IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කල්මුණේ මූලික රෝහල් 6යි - මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2යි

(රන්ජන් කස්තුරි)

 
රටේ ජනගහනයට සමානුපාතික ලෙස රෝගී සත්කාර සේවා ලබාදීම සඳහා රටපුරා විවිධ ප්‍රදේශවල රෝහල් ස්ථාපිත වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.           
                                     
ඇතැම් ප්‍රදේශවල මහරෝහල්, දිස්ත්‍රික් රෝහල් හා මූලික රෝහල් එකිනෙකට ආසන්නයේ පිහිටා ඇතත් ඇතැම් ප්‍රදේශවල සැතපුම් ගණනාවකට එක් රෝහලක් හෝ පිහිටා නැතැයිද එම වාර්තා සඳහන් කරයි.                                                   

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ ප්‍රදේශයේ පමණක් මූලික රෝහල් 6ක් පිහිටා තිබෙන අතර මුළු මාතර දිස්ත්‍රික්කයට පිහිටා ඇත්තේ මූලික රෝහල් දෙකක් පමණි.    
                               
කල්මුනේ ප්‍රදේශයට අයත් කලවංචිකුඩි, කල්මුණේ උතුර, කල්මුණේ දකුණ, සමන්තුරෙයි, අක්කරපත්තු සහ නින්දවූර් යන ප්‍රදේශවල මූලික රෝහල් ස්ථාපිත කර තිබේ.    
                                                     
මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටියේ පමණක් දැනට මූලික රෝහලක් ක්‍රියාත්මක වන අතර මේ වනවිට දෙණියායේ මූලික රෝහලක් ස්ථාපිත කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි.        
                                    
රෝගියෙකුට පහසුවෙන් ළඟාවීමට හැකිවීම, ජනගහනයේ සමානුපාතික බව ආදී නිර්නායක සලකා බැලීමේදී මාතර දිස්ත්‍රික්කයට රෝහල් ස්ථාපිත වීම අතින් කාලයක සිටම සෞඛ්‍ය බලධාරීන් අඩු සැලකිල්ලක් දක්වා ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව පෙනී යයි.



අදහස් (12)

කල්මුණේ මූලික රෝහල් 6යි - මාතර දිස්ත්‍රික්කයටම මූලික රෝහල් 2යි

saman Monday, 21 January 2019 09:38 AM

ඒ වුණාට කට ඇරියොත් කියන්නේ සුළු ජාතීන්ට අසාධාරණකම් වෙනවා කියලා. බැලින් නම් අසාධාරණයි වෙලා තියෙන්නේ මහා ජාතියට...

:       17       349

tarzan Monday, 21 January 2019 09:54 AM

හම්බන්තොටට එහෙනම් සිංගප්පුරුව වගේ වැඩ කරලා තිබුනේ... මේකටත් ජාතිවාදය, ඉතින් යුද්ධයක් එන එක එච්චර පුදුමයක් නොවෙයි.

:       254       22

susantha Monday, 21 January 2019 09:57 AM

සමන්, සහජීවනේ නැති කරන්නද හදන්නේ..? මහා ජාතියට මොකටද අයිතිවාසිකම්, පහසුකම්, සමාන අවස්ථා...?

:       16       147

banda Monday, 21 January 2019 11:20 AM

මාතර කියන්නේ ලංකාවේ අඩුම වේගයකින් සංවර්ධනය වන නගරයක්.... රෑ 10න් පස්සේ මළවුන්ගේ නගරය වගේ...

:       0       32

Hafeel Monday, 21 January 2019 11:29 AM

දකුණෙන් අපි යවන දේශපාලකයින් මොනවද කරන්නේ?

:       0       56

බද්රානි Monday, 21 January 2019 11:45 AM

හැබැයි ඒ පළාත්වල පෞද්ගලික රෝහල් වැඩිපුර නැහැ. පුහු දේශප්‍රේමයකින් තොරව තමන්ගේ ජාතියන සේවය කරන ඒ පළාත්වල දේශපාලකයින් අසරණ රෝගීන්ව ගසාකන්න ඉඩ සලසා නැති වුණාට, මහා ජාතියේ යයි කියාගන්නා දේශපාලකයින් දොස්තර මාෆියා කාරයින්ට මේ පළාත්වල රෝගීන්ව ගසාකන්න ඕනෑතරම් අවස්ථා දීලා තියනවා. ඒ නිසානේ, මේ පළාත්වල දොස්තරලා වෙදකම පැත්තක තියලා දේශපාලනය කරන්නේ... දැන් ඉතින් මෙතන නාහෙන් අඬන්නේ නැතිව අසනීපයක් තියනවා නම්, අනුන්ට ඉරිසියා නොකර, ගිහින් මුදල් ගෙවලා බෙහෙත් කරගන්න. එ්ත්,.. ඉතින් බෙහෙත් ගත්තත්.., මොළේ නම් වර්ධනය කර ගන්න බැරිවෙයි...

:       357       324

Bamunuarachchi Monday, 21 January 2019 01:39 PM

මට නම් පෙනෙන්නේ දකුණේ මිනිස්සු ශරීර සෞඛ්‍යය අතින් දියුණුයි, උතුරේ කල්මුනේ ඉන්නේ ලෙඩ කාක්කන්. දකුණේ මිනිසුන්ගේ සුවසෙත සඳහා තිබෙන සම්පතුත් උතුරේ ලෙඩ්ඩුන්ට වියදම් වෙනවා. කොහොම වුනත් අපට තිබෙන සියලුම රැකියා, අධ්‍යාපන, ඉඩම්, සෞඛ්‍ය පහසුකම් ආදිය ජන අනුපාතය අනුව බෙදිය යුතුය. රැකියා 100ක් තිබේනම්75ක් සිංහල ජනතාවට ලැබිය යුතුය. රටේ ආහාර නිෂ්පාදනයේ මූලිකයා සිංහලයින්ය. දෙවනුව දමිලයින් ආහාර නිෂ්පාදනයට දායකවෙයි. මුසල්මානුවා ආහාර නිෂ්පාදනයට දායකවෙන්නේ නැත. නමුත් එක සිංහලයෙකුගෙන් අඩුමිලට ගන්නා ආහාර තවත් සිංහලයෙකුට වැඩිමිලට විකුණා අධික ලාභ ලබන අතර අපේ ළමයින් වෙනුවෙන් සිංහල අපි ඉතිරිකරන සම්පත් මොවුන්ගේ ළමයින් රිසිසේ භුක්ති විඳි. රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? අපේ සම්පත් මොවුන් භුක්ති විඳිනවා හැරෙන්නට වෙන යහපතක් රටට තිබෙනවාද?

:       393       334

V.warnakulasuriyaMonday, 21 January 2019 03:32 PM

"උතුරේ කල්මුනේ ඉන්නේ ලෙඩ කාක්කන්. දකුණේ මිනිසුන්ගේ සුව සෙත සඳහා තිබෙන සම්පතුත් උතුරේ ලෙඩ කාක්කන්ට වියදම් වෙනවා" තමන් මහා උගතෙක් වශයෙන් නිතර මෙහි පෙනීසිටින ශ්‍රිලංකාවේ පුරවැසියෙක්, තම රටේ සහෝදර පුරවැසියන් ගැන කරන අලංකාර ප්‍රකාශය කාගෙත් අවධානය සඳහා යොමු වේවා! ඒ මිනිසුන් ලෙඩ කාක්කෝ නම් එයට වගකිව යුත්තෝ කවුරුන්ද යන්නත් අප පිළිතුරු දියයුතු ප්‍රශ්නයකි. ත්‍රස්තවාදය අප පිළිකුල් කළත් එයද සාධාරණය කිරීමට බොහෝ අවස්ථාවල අපට සිදුවේ. ඉහත බද්රානි නමින් පළවී ඇති ප්‍රකාශයත් උගත් බමුණු ආරච්චි මහතාට කදිම පිළිතුරකි.

:       0       8

රොෂාන්Monday, 21 January 2019 03:37 PM

සෞඛසම්පන්න බමුණුආරච්චිලාගේ පළාතේ පශු වෛද්‍යවරුන්ගේ අඩුවක් නොමැති බව නම් පැහැදිලියි. එත් ඉතින් මානසික වෛද්‍ය වරුන්ගේ ලොකු හිගයක් පවතින බව ඔබ තුමාගේ කතාවෙන් පිලිබිබු වන්නේ.

:       0       64

BamunuarachchiTuesday, 22 January 2019 12:15 AM

රොෂාන් අනන්මනං දොඩවන්න එපා පොයින්ට් එකට කතා කරන්න. මම වැරදිනම් කොතනද කියා කියන්න. ඒවගේම උපහාසයෙන් දෙන පිළිතුරු වලට පිළිතුරු දෙන්න එපා.

:       0       0

රසිකMonday, 21 January 2019 03:56 PM

මුස්ලිම් ජනතාව කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නේ නැතැයි කියා මාද කලින් සිතා සිටියා. ඒත්, මන්නාරම, පුල්මුඩේ, අම්පාර ආදී මුස්ලිම් ජනතාව වෙසෙන පළාත්වල ඇවිද්දාට පසු ඒ අදහස වැරදි බව පැහැදිලි උනා.

:       0       19

Bamunuarachchi Monday, 21 January 2019 11:54 PM

වර්ණකුලසූරිය මම සිංහල ජාතිකයෙක් අනික් ජනවාර්ගිකයෝ මගේ සහෝදර පුරවැසියන් නොවේ. සහෝදර පුරවැසියන් මේ පුංචි රටේ මහා ජාතියත් සමග එකට ජීවත් වෙනවා මිස තමන් ජීවත්වෙන්න පැමිණි රටේ කොටස් ඉල්ලන්නේ නැත. එබැවින් ඔබමට කල චෝදනා නිෂ්ප්‍රභා වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 194 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 259 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 341 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 262 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1408 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 717 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1399 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site