IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කළු ගඟේ මැණික් නිධිය ගොඩගැනීම නවත්වයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)
                                                                                     
රුපියල් මිලියන 135කට  බලපත්‍ර ලබාදුන් කළු ගඟේ හැරණියාවක මැණික් නිධියේ පතල් කැණීම  වහාම නවත්වා, එම  පතල් පවත්වාගෙනයන ක්‍රමවේදයේ විනිවිදභාවය ගැන පරීක්ෂණයක් සිදුකිරීමට රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කර තිබේ. විෂය භාර රාජ්‍ය ඇමතිවරයාට ඒ ගැන දැනුම් දීමටද තීරණය කමිටුව තීරණය කර ඇත.
 
ප්‍රධාන ගංගාවක මැණික් කැණීම සඳහා  බලපත්‍ර ලබාදීමෙන් ලංකාවේ වැඩිම ආදායම ලබාගෙන ඇත්තේ මෙම මැණික් පතල් කැණීම් බලපත්‍රයෙනි. 
 
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි කළු ගඟේ හැරණියාවක මැණික් කැණීමට බලපත්‍ර ලබාදී ඇති  ආකාරය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ දැඩි  විරෝධයක් සහ  විවේචනයක් එල්ල විය.                                                                                                               
රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා එහිදී පැවසුවේ විනිවිදභාවයකින් තොරව, මැණික් හා ස්වර්ණවාරණ අධිකාරියේ සභාපති සහ නිලධාරින්ට අවශ්‍ය ලෙස, හැරණියාවක රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් නිධිය ගොඩගැනීමට ක්‍රමවේද සකස් කර ඇති බවයි. මේ නිසා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු රජය අපහසුතාවයට පත්ව ඇතැයි ද මැණික් කර්මාන්තය භාර රාජ්‍ය ඇමතිවරයා මෙයට සම්බන්ධ බව ප්‍රදේශයේ ජනතාව අතර වැරැදි මතයක් නිර්මාණය වී ඇතැයි ද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා පැවසීය.  ගමේ ජනතාවගේ බහුතරයක් මේ ආකාරයෙන් මැණික් පතල් කැණීමට විරෝධය පළ කර ඇතැයි ද එල්ලාවල මහතා පැවසීය.  ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, ගාමිණී වලේබොඩ, වරුණ ලියනගේ යන මහත්වරු ද මෙහිදී මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍ර ලබාදි ආකාරයට විරෝධය පළ කළහ.

ඔවුන් පැවසුවේ සාධාරණ ලෙස ප්‍රදේශයේ ජනතාව දායක කරගෙන මෙම මැණික් කැණීම සිදු කළයුතු  බවය.   

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීයා මෙසේ පැවසීය.
 
“මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බලපත්‍ර ලබාදීමෙන් ලද වැඩිම ආදායම වන රුපියල් මිලියන 135 ක් මෙමගින් ලබාගෙන තිබෙනවා. කළු ගඟේ හැරණියාවක මැණික් කැණීමෙන් ලැබෙන ආදායෙමෙන් 25% ක් ප්‍රදේශයේ සමෘද්ධි සමිති 6ක අඩු ආදායම්ලාභින් පතල්කරුවන්  හවුල් කරගෙන ලබා දෙනවා. තවත් 25% ක් බලපත්‍ර ලබාගත් සමාගමට ලැබෙනවා. ඉතිරි 50% ක ආදායම් රජයට ලැබෙන ලෙස මෙහි ක්‍රමවේදය සකස් කර තිබෙනවා”



අදහස් (2)

කළු ගඟේ මැණික් නිධිය ගොඩගැනීම නවත්වයි

වීරවිජේ Wednesday, 17 February 2021 11:28 AM

එතකොට සමෘධි හම්බෙන අය යන්නේ බෙන්ස් වලද?

:       0       11

සෙනෙවිරත්න Wednesday, 17 February 2021 01:43 PM

පිස්සුද ඒ අයට හැමදාමත් සමෘද්ධි...

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 131 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1199 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 160 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 363 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site