(අජන්ත කුමාර අගලකඩ)
කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විසඳුමක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
එහිදී කරුණු පැහැදිලි කර ඇති ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මෙය 1989 සිට ඇදී එන ප්‍රශ්නයක් බව සඳහන් කර ඇත.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර මාසයක් ඇතුළත විසඳුමක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කරන්නැයි ඉල්ලා භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ඉකුත්දා උපවාසයක්ද පැවැත්වූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කල්මුණේ උතුර උප ප්‍රා.ලේ කාර්යාලය ගැන මාසයක් ඇතුළත විසඳුමක්
Bamunuarachchi Tuesday, 25 June 2019 05:10 PM
හැබැයි ඉඩම් බලතල දෙන්න එපා.
SHARM WARNWednesday, 26 June 2019 04:16 AM
ඉඩම් බලතල දෙන්න එපා කිව්වම අකමැති වෙන්න මෙච්චර කට්ටියක් ඉන්නේ මොකද්ද යටි අරමුණ මෙයාලගේ ? පළාත් සභාවකටවත් නොදෙන ඉඩම් බලතල ප්‍රාදේශීය සභාවකට දෙන්න ? තවමත් රට කඩන්න බලාගෙන ඉන්න අය යටි හිතෙන් එක බලාගෙන ඉන්නවා කියල නෙමෙයිද මේ පෙන්වන්නේ?
BamunuarachchiWednesday, 26 June 2019 12:44 PM
පොලිස් බලතලත් දෙන්න එපා...