IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සහන

 විනීතා එම් ගමගේ
 
මැයි දිනය වෙනුවෙන් වැඩ කරන ජනතාවට සහන රැසක් ලබා දීමට බලාපොරොත්තුවන බව කම්කරු වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. 
 
පෞද්ගලික අංශයට දැනට ක්‍රම දෙකකින් ලබාදෙන ප්‍රසූත නිවාඩුවේ සාප්පු හා කාර්යාල සේවක  පනතින් ආවරණය වන සේවිකාවන්ට ලැඛෙන වැඩ කරන දින 84 ක ප්‍රසුත  නිවාඩුව පඩි පාලක සභා ආඥාපනතින් ආවරණය වන සේවකයින්ටත් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය. 
 
එමෙන්ම වැඩ බිම්වල දී සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 525000 ක වන්දි මුදල රුපියල් 10,50,000 ක් දක්වා වැඩි කිරීමටත්, එම මුදල රක්ෂණ ආවරණ්‍යකින් ගෙවීම සඳහා 15 දෙනෙකුට වැඩි සේවකයින් සිටින ආයතනවල සේවක රක්ෂණය අනිවාර්ය  කිරීමටත් කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය. 
 
ළමා ශ්‍රමය තුරන් කිරීමට කටයුතු යොදන බවත් දැනට කම්කරු අමාත්‍යංශ්‍ය ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස වන අවුරුදු 14 ඉදිරියේ දී අවුරුදු 16 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කොට ඇතැයි සෙනෙවිරත්න මහතා පැවැසුවේය. 
එමෙන්ම කොන්ත්‍රාත් ක්‍රමය නැති කිරීම පි‚ස රජයට කරුණු ඉදිරිපත් කර ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කම්කරු අමාත්‍යංශයේ අද (26) පැවැති සාකච්ඡාවක දීය. සමස්ත ලංකා කම්කරු විනිශ්චය අධිකාරී නියෝජිතවරුන්ගේ සංගමය හා අමාත්‍යවරයා අතර එම සාකච්ඡාව පැවැත්වි‚.



අදහස් (8)

කම්කරු දිනය වෙනුවෙන් සේවකයන්ට සහන

rat Wednesday, 26 April 2017 01:30 PM

වාව් මාර යෝජනා ඇත්තටම කරනවානම් අපායේ යන එකක් නෑ

:       2       7

sunil Wednesday, 26 April 2017 04:24 PM

යල් පැන ඇති කාර්යාල හා සාප්පු සේවක පනත අලුත් වැඩියා කරන්න. මෑන් පවර් ආයතන මගින් සේවකයන් බඳවා ගැනීම අහෝසි කරන්න, ස්ථීර සේවයට අනියම් (කැෂුවල්) සේවකයන් බඳවාගෙන හාම්පුතුන් කරන උප්පරවැට්ටි වලට වැට බඳින්න. නිසි දිනයට සේවකයන්හට හිමි සේවක පාරිතෝෂක මුදල් ලබාදීමට නීති ගෙනෙන්න. මෙවැනි දේවල් රැසක් තිබෙනවා ඔබතුමන්ට සැලකිල්ල දක්වන්න.

:       0       17

savant Thursday, 27 April 2017 12:44 AM

ලාබෙට ගල් අරක්කු.

:       1       9

ajith Thursday, 27 April 2017 03:05 AM

අහිංසක මිනිසුන්ගේ ශ්‍රමය සූරා කන මිනිස් බල සේවා සමාගම් තව දුරටත් තිය ගන්නවද? අවුරුදු ගණනක් සේවය කරපු විදුලි බල මණ්ඩලයේ මනු කියවන්නන් නැවත සේවයට ගන්න. එම තරුණයින්ගේ අනාගතය විනාශ වෙන්න ඉඩ තබන්න එපා.

:       0       1

Ruwan R Thursday, 27 April 2017 04:10 AM

සීනි බෝල ... පුලුවන්නම් අර සුනිල් කියල තියෙන ටිකවත් කරලා පෙන්නන්න ..

:       0       6

sasi Thursday, 27 April 2017 04:16 AM

මන් මේ නොදන්නාකමට අහන්නේ. මැයි පළවෙනිදා සාමාන්‍ය පුද්ගලික කොම්පැනියක වැඩ කරන අයට නිවාඩුද?

:       1       0

sunil wijesena Thursday, 27 April 2017 06:27 AM

අපට සෑහෙන්න වන්දි ලැබෙනවා මේ ලැබිල තියෙන්නේ ඔහෙලට ඡන්දෙ දීපු වන්දිය

:       0       0

de silva Thursday, 27 April 2017 08:08 AM

අර අරක්කු මිල අඩු කරනවා කියල කියපු එක වචනෙට විතරක් සිමා කරන්න එපා , ගොඩක් කම්කරුවෝ කසිප්පු බීලම ලෙඩ වෙලා ,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 1 0

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 209 0

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 94 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 198 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1233 1

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 254 3

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 292 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site