IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කලුවිල රක්ෂිතයේ ඉඩම් බලහත්කාරෙන් අල්ලාගෙන


 
(දයාරත්න ඇඹෝගම)


නාච්චාදුව කලුවිල වැව ඉහළ රක්ෂිතයේ අක්කර තිහක පමණ ප්‍රමාණයක් පිරිසක් විසින් අනවසරයෙන් අත්පත් කර ගෙන ගොවිතැන් කරන බව ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.


නියඟය නිසා මේවන විට නාච්චාදුව කලුවිල වැවේ ජලය නොමැති කමින් ගොඩ වී ජලජ ජිවී වලින් ගහණය වී ඇත.


නියං සමයේ වැව ගැඹුරු කර ජල ජීවි ශාක ඉවත් කර පිළිසකර කිරිමේ හැකියාව තිබුණද ඒ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මුනිවත රකිමින් සිටින බව ගොවිහු පවසති.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාච්චාදුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ උප ලේකම් පි.පි.අමරජිව මහතා මෙසේ පැවසීය.


නාච්චාදුව කලුවිල වැව මේවන විට සම්පුර්ණයෙන්ම ගොඩ වෙලා. වැව යටතේ කුඹුරු අක්කර 700 ක් පමණ වගා කරනවා. මේ යල් කන්නයේ වගා කරන්න තරම් ජලයකුත් නැහැ. වැව සම්පුර්ණයෙන්ම ජපන් ජබර වලින් පිරිලා. මේ වැව ඉතිහාස ගත වැවක් දේශ සංචාරක රොබට් නොක්සන් මහතා ලංකාවට පැමිණ අවස්ථාවකදී වැවේ ගසක් යට හිද විඩාව නිවා ගෙන ගිය බවත් පොත්පත්වල පවා සටහන් වී තිබෙනවා.


ඒ අතර වැව උඩ රක්ෂිත අක්කර 30 පමණ ඉඩම් පිරිසක් විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන වගා කරනවා. මේ හේතුව නිසා වැව යටතේ කුඹුරු හිමියන්ගේ කුඹුරු සියල්ල යට වෙනවා. ගොවිතැන් කරන කාලේ සියලුම ගොවීන් මේ හේතුව නිසා දැඩි අපහසුතාවයට පත් වෙනවා.


ඒත් මේ ගැන වගකව යුතු කිසිවෙක් මෙතෙක් පියවර ගෙන නැහැ. නියං කාලයේ වැවේ මේ තියන ජපන් ජබර ඉවත් කරලා වැව හාරන්න පුළුවන්කම තිබුණත් ඒ ගැන කටයුතු කරන්නේ නැහැ.

 

අපි ඉල්ලා සිටින්නේ මේ අනවසර වගාවන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් අරන් වැව අලුත්වැඩියා කරලා දෙන්නයි කියන එකයි.


මේ සම්බන්ධයෙන් අප වාරිමාර්ග අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා සුදුසු පියවරක් ගන්නා බවයි.



අදහස් (3)

කලුවිල රක්ෂිතයේ ඉඩම් බලහත්කාරෙන් අල්ලාගෙන

Sanath Sunday, 27 May 2018 01:01 PM

කවුරුහරි මුඩු බිමක් අස්වද්දල වී වගා කරන එක හොඳ දෙයක් කියලයි මං නම් හිතන්නේ. ඒ ඉඩම ගමේ මිනිස්සුන්ට බෙදලා දුන්න නම් කවුරුත් විරුද්ධ වෙන්නේ නැතිවෙයි.

:       0       0

රජින්ද Sunday, 27 May 2018 01:12 PM

නිර්ලජ්ජිත විදිහට මෙරට පරිසරය විනාශ කරනවා. වගකිවයුතු අය බලාගෙන ඉන්නවා. අන්තිමට ගංවතුර-නියගය කියා කියා බෙරිහන් දෙනවා. මේ ස්වභාවික ව්‍යසන ඉදිරියේදී දෙගුණ තෙගුණ වෙලා යනු බලාගත හැකිවනු ඇත.

:       0       0

rocky Monday, 28 May 2018 02:45 AM

දේශ පාලුවන්ගේ සහ දුෂිත නිලධාරීන්ගේ සහාය නැතුව මෙවැනි වැඩ සාමාන්‍ය ජනයාට කරන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 736 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 139 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 951 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 982 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1302 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1167 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site