අජිත්ලාල් ශාන්තඋදය
සමනල අඩවිය ඇතුළු ශ‍්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග‍්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත‍්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
එය ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ.
රත්නපුර මුවගම ජල මාපකයේ මීටර් 07.5 ඉක්මවූ විට සුළු ගංවතුර තත්ත්වයක් ලෙස සැලකේ.
මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර මට්ටමකට මුහුණ දෙන ලෙස සුදානම්ව සිටින්නැයි අනතුරු අගවයි.
ඒ අනුව රත්නපුර, ඇලපාත, කිරිඇල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානමක් ඇති නිසා ආරක්‍ෂිත ස්ථාන වලට යාමට සුදානමින් සිටින්නැයි රත්නපුර දිස්ත‍්‍රික් ආපදා මධ්‍යස්ථානය දන්වා සිටී.
කළු ගගේ ජල මට්ටම අද (24) අලූයම 04.00ට අඩි පහ හමරක් වූ ආතර රාත‍්‍රී අට වනවිට අඩි එකොළහ හමාරකින් ඉහළ නැග තිබුණි.
ඉහළ කදුකර ප‍්‍රදේශයට ඇදහැලෙන වර්ෂා වරින් වර අඩු වැඩිවෙමින් ඇදහැලෙන නිසා රාත‍්‍රී කාලයේ ගගේ ජල මට්ටම ඉහළ යාමට ඉඩ ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
මීට දින පහකට පමණ පෙර මහ ගංවගුර තත්ත්වයක් ඇති වු නිසා එසේ ගලා ආ ජලය පහත්බිම් වල තවමත් රැදී ඇති නිසා මේ වනවිට ගංවතුරක අවදානම ඉක්මනින් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මීට වසර 17කට පෙර මැයි මාසයේ මහා ගංවතුරක් පැමිණියේ රාත‍්‍රී කාලයේ ය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී