුණු අලංකාරය සහ සුවිශේෂී නිර්මාණ ගුණය නිසයි. අප සිතනවා තවත් වසර ගණනාවක් ඔහුගේ ගීත රසික හදවත් තුළ රැඳී තිබේවි කියලා. මගේ පියාගේ ගීත විකෘති නොකර වෙනස් නොකර ගායනා කිරීමට කැමැති අයකුට [email protected] ලිපිනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.’

(ශීලා විජේවර්ධන සහ දියණිය අමිලා විජේවර්ධන)

 



අදහස් (7)

ක්ලැරන්ස්ගේ නිර්මාණ අයිතිය දියණිය අමිලාට

Sarath Prematilake Thursday, 27 April 2017 11:17 PM

ඉතා හොඳයි

:       12       38

Jakma Friday, 28 April 2017 10:28 AM

හෂීම් අම්ලා ගැනද කියන්නෙ?

:       137       1

sopi Friday, 28 April 2017 01:35 PM

ක්ලැරන්ස් නිසි ඇගයීමකට ලක් නොවී වියෝවූ තවත් අග්‍රගන්‍ය සංගීතවේදියෙක්. එතුමාව විකුණා ගනිමින් මුදල් උපයන්නන් එතුමාගේ නමවත් මතක් කරන්නේ නැහැ. එදාටත් වඩා එම නිර්මාණ අද ජනප්‍රියයි. මේ දියණියගේ ක්‍රියාදාමය හොඳයි .

:       0       53

Gamini Monday, 01 May 2017 12:51 AM

බොහොම හොඳයි. අප අතීතයේ මෙන් අදත් රස විඳි ගීතවල රසය මතු පරපුරටත් රස විඳින්නට පුළුවන් ක්‍රමයක් සැලසීම ගැන ස්තුතිවන්ත වෙනවා.

:       0       3

Aruna Tuesday, 02 May 2017 07:18 AM

එදත් අදත් අප ඉතා ආශාවෙන් ක්ලැරන්ස් නමැති සොදුරු ගායකයාගේ ගීත රස විඳිනවා එනිසා මෙවැනි පියවරක් ගැනීම පිලිබදව අමිලාට ස්තුතිවන්ත වෙනවා.

:       0       0

SANKHA RAJAPAKSA Wednesday, 03 May 2017 04:42 AM

මගේ අදහස නම් සියලුම් මියගිය කලාකරුවන්ගේ දරුවන් මෙය ආදර්ශයට ගන්න ඕන කියලයි. මේ මිනිස්සු ඉඩකඩම් හම්බ කලේ නැ. එකම ධනය මේ බිහිකරපු ගීත පමණි. ඒවායේ අයිතිය සම්පුර්ණයෙන්ම දරුවන්ට තියෙන්න ඕන මේවට රජයත් මැදිහත් වෙන්න ඕන. අමිල මහත්මියට මම සුබ පතමි

:       0       2

sanjeewa weerasinghe Wednesday, 03 May 2017 06:35 AM

හොඳ තීරණයක් මේනිර්මාණ කාලයක් පවතින්න

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 327 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 120 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 113 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 106 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3603 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1649 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1406 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site