ඩයනා උදයංගනී
කළු ගඟ, අත්තනගලූ ඔය හැරුණු විට සෙසු ප්‍රධාන ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම මේ වන විට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු අඟ අද (23) දහවල් වන විටත් සුළු ගං වතුර මට්ටමක පැවති අතර එහි ඉහළ ජාලා ධාරා ප්‍රදේශවලට ගතවූ පැය 6ක කාලයේ තද වැසි ලැබී ඇති බැවින් එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.
අත්තනගලු ඔය ගං වතුර මට්ටමේ පැවති අතර එහි ජල මට්ටමද තව දුරටත් ඉහළ යාමේ හැකියාවක් ඇති බව මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළාය.
එබැවින් එම ගංගා අවට පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව ද ඇය කීවාය.
කැලණි ගඟේ ජල මට්ටම බොහෝ තැන්වල සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති නමුත් නාගලගම්වීදිය මාපකය ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බව කී අධ්‍යක්ෂවරිය ජල ධාරා ප්‍රදේශයට තද වැසි ලැබී නොමැතිකම හේතුවෙන් එහි ජල මට්ටම සෙමින් පහළ යමින් පවතින බව ද සඳහන් කළාය.
ගිං ගඟ සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇතත් බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව කී ඇය නිල්වලා ගඟ ද අකුරැස්ස ප්‍රදේශයේදී සුළු ගං වතුර මට්ටමක පවතින බව කියා සිටියාය.
මහවැලි ගඟ සහ මා ඔය අද දහවල් වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ තිබූ බව ද ඇය සඳහන් කළාය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ජලාශ ගත් විට රාජාංගණය, දැදුරු ඔය, මුරුතවෙල වාන් දොරටු විවෘත කර ඇති බැවින් ඒ අවට ජනතාවද අවධානයෙන් සිටිය යුතු බව ඇය පැවසුවාය.
වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා) ඉංජිනේරු මාලා අලවතුගොඩ මහත්මිය මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කළු - අත්තනගලු ගංගා තවමත් ගං වතුර මට්ටමේ
සතයපාල Wednesday, 23 May 2018 01:56 PM
දැන්නම් ලංකාවේ හැම ගඟක්ම පිටාර ගලනවා. හැම ජලාශයක්ම, වැවක්ම වාන් දමනවා. තව මාසයක්, දෙකක් ගියාම කියයි වගා කරන්න ජලය නැහැ, විදුලිය නිපදවන ජලාශ හිඳිලා... ඩිසල් බලාගාරවලින් රට දුවන්නේ කියලා. මේ ලැබෙන වතුර රඳවා ගන්න ආරක්ෂාකර ගන්න කාටවත් වුවමනාවක් නැහැ. වැඩකට නැති වරායවල්, ගුවන්තොටුපොලවල් හා වැඩි ඵල ප්‍රයෝජනයක් නැති අධිවේගි මාර්ග අටවනවට වඩා රටට වඩාත්ම ඵල ප්‍රයෝජනයක් ඇති මේ ජල කඳ රැක ගන්න පාලකයන්ට වගේම පාලිතයන්ටත් වුවමනාවක් නැත්තේ අර ජාත්‍යන්තර සමික්ෂණයට අනුව අපේ රටේ ජනතාව බහුතරයේ බුද්ධි මට්ටම මන්ද බුද්ධික මට්ටමට ලඟාවෙලා නිසාද?