IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කරාපිටියේ අධිකරණ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

(සිරංගිකා ලොකුකරවිට) 


කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති කොරෝනා ආසාදිත මළ සිරුර එම ස්ථානයෙන් ඉවත්කරගන්නා තුරු පශ්චාත් මරණ පරීක්ෂණ ඇතුළු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට තීරණය කළ බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු සහ රුහුණ විශ්වවිද්‍යාල අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පවසති.

මේ හේතුවෙන් අද (23) සිට කරාපිටිය ශික්ෂණ රෝහලේ, මෘත දේහ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකෙරෙන්නේ නැත. එමෙන්ම අධිකරණ වෛද්‍යවරුන් විසින් දෛනිකව සිදුකරන,  රිය අනතුරුවලින් තුවාල ලබන රෝගීන් පරීක්ෂා කිරීම හා විවිධ අතවරයන්ට පත්වන පුද්ගලයන්ට හා බීමත් රියදුරන් සම්බන්ධයෙන් වාර්තා නිකුත් කිරීම ඇතුළු සියළුම අධිකරණ වෛද්‍ය කටයුතු නවතා දමා තිබේ.

මේ සම්බන්ධයෙන් විමසීමේ දී රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය හා නීතිඥ යූ.සී.පී.පෙරේරා පවසා සිටියේ මෙම මෘත දේහය කොරෝනා ආසාදිත මෘතදේහයක් බවට තහවුරුවීමෙන් අනතුරුව එය හැකි ඉක්මණින් ආදාහනය කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා උපදෙස් දී තිබිය දී අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් මෙම දේහය ආදාහනය කිරීම ප්‍රමාද වී ඇති බවයි.


කොරෝනා වයිරසය සක්‍රියව පවතින එම මෘත දේහය ශීතකළ කන්ටේනර්වල තැබීමට ඇතැම් පිරිස් යෝජනා කරන බවත් එය කිසිසේත්ම ප්‍රයෝගික නොවන බවත් විශේෂඥ වෛද්‍ය පෙරේරා කීවේය.

වෛද්‍යවරයා  මෙසේද කීවේය.

"මේ මළ සිරුරෙන් අපි ඊයේ (22) දිනයේ දී ත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණය අනුවත් ඒ සිරුරේ තවමත් කොරෝනා වයිරසය සක්‍රිය මට්ටමේ තිබෙනවා. එම සිරුරෙන් අපේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, හදිසි මරණ පරීක්ෂණ කර ගැනීමට දෛනිකව මෙම ඒකකයට පැමිණෙන සියලු දෙනාත් අවදානමට ලක්වෙලා තියෙනවා.

 මේ සිරුර තබාගැනීමට අපට අවශ්‍ය ශීතාගාර නැහැ. ඇතැම් ආගමික කණ්ඩායම් ශීතාගාර බාහිරින් ගෙනවිත් සවිකරන්න යෝජනා කරනවා. ඒ සඳහා අපට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ මළ සිරුර ශීතාගාරයක තැබූ විට සති දෙකකට වැඩි කාලයක් කොරෝනා වයිරසය සිරුරතුළ සක්‍රියව පැවතීමේ අවදානමක් තිබෙනවා. මේ සියලු කරුණු සලකාබැලීමෙන් පසුව කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයේ දෙනාම තීරණය කළා මේ සිරුර ඉවත්කරන තුරු සේවයෙන් වැළකී සිටීමට"
 



අදහස් (12)

කරාපිටියේ අධිකරණ වෛද්‍යවරු සේවයෙන් ඉවත්වෙති

Kamal Koyrala Wednesday, 23 December 2020 09:00 AM

කෝ මේ වියත් ආණ්ඩුව?

:       0       0

beau Wednesday, 23 December 2020 09:20 AM

සමහර නඩුකාරයින්ට නම් ඒ ගැන වැටහීමක් නැහැ. එයාලාට පුළුවන් කුඹුරට වෙලා මඩ නාන්න විතරයි.

:       0       0

sathyapala Wednesday, 23 December 2020 11:23 AM

මේ ආණ්ඩුව හත්පොලේ ගාගනිමින් සිටී. මේ විදිහට පළමු අවුරුද්දේදී ඇති වෙනතුරු අමනකම් කරගෙන ගැටුම් ඇතිකර ගත්තා කියන්නේ ඉතිරි අවුරුදු තුනේ වෙඩි තැබීම, වැඩවර්ජන විරෝධතා වලට යටවී කුජිතව ගෙදර යනවා කියන එකයි. හැම ප්‍රශ්නයක්ම උස්සලා දෙනවා අනෙත් පැත්තේ අයට ඩෑෂ් පහරක් ගහන්න පුළුවන් විදිහට. වලලනවද පුච්චනවද කියන ප්‍රශ්නය එනකොටම එක නීතියක් විතරයි කියල තදින් හිටියනම් ඉවරයි. අන්තිමට දෙපැත්තම තරහ කරගන්නවා. දැන් මහා ජාතිය තරහ කරගෙන ඒ වෙනුවට ජාතිවාදීන්ට කප්පම් දී පවතින්නට හදනවා.

:       6       12

Puppa Wednesday, 23 December 2020 11:36 AM

බොහොම හොඳ දෙයක්.... එක නීතියක් නැති රටක මෙවැනි දේවල් සිදුවීම පුදුමයට කරුණක් නොවේ...

:       0       14

Rohan Wednesday, 23 December 2020 12:01 PM

රටවල් 185 භුමදානයට ඉඩදිය හැකිනම් ජාතිවාදි නොවී ඔවුන්ගේ ඉල්ලිමට කන්දිය යුතුයි.

:       17       7

රොශාන් Wednesday, 23 December 2020 12:13 PM

කරුණාකර ජනග්‍රහන වර්ධනය පාලනය කිරීමට නීති ගේන්න.... මේ ආගම් පිස්සො තව වැඩි වුණොත් අනිත් මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි.

:       5       16

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 December 2020 12:33 PM

අධිකරණ නියෝග, වෛද්‍ය විද්‍යා නිර්දේශ පසෙකලා තම ආගමික මතයම මත සිටිනා මේ මිනිසුන් නිසා රට යළි පත්වනුයේ මහා බිහිසුණු අවධියකට බව පෙනේ. අප සිතුවේ මේ රජය නිසි අයුරින් කටයුතු කරනු ඇතැයි කියාය. ඒත්, දැන් රට යන්නේ වෙනත් පැත්තකට බව පෙනේ. වෛද්‍යවරුන්ගේ තීරණය නිවැරදිය.

:       3       17

Gamunu prince Wednesday, 23 December 2020 01:24 PM

ශ්‍රී ලංකාවට මොකද වුණේ? ලංකාවෙ ඉන්නේ නියාලු දේශපාලකයෝනේ...

:       0       14

දිලාන් Wednesday, 23 December 2020 02:29 PM

ඔබතුමන්ලාට රටේ පුරවැසියන් වන අපෙන් උපහාර...

:       0       14

චින්තක' Wednesday, 23 December 2020 02:37 PM

ඒ වුණාට අපේ "අති විශේෂඤ ප්ලැනිකල් පුතාණෝ වෙදැදුරු" තුමා නම් අර මුස්ලිම් පල්ලියේදී අභිතව ප්‍රකාශ කරේ මුස්ලිම් මරණ භූමදානය කිසි වරදක් නැතිය. ආදාහනය කිරීම තුච්ච, නිවට ක්‍රියාවක්ය කියලා...

:       2       14

Raveendra Thursday, 24 December 2020 12:01 AM

පාදෙණිය ධම්මික පැණියට යටවී නැට්ට වනමින්, බුරමින් තම හාම්පුතුන් රකින්නට වෙර දරන හැටි හරි අපූරුයි...

:       0       0

පෙරේරා Thursday, 24 December 2020 01:49 AM

තම ආත්මාර්ථකාමී බව සෑමවිටම මහජනයාට පෙන්වන ආගමික උන්මන්තකයින්ට රට පාවාදෙනවද? නැතහොත් මෘතදේහය සමඟම වෛරස විනාශ කරනවද? මේකටවත් කෙලින් තීරණයක් ගන්න බැරි නම් තවත් කුමන කතාද? භූමදානය මෙරට කතෝලිකයින්ගේ ආගමික සම්ප්‍රදාය වුවත් වෛද්‍ය තීරණයට ඔවුන් ගරුකරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 75 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 207 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 534 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 811 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 313 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 155 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site