(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණ වෛද්‍යවරයකුගේ දියණිය සහ බිරිඳ පැහැරගෙන රුපියල් කෝටි 10ක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අද (22) අතඅඩංගුවට ගත් බව දොඩංගොඩ පොලිසිය කියයි.
අත්අංඩගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර දේවාලයක කපුවෙකු ද සිටින බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ බෝම්බ සෑදීමට යොදාගන්නා වෙඩි බෙහෙත්, සේවා නූල් සහ යකඩ බෝල විශාල ප්‍රමාණයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
සිද්ධියට සම්බන්ධ කපුවාගේ පුතා සහ වෛද්‍යවරයාගේ දියණිය මීට වසර දෙකකට පමණ පෙර කලුතර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා තිබේ.
විදුහලේ පැවැති සහතික පත් ප්‍රදානයකදී වෛද්‍යවරයාගේ දියණිය අංශ කිහිපයක් යටතේ සහතිකපත්‍ර රැසක් දිනා ගැනීම සහ කපුවාගේ දරුවා දක්ෂයකු වුවද ඔහුට පාසලෙන් කිසිම ඇගයීමක් ලබානොදීම හේතුවෙන් අමනාප වූ ඔහු මෙය සැළසුම් කළ බව පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.
සැලසුම පිළිබඳව දොඩංගොඩ පොලිසියට ලැබූණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැළසුම ව්‍යර්ත වුවහොත් බෝම්බක් පුපුරුවා බිරිද සහ දියණිය ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත.ප්‍රධාන සැකකරු වන කපු මහතාගේ දුරකතය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලඇදුමින් සැරසුණු ඡායාරූප තිබී සොයාගෙන ඇත.
සැකකරුවන් දෙදෙනාගෙන් පැය 48ක් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරන බවද පොලිසිය කියයි.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කපුවාත් බෝම්බයේ පිහිට සොයයි
Mahee Sunday, 22 September 2019 01:05 PM
දෙවියන් අමනාප වෙයි කියලද කොහෙද? මොන දේවාලයේ කපු මහත්තයද කියලා දාලා නැහැ. ඒ හින්දා අපි පොදුවේ හිතට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි දෙවියෝ කුණුවෙච්ච පලතුරු ගිලින්නේ නැති හින්දා පූජා වට්ටිවලින් කපු මහතුන් පෝසත් නොකරන්නත්, දෙවියන්ට අවශ්‍ය කුණු පලතුරු හෝ පඬුරු නොව පින් පමණක් ම වන හෙයින් බුදුන් වැඳීමෙන් පසු දෙවියන්ට පින්දීම හොඳටම ප්‍රමාණවත් බවත්ය. දෙවියන් පින් ලැබීමෙන් සතුටට පත් වී තමන්ට පින් දුන් නරයින්ට උදවු කරනවා වගේම කුණු පලතුරු වට්ටි වලින් තමන්ට අපහාස කළ නරයින්ට දඬුවම් දෙන්නත් ඉඩ තියෙනවා කියන එකත් මේ පුවතින් අපට ඉගෙන ගත හැකි පාඩමයි.
upali Sunday, 22 September 2019 04:05 PM
කපුවා කපෝති...
lalithm Monday, 23 September 2019 03:19 AM
දේවල ගානේ යන අය මේ 21 සියවසේත් ඉන්න එක ගැන දුකයි.
sharm warn Monday, 23 September 2019 04:49 AM
මොන තරම් පහත් අදහස් තියෙන මිනිස්සුද ?? පාසලෙන් ගන්න කුසලතා සහතික වලින් අනාගතයක් තීරණය වෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න තරම් මේ අයට බුද්ධියක් නැති වෙද්දී කොහොමද කපු කම් කරන්නේ ? මෙහෙම මිනිහෙකුගෙන් දෙවියන්ගේ උදව් ගන්න යන මිනිස්සුන්ට මේක හොද පාඩමක් ...
lankasriMonday, 23 September 2019 06:53 AM
බුද්ධියක් නැති නිසා නේන්නම් කපුවෙක් වෙලා තියෙන්නේ... මෝඩයින් අන්දවලා බඩ වඩා ගන්න.
දිමුත් Monday, 23 September 2019 05:51 AM
මේ වගේ අයට සදහටම සිර දඩුවම් දෙන්න ඕනේ.
පිටිගල මිලානෝ Monday, 23 September 2019 07:29 AM
කපුවා කපෝති...