(විනීතා එම් ගමගේ)
කම්කරු මහ ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුමේ ආරක්ෂක නිලධාරින් හතර දෙනෙකුට හා අමාත්‍යංශ රියැදුරෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් පූනානි නිරෝධායන කඳවුරට යවනු ලැබ ඇත.
එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පිහිටි ආපන ශාලාව කරගෙන යන තැනැත්තා පසුගියදා පෑලියගොඩ මාළු වෙළඳසැළට ගොස් මාළු ගෙනැවිත් ඇති බැවින් ඔහුගෙන් මෙම පිරිස වෙත රෝගය ආසාදනය වන්නට ඇතැයි සැකකෙරේ.
ආපනශාලා හිමියා පීසී ආර් පරික්ෂණයට ලක් කළ අවස්ථාවේ ඔහු ආසාදිත නැතැයි හෙළිවී ඇතත් ඔහුගේ සමීපතම තැනැත්තන් ලෙස මෙම පිරිස පරික්ෂණයට ලක්කිරීමේ දී ඔවුන් ආසාදනයට ලක්ව ඇතැයි හෙළිවී යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මේ අනුව ආසාදිතයන් ගේ සමීපතමයින් ද පීසීආර් පරික්ෂණවලට යොමු කළ බවත් මත්ස්‍ය වෙළඳපොලට ගිය බැවින් පළමුවෙන් පරික්ෂාවට ලක් කල තැනැත්තා ද යළි පරික්ෂාවට ලක්කළ බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් මේ වනවිට මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල වසා ඇති බවත් දැනට පීසීආර් පරික්ෂණ සඳහා යවා ඇති සාම්පල පිළිබඳ වාර්තා ලැබුනු පසු තවදුරටත් එම ගොඩනැගිල්ල වසා දමන්නේ ද නැද්ද යන්න ගැන තීරණ්‍යක එළැඹෙන බවද ඔහු සඳහන් කළේය.
මේ අතර වැඩ කරන ජනතාවගේ අරමුදල් ලබා ගැනීමට අයදුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ආසන්නතම ප්‍රාදේශීය කාර්යාලය අමතා වේලාවක් වෙන් කර ගෙන යන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේය.
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කම්කරු කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් 4 ක් ඇතුළු 5 කට කොරෝනා
banda Thursday, 29 October 2020 09:15 AM
ඔය තැනින් තැන එක දෙක හමු වුනාට තාම රෝගය සමජගතවෙලා නැහැ.