IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කළමනාකරණ සහකාරවරුත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති

(විනීතා එම් ගමගේ)


රාජ්‍ය කළමණාකරන සහකාර සේවාවට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තිය ක‍්‍රියා මාර්ගකට අවතීර්ණ වීමට රාජ්‍ය කළමණාකරන සහකාර නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත. 


තම සේවාවේ ඉල්ලීම් සම්බන්ධව වසර ගණනක් තිස්සේ රජයෙන් ඉල්ලීම් කළ නමුත් කිසිදු පිළිතුරක් නොලද බවත් අවසන් වශයෙන් සාකච්ඡාවක් ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් භාර දුන් බවත් රාජ්‍ය සේවා කළමණාකරන නිලධාරින්ගේ සංගමයේ සභාපති යූ පලිහවඩන මහතා ලංකාදීපයට පැවැසීය. 


එම ලිපිය භාර දුන්නේ අද (20) ට පෙර සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් යැයි කී පලිහවඩන මහතා මේ සතිය අවසන් වන තුරු සාකච්ඡාවක් සඳහා වේලාවක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් සිටින බවත් නොලැබුණහොත් ගන්නා  ක‍්‍රියාමාර්ග ගැන සතිය අවසානයේ එක්ව තීරණය කරන බවත් හෙතෙම කියා සිටියේය. 


රාජ්‍ය සේවා කළමණාකරන සහකාර නිලධාරින් නියෝජනය කරන වෘත්තිය සමිති 10 ක් එක්ව මෙම තීරණයට එළැඹුණු බව ද පලිහවඩන මහතා පැවැසීය. 
කළමණාකරන සහකාර යන තනතුරු නාමය ශ්‍රී ලංකා කළමණාකරන නිලධාරි යනුවෙන් වෙනස්  කිරීම උසස් කිරීම සඳහා විභාග ක‍්‍රමයක් ඇති කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් තම ඉල්ලීම් තුළ ඇතැයි ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.



අදහස් (0)

කළමනාකරණ සහකාරවරුත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 475 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1039 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1183 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 772 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 203 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1918 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1639 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site